ඉදිරි දිගහැරුම LXXXVII | Maze Runner: Scorch Trials – ධාවකයා නැවතත් (Update)

අතිශය සාර්ථක වූ The Maze Runner (2014) හි දෙවන කොටස ලෙස James Dashner ගේම The Scorch Trials ග්‍රන්ථය ඇසුරින් Maze Runner: Scorch Trials මේ වසරේදී තිරගත කිරීමට මේ වන විට සූදානම්ව පවතිනවා.

24773

James Dashner අතින් 2009 ලොවට තිලිණ වුන The Maze Runner නමින්ම තියන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පාදක කරගෙන තමයි මේ සිනමා පටය නිර්මාණය වෙලා තියෙන්නේ. පොත නම් අලෙවි වාර්තා තිබ්බ අතිශය සාර්ථක එකක් ඉතින් සිනමා පටය කොහොම වෙන්න ඇති ද? වියදම ඩොලර් මිලියන 34 ආදායම මිලියන 334 කට ආසන්නයි තවමත් තිරගත වෙලා ඉවර නැහැ ලෝකය පුරාවට. මුල් සතියේ පළමු තැන රැදෙමින් උපයාගත්ත ආදායම මිලියන 32 ඉක්මවා යනවා. IMDB දර්ශකයට අනුව ලබාගත අගය 7.3 යි, Rotten Tomatoes 63 % ක ප්‍රේක්ෂක / විචාරක පැසසුමක් දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් පාලා තියනවා… Wes Ball ගේ පළමු ප්‍රදාන පෙලේ චිත්‍රපටය වෙන්නේ මේක. රංගනයෙන් දායක වෙන පිරිස ගැන කියනවා නම් ප්‍රධානියා දන්නා හදුනන කෙනෙක්, නමින් Dylan O’Brien වෙන මෙයා තමයි අපි ඔබ වෙත අරගෙන එන Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ…. (ඒ ගැන වැඩි දෙයක් කියන්න මම දන්නේ නැහැ ඉතින් ඒක බලනෙන් නැති නිසාවෙන්). ඔහුට අමතරව Aml Ameen, Ki Hong Lee, Blake Cooper වගේම සුරුපිනිය ලෙස Kaya Scodelario එකතු වෙනවා මේ වතාවේ ඇයට ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ නමුත් දැනට පොත් 4 ඇවිත් තියන එකේ ඊලග ඒවායේ ඇය තමුන්ට හිමි තැනට එයි…

කතාව දැන් කියන්නම්, තෝමස් එක්වරම අවදි වෙනවා කළමනා පිරුන සෝපානයක… කිසිම මතකයක් නැතුව…ඒ මොහොම වෙනකොට ඔහුගේ නමවත් මතක නැහැ ඔහුට… සෝපානයේ දොර විවර වෙනවා… ඔහු වගේම නව යොවුන් වියේ කොලු රැලක් හිනා වේවි බලා ඉන්නවා… මේ තමයි වංකගිරිය මැද තියන පිටිය. මාසෙකට වතාවක් මේ වගේ අලුත් කෙනෙක් හා කෑම බිම ටිකක් මොවුන්ට සෝපානයෙන් ලැබෙනවා… ගැලවෙන්න මගක් නැහැ.. වංකගිරිය එසේ මෙසේ එකක් නෙමෙයි රාත්‍රියේ වෙනස් වෙන තැනක්… ග්‍රිවර් නම් මකුළුවෙක් වැනි සතුන් දඩයමේ යෙදෙන තැනක් නිසා එමගින් මේ කොලු රැළට ගැලවිමකුත් නැහැ… ඉතින් මේ අලුතෙන් එන අමුතු විදිහට හිතන කොලුවා මොකක් කරයි ද? මොවුන්ට මේකේ ගැලවෙන්න හැකි වෙයි ද? ඇත්තම මොකද්ද මේ තැන ? ඇයි මොවුන්ට මෙහෙම කරලා තියෙන්නේ ?

මේ විදියට තමයි සමීර කරුණාරත්න සහෝදරයා එයාගේ ලිපියේදී පලවෙනි සිනමාපටය ගැන කියල තිබුනේ.

how-the-maze-runner-should-have-ended

දෙවන අදියරේදී Wes Ball අධ්‍යක්ෂනයත් T.S. Nowlin විසින් තිර රචනයත් සිදු කරනු ලබනවා.  Nathalie Emmanuel, Thomas Brodie-Sangster,Katherine McNamara ඇතුළු පිරිස මෙවරත් රංගනයෙන් දායක වෙනවා. බෙදාහැරීම 20th Century Fox විසින් සිදු කරනු ලබනවා.

maze-runner-sequel-the-scorch-trials

මේ වන විට පසු නිෂ්පාදන අදියරේ පවතින මෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා.

the_maze_runner_2sht_campb_11_sept_new

තිරගතවන දිනය – 2015 සැප්තැම්බර් 18

The-Maze-Runner-The-Scorch-Trials-Movie (2)(update)

මෙන්න මේ සිනමාපටයේ දෙවන පූර්ව ප්‍රචාරක පටය

තිසර නියෝ (414 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 414 posts and counting. See all posts by තිසර නියෝ

2 thoughts on “ඉදිරි දිගහැරුම LXXXVII | Maze Runner: Scorch Trials – ධාවකයා නැවතත් (Update)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *