සිනමාවේ ගීත ලොවින් 20 – Khuda Jaane (Bachna Ae Haseeno)

ඔන්න මේ සැරේ ලස්සනම ලස්සන සින්දුවක් අරගෙන තමා මංසල වෙත මම ගොඩ වදින්නේ.මේ සිංදුව තියෙන්නේ Bachna Ae Haseeno(2008) චිත්‍රපටියේ.

ඒ දවස් වල නිතර දෙවේලේ කණට ඇහුන සිංදුවක් තමා මේක.

ඉතින් ඊයේ පෙරේදා දවසක මගේ කණට වැදුන නිසා මට හිතුනා උපසිරසි සමගින් ඔයාලට අරගෙන එන්න.

ගීතය ගායනා කරන්නේ  ක්‍රිෂ්ණකුමාර් කුමාත් නොහොත් KK සහ ශිල්පා රාවෝ විසින්.

මේ ගීතය රචනා කරලා තියෙන්නේ  අන්විතා දත් ගුප්තාන් විසින්.

ඊට අමතරව මේ ගීතය 2009 ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම ගායකයාට සහ ගායිකාවට හිමිවන සම්මාන සඳහා යෝජනා වී තිබෙනවා

ඒ වගේම අයිෆා උලෙලේද එම සම්මාන දෙක සහ හොඳම ගීත රචනය යන සම්මාන සඳහා නාම යෝජනා වී තිබෙනවා.

ගීතයේ රංගනයේ නිරත වෙන්නේ දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර් බව කවුරුත් දන්නවා ඇති නේ.

ඉතින් කාගේත් මතකයේ රැඳුන ලස්සනම ලස්සන දර්ශන තල වලින් යුතු මේ සිංදුව ආයෙත් සැරයක් ඔයාලා දන්න භාෂාවෙන් බලමු කියන ගමන් මම ඔබෙන් සමුගන්නවා. ජය..!!

තාරක නුවන් දිල්හාර (104 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!