ඉදිරි දිගහැරුම XC | Ice Age: Collision Course (2016) හිම යුගය පස්වන වරටත්! | Update | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ | Update

අතිශය ජනප්‍රිය අයිස් ඒජ් කතාමාලාවේ නවතම අදියර ලෙස එහි පස්වන සිනමාපටය ලබන වසරේ සිනමාවට ගෙන ඒමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා. එය නමින් Ice Age: Collision Course.

දැනට පවතින තොරතුරු අනුව මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුක්ත වනබව දැක්වෙනවා.  Animation|Adventure|Comedy යන කාණ්ඩ වලට අයත් මෙහි නිෂ්පාදනය සුපුරුදු පරිදි Blue Sky Studios සහ Twentieth Century Fox Animation සිදුකරනු ලබනවා.

අධ්‍යක්ෂණය Mike Thurmeier සහ Galen T. Chu විසින් සිදුකරනු ලබන අතර රචනය Michael J. Wilson විසින් සිදුකරනු ලබනවා. පෙර මෙන්ම  John Leguizamo, Denis Leary, Queen Latifah ඇතුළු සුපුරුදු කණ්ඩායම හඬකැවීමෙන් දායක වනවා.

තවමත් මෙවර කතාව කුමක්ද යන්න ඉදිරිපත් කර නැත. 4 වන කතාව අවසන් වූයේ අයිස් යුගයේ නිමාව ඇරඹීම සමගින් පෘතුවිය මහද්වීප වලට වෙන් වීම ආරම්භ වීමෙන්ය. මෙවර කතාව එම නව යුගයේ ආරම්භය සමඟ ගල යනු ඇත.

බලාපොරොත්තු වූ පරිදි රියෝ 02 සාර්ථක නොවීම බ්ලූ ස්කයි කණ්ඩායම නැවත අයිස් ඒජ් කරා යොමුකිරීමට හේතුවක් වී ඇති බව පෙනේ. පෙර නිර්මාණ හතරක සාර්ථකත්වය සමඟින් මෙවරද ඔවුන් සාර්ථක වනු ඇති බවට නොඅනුමානය.

තිරගතවන දිනය – 2016 ජූලි 22 

schindlers_list_u_red_dress


 

Update

මෙවර කතාව මෙසේය. සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන වෙනස්කම් නිසා (පිච් ගෙඩියක් නිසා 😉 ) පෘතුවියේ අයිස් යුගය අවධානමට ලක්වෙමින් පවතිනවා. සීඩ්, මැනී, ඩියාගෝ ඇතුළු අයිස් යුගයේ සත්වයන් හට මේ නිසා තම වාසස්ථාන අතහැර ජීවත් වීමට සුදුසු නව දේශයක් සොයා යෑමට මෙන්ම සිදුවන දේශගුණික\පාරිසරික වෙනස්කම් වලට මුහුණදෙමින් ජීවිතය ගෙන යාමට සිදුවනවා. ඒ යන ගමන හාස්‍ය මෙන්ම වික්‍රමයන් කැටි වූ අපූරු ගමනක්. එමෙන්ම හමුවන නව චරිත සමඟ කටයුතු කිරීමටද මොවුන්ට සිදු වනවා.IDR_1920_BG-500x250

හඬ දායකත්වයෙන් Jennifer LopezQueen LatifahJohn LeguizamoDenis LearyRay Romano වැන්නවුන් දායක වී තිබෙනවා.

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

4 thoughts on “ඉදිරි දිගහැරුම XC | Ice Age: Collision Course (2016) හිම යුගය පස්වන වරටත්! | Update | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ | Update

  • December 18, 2015 at 8:29 AM
    Permalink

    My wish came true… 😉 😉 😉

  • August 22, 2015 at 4:12 PM
    Permalink

    බොහෝම ස්තූතියි පෝස්ට් එකට

  • August 22, 2015 at 1:39 PM
    Permalink

    මේක එනකං ඇඟිලි ගණිනව….
    ලිපියට තෑන්ක්ස් තිසර සහෝ….
    ජය…….

  • August 22, 2015 at 12:37 PM
    Permalink

    ela kiri machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!