ඉදිරි දිගහැරුම LXXXIII | Kung Fu Panda 3
Kung Fu Panda 3 නේද? අපි හැමෝම ආසාවෙන් බඩ පැලෙනකම් හිනා වෙවී බලපු ලස්සන කාටූන් මාලාවක තුන්වැන්න.මේක පිළිබඳ ලිපියක් මීට කලින් තිසර නියෝ සහෝ දාලා තිබුණා.ඒකත් අනිවාරෙන් බලන්න.දැන් මීට සති දෙකකට විතර කලින් මේකෙ පළමුවන නිල පූර්ව ප්රචාරක පටය නිකුත් වුණා.Kung Fu Panda 3 චිත්‍රපටය නිකුත් වෙන්න තියෙන්නෙ 2016 ජනවාරි මාසයේදී.
කතාව ගැන කෙටියෙන් කියනවනම් මෙහෙමයි.Kung Fu Panda 2 එකේදි අවසානයේ පෙන්නනවා ඈත පළාතක පැන්ඩලාගේ සැඟවුණු පාරාදීසයක්. ඒ පැන්ඩලාගේ නායකයා කියල හිතන්න පුළුවන් කෙනෙක් කියනව ‘මගේ පුතා තවමත් ජීවතුන් අතරද?’ කියලා.ඒ අපේ කුංෆු කාරයගෙ තාත්තා වෙන්න ඕන.මේ කතාවෙදි වෙන්නෙ ඒ තාත්තා තමන්ගෙ පැන්ඩා පුතාව හොයාගෙන එන ගමන. දෙන්නා හම්බවුණාම කොහොමට තියෙයිද?
හාස්‍යය මෙන්ම සුන්දරත්වයද පිරුණු මේ සුපිරි ලස්සන කාටූනයත් අනිවාරෙන්ම බයිස්කෝප් අඩවියෙන් ඔබ වෙත ගෙන ඒවි….
මේ දවස්වල වැඩ අධික නිසා උපසිරැසියක් කරන්නත් බැරිවුණා.නිවාඩු මාසෙත් ළඟ ළඟම එන නිසා එතකොට පුළුවන් වෙයි..,එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු, එතෙක් ඔබ සැමටම ජය පතමි…!~
ඔබටත් ස්තූතියි..!
නියමයි නියමයි සහෝ .
බලමු කතාව මොන වගේ එකක් වෙයිද කියලා.
දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි !!!
ජයෙන් ජයම වේවා !!!!
Thanks for your Comment….!
බොහෝම ස්තූතියි…!
thnx brooooooo
ස්තූතියි සහෝ අලුත්ම විස්තර ගෙනාවට…ජයවේවා…දිගටම ලිපි සපයන්න…