MCU Phase 3 – Possible Movie Plots Part 01

මේ ලිපිය තුලින් කතා කරන්නේ අල්ට්‍රෝන් ෆිල්ම් එකට පස්සේ MCU එක ගැන. ෆිල්ම් එකේ සිද්ද වෙන දේවල් ගැන Spoilers මේක ඇතුලේ කතා කරන්නේ නෑ. හැබයි ෆිල්ම් එක අවසානයේ දී MCU එකේ තත්ත්වය ගැන තොරතුරු කතා කරන හින්දා ෆිල්ම් එක බලපු නැති අය පරිස්සමින්. වඩා හොදයි කියවන්නේ නැතිව හිටියා නම්. ඒ වගේම මේ ලිපියෙන් අනාගත ෆිල්ම් වල වෙන්න පුළුවන් දේවල් කතා කරනවා. ඒකේ දෙපැත්තක් තියනවා. මේ විදිහට සිද්ද නොවී වෙන සිදුවීමක් වෙන්නත් පුළුවන්. මේ දක්වා අපි දන්න කියන කරුණු වලින් කතා කරන හින්දා ඒ අවධානම අපිට ගන්න වෙනවා. ඒ වගේම මේ කතා කරන දෙයක් ෆිල්ම් එකේ ඒ විදිහටම සිද්ද උනොත් ඒක Spoiler එකක් වෙන්නත් පුළුවන්. ඒ සේරම මතක තියාගෙන අපි මෙතනින් ඉස්සරහට යමු.
මේ ලිපියට අදාළ ඒත් අල්ට්‍රෝන් ෆිල්ම් එකේ Spoiler එකක් කියලා හිතෙන ඒවා අපේ A2:AoU Spoilers කතා කරන්න පුළුවන්.
https://www.facebook.com/groups/931646030213034/

1. July 17th, 2015: Ant-Man

ඇත්තටම මේ ෆිල්ම් එක Phase 3 වල පලවෙනි එක කියලා කලින් සඳහන් උනාට පස්සේ මේ ෆිල්ම් එක Phase 2 වල අවසාන ෆිල්ම් එක විදිහට වෙනස් කළා. මේ ෆිල්ම් එක ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. අපි මේකේ ට්‍රේලර් බ්‍රේක් ඩවුන් එකේ දී ගොඩක් විස්තර කතා කළා. ඒ ලිපි බැලුවා නම් මේ ගැන වැඩි විස්තරයක් ගන්න පුළුවන්.

https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1582196292063377/?type=1&permPage=1

මේ ෆිල්ම් එකෙන් අපිට ස්කොට් ලෑන්ග් ඈන්ට් මෑන් විදිහට හදුන්වා දීමක් කරනවා. සිද්ද වෙන්න තියන හැකියාව අඩු උනත් “හෝප්” ෆිල්ම් එක අවසානයට Wasp බවට පත් කිරීමේ හැකියාවක් තියෙන්නත් පුළුවන්. මොකද මාවල් ලට උවමනා කරනවා පුළුවන් තරම් සුපිරි වීරයන් පිරිසක් එකතු කර ගන්න. ඒ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඊලඟට නිකුත් වෙන්න තියෙන්නේ මේ ෆිල්ම් එක උනාට MCU එකේ දැවැන්තම ෆිල්ම් දෙකක් අතරට කොටු වෙලා තියන හින්ද මේ ෆිල්ම් එක ගොඩක් අයගේ අවධානය අඩුවෙන් යොමුවෙන්න තියන ඉඩකඩ වැඩියි. හැබයි දැනට පවතින ආරංචි හැටියට ෆිල්ම් එකක් විදිහට මේ ෆිල්ම් එක ගොඩක් ඉස්සරහින් තියනවා කියලා තමයි කතාව යන්නේ.

2. May 6th, 2016: Captain America: Civil War

අල්ට්‍රෝන් ෆිල්ම් එකෙන් පස්සේ ගොඩක් අයගේ අවධානය යොමු උනේ ඈන්ට් මෑන් ෆිල්ම් එකටත් වඩා සිවිල් වෝර් ෆිල්ම් එකට. ඒකට හේතු උනේ කොමික් ලෝකයේ ලොකු පෙරලියක් අතු කරපු කතා මාලවක් මේකට පාදක වෙලා තියන එක. (අපි ඉස්සරට සිවිල් වෝර් කොමික් කතාව කොටස් වශයෙන් ගේන්න අදහස් කරගෙන ඉන්නවා). මුලින්ම මේ ෆිල්ම් එකේ Robert Downey Jr. සුළු චරිතයකට හිටියත් ඔහුගේ බල කිරීම මත විශාල චරිතයක් වෙන් කරන්න සිද්ද උනා. ඒ හින්දා තමයි කැප් සහ ටෝනි දෙන්නාම ප්‍රධාන බලකණු විදිහට ඉන්න සිවිල් වෝර් කතා මාලාව තෝරා ගන්න සිද්ද උනේ.

හැබයි සිවිල් වෝර් කතා මාලාව තෝරා ගත්තාට මාවල් ලා මුහුණ දීපු ලොකුම ගැටලුව උනේ ප්‍රමාණවත් තරම් සුපිරි වීරයෝ හොයා ගන්න බැරි එක. මොකද කොමික් කතාවේ දී හල්ක් හැරුණාම එක්ස් මෙන්, ෆැන්ටාස්ටික් ෆොර් ඇතුළු සියලුම චරිත සිවිල් වෝර් කතාවේ දකින්න පුළුවන් උනාට MCU එකට යොදා ගන්න අවසර නෑ. ටිකක් හරි වාසි දායක තත්ත්වයකට තියෙන්නේ ස්පයිඩර් මෑන් මාවල් ලට භාවිතා කරන්න සෝනි සමාගම අවසර දීපු එක. සිවිල් වෝර් එකේ දී තීරණාත්මක සාධකය වෙන ස්පයිඩර් මෑන් නැති හින්දා මේ අවස්තාව බ්ලැක් පැන්තර් ට ලබා දෙන්න තමයි කලින් තීරණය කරලා තිබ්බේ. ඒත් දැන් ස්පයිඩර් මෑන් ඉන්න හින්දා සහනයක් තිබ්බත් අපිට කොමික් කතාවේ දී තරම් වාසියක් ගන්න බෑ. මොකද සිවිල් වෝර් එකේ දී සිද්ද වුණු (අදටත් කොමික් ඉතිහාසයේ සිද්ද නොවිය යුතුම දෙයක් විදිහට සලකන) ස්පයිඩර් මෑන් ගේ සැබෑ අනන්‍යතාවය හෙළි කිරීම ෆිල්ම් එකේ දී එච්චර සාර්ථකව යොදා ගන්න අමාරුයි. මොකද සිවිල් වෝර් එක සිද්ද වෙනකොට MCU එකේ ස්පයිඩර් මෑන් කෙනෙක් ගැන කතා කරලා නැති හින්දා. ෆිල්ම් එකේ දී හදුන්වා දීලා ඒ සිද්දිය ගේන්න හැදුවත් ඒක එතරම් ප්‍රභල වෙයිද කියලා කියන්න බෑ. මේ සම්බන්ධයෙන් පෙරළිකාර මත කිහිපයක්ම තියනවා. පුළුවන්. එකක් තමයි දැනට MCU එකේ ඉන්න රහස් අනන්‍යතාවයක් තියන එකම කෙනා ඩෙයාඩෙවිල් (මොකද මේ වෙද්දී ඇවෙන්ජර්ස් ලාගේ හැම විස්තරයක් ම ශිල්ඩ් එක හරහා ලෝක නායකයෝ දන්නවා නේ). අනික Charlie Cox මේ වෙනකොට මාවල් සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. ඉතින් ස්පයිඩර් මෑන් වෙනුවට ඩෙයාඩෙවිල් ගේ අනන්‍යතාවය හෙළි කෙරුවොත් ඇත්තටම ඒක නම් සැලකිය යුතු සිද්දියක් වෙයි.

හැබයි මේ සිදුවීම සිදු නොවෙන්න තියන ඉඩකඩ වැඩියි. මොකද මේ දක්වා ඩෙයාඩෙවිල් සම්බන්දයෙන් පමණයි මේ රහස් අනන්‍යතාවය තියෙන්නේ. ඒ හින්දා කොමික් කතා මාලාවේ දී වගේ costumed vigilante ක්‍රියාවක් හින්දා සිවිල් වෝර් එකක් සිද්ද වෙනවා කියන්නේ විහිළුවක්. ඒ වෙනුවට පාලනය කල නොහැකි සිදුවීම් වලක්වා ගැනීම වෙනුවෙන් Super Human Registration Act (SHRA) ක්‍රියාත්මක වෙන්න ඉඩ කඩ වැඩියි. මේකට අවශ්‍ය පදනම අල්ට්‍රෝන් ෆිල්ම් එකේ දී තරමක් දුරට වැටුනා. (ඒ මොකක්ද කියලා කියන්නේ නෑ. අපේ යාළුවන් ගෙනුත් ඉල්ලනවා කොමෙන්ට් කරද්දී ත් ඒ විදිය අනුගමනය කරන්න කියලා). මේකේ අරමුණ සියලුම සුපිරිබලයන් තියන අය ලියා පදිංචි විය යුතුයි කියන නීතිය ගේන එක. දැනට ශිල්ඩ් කතා මාලවේ ක්‍රියාත්මක වන Index එකේ වැඩි දියුණුවක් වෙන්න ඉඩ තියනවා. මෙතන දී SHRA එක ගේන ටෝනි ස්ටාක් ප්‍රධාන පාර්ශවය (Pro-Registration) ඊට විරුද්ධ වෙන කැප් ගේ පාර්ශවය (Anti-Registration) අතර ගැටුමේ දී කට්ටිය බෙදෙන ආකාරය ගැන ගැටලුවක් තියනවා. කොමික් කතාවේ දී වගේ විශාල චරිත ප්‍රමාණයක් නැති හින්දා ඉන්න සීමිත චරිත ප්‍රමානය තමයි දෙපැත්තට බෙදෙන්න ඉඩ තියෙන්නේ. අපිට අනුමාන කිරීමක් විදිහට කණ්ඩායම මේ විදිහට බෙදන්න පුළුවන්

Pro-Registration

• Iron Man (මීට අමතරව ටෝනි ගේ ආමර් දකින්නත් පුළුවන් වෙයි. කොමික් කතාවේ විදිහටම තෝර් ගේ ක්ලෝන් එකත් තියෙන්න පුළුවන්)
• War Machine
• The Vision (මේ පැහැදිලි කිරීම කරන්න බෑ අල්ට්‍රෝන් ෆිල්ම් එකේ Spoilers කතා කරන්නේ නැතුව. අපේ A2:AoU Spoilers ගෘප් එකේ දී මේ ගැන කතා කරමු.
• Ant-Man ( ගොඩක් වෙලාවට ජයන්ට් මෑන් විදිහට එන්නත් ඉඩ තියනවා. සමහරක් විට Wasp එන්නත් පුළුවන්)
• General Thaddeus ‘Thunderbolt’ Ross (මෙතනින් අදහස් කරන්නේ රජයේ හමුදාව ම තමයි)

Anti-Registration

• Captain America
• Black Widow
• Hawkeye
• Scarlet Witch
• Falcon
• The Winter Soldier

Special Characters

• Spider Man (තීරනාත්මක සාධකය විදිහට යොදා ගත්තේ නැති නම් ස්පයිඩර් මෑන් මොන පැත්තේ ඉදිද කියන්න බෑ. ස්පයිඩර් මෑන් ගේ ෆිල්ම් එකක් එන හින්දා එයාගේ රහස් අනන්‍යතාවය දිගටම තියා ගන්නවා නම් කැප් ගේ පැත්තට එකතු වෙයි. කලින් කියපු තීරණාත්මක සාධකය ගැන තවත් මතයක් තමයි [දැනට ඇවිත් තියන පිස්සුම මතය] තමයි Martin Freeman ස්පයිඩර් මෑන් ගේ වැඩිහිටි චරිතය නිරුපනය කරලා 2017 දී නිකුත් වෙන Spider-Man කතාව බැක් ස්ටෝරි එකක් විදිහට ගෙනෙයි කියලා. එහෙම උනොත් ස්පයිඩර් මෑන් කියන්නේ තීරනාත්මක චරිතයක් වෙනවා කොමික් කතාවේ විදිහටම)
• Daredevil (කලින් කියපු විදිහට ස්පයිඩර් මෑන් වෙනුවට ඩෙයාඩෙවිල් ගේ අනන්‍යතාවය හෙළි කෙරුවොත් තීරණාත්මක චරිතය වෙන්නේ ඩෙයාඩෙවිල්. එහෙම නැතිනම් ගොඩක් වෙලාවට කැප් ගේ පැත්තට එකතු වෙන්න ඉඩ තියනවා)
• Black Panther ( ගොඩක් වේලාවට මැදිහත් චරිතයක් වෙන්න ඉඩ තියනවා)
සමහරක් විට මේ චරිත 3 ම කැමියෝ විදිහට ඉන්නත් බැරි නෑ

• Sharon Carter (මෙයා ශිල්ඩ් එකේ නිලධාරිනියක්. ශිල්ඩ් එක ගැන වෙනම කතා කරමු. ඒත් කැප්ටන් ඇමරිකා සහ sharon carter අතර කොමික් ලෝකේ සම්බන්ධය හින්දා මෙයා කැප් ගේ පැත්තට වැඩ කරන්න පුළුවන්
• Baron Zemo සහ Crossbones (මේ දෙන්නා සිවිල් වෝර් එක ආරම්භ කරන්න හේතු වෙන ක්‍රියාව කරන අය වෙන්න ඉඩ තියනවා. ඒත් මෙතන Crossbones ගේ නමත් එක්ක සිවිල් වෝර් කතා මාලාවේ ලොකු සිද්දියක් තියනවා. දැනට ඒ ගැන කතා නොකර ඉමු. මොකද බොරුවට දැන්ම ඉදන් අවුල් ගහන්නේ)
• Nick Fury (සිවිල් වෝර් එකේ දී ශිල්ඩ් එකේ ප්‍රධානියා නික් ෆියුරි නෙවේ කොමික් වලට අනුව නම්. ඒ වෙද්දී ප්‍රධානියා වෙලා හිටපු මාරියා හිල් ටෝනි ට ඒ වගකීම දෙනවා. ඒ කතාව ෆිල්ම් එකට සම්බන්ධ කලොත් නික් ෆියුරි ගොඩක් වෙලාවට කැප් ගේ පැත්තට සහයෝගය දෙන්න ඉඩ තියනවා)

Not Presented In Movie

• Thor (අපිට තෝර් දැක ගන්න හම්බෙන්නේ නැතිවෙයි. ගොඩක් වෙලාවට තෝර් 3 ෆිල්ම් එක සිවිල් වෝර් එකට සමගාමිව යන්න ඉඩ තියනවා. ඒ කියන්නේ තෝර් මිඩ්ගාඩ් වල නෑ.
• Hulk (කොමික් වල සිවිල් වෝර් කතාව සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් වුණු හොදම හේතුව උනේ හල්ක් පෘථිවියෙන් පිටමන් කරපු එක. මොකද හල්ක් හිටියා නම් සිවිල් වෝර් එක ගොඩක් දුරට පවතින්නේ නෑ. සිවිල් වෝර් ෆිල්ම් එක නිකුත් වෙනවා කියලා දැන ගත්තට පස්සේ මට තිබ්බ ලොකුම ගැටලුව තමයි හල්ක් ට මොකද කරන්නේ කියන කාරණය. හැබයි අල්ට්‍රෝන් ෆිල්ම් එකෙන් ඒකට විසදුමක් දුන්නා (ඒ මොකක්ද ද කියලා කියන්නේ නෑ, ෆිල්ම් එක බලන්න)

S.H.I.E.L.D.

පැහදිලිවම ශිල්ඩ් එක ලොකු වැඩක් කරනවා සිවිල් වෝර් කතා මාලාව ඇතුලෙත්. මට හිතෙන විදිහට නම් හැම සැරේම උනා වගේ සිවිල් වෝර් එකට පදනම ශිල්ඩ් එක ඇතුලෙන් වැටෙයි. නික් ෆියුරි, මාරියා හිල් වගේ අය ෆිල්ම් එකේ ඉන්න කොට කෝල්සන් ඇතුළු කණ්ඩායම ශිල්ඩ් එකේ ඇතුලේ වෙන දේවල් වලට සම්බන්ධ වෙයි. හැබයි කොමික් කතාවේ විදිහට ටෝනි ශිල්ඩ් එකේ නායකයා උනොත් මේ තත්ත්වය වෙනස් වෙයි (ගොඩක් දුරට MCU එකට යොදා ගන්න තියන ඉඩකඩ අඩුයි). හැබයි මේ ගැන අපිට දැන්ම කතා කරන්න බෑ. මොකද ශිල්ඩ් එක ඇතුලේ කතාව ගොඩක් පැති වලට ගලාගෙන යන්න ඉඩ තියනවා. අඩු තරමේ ශිල්ඩ් දෙවෙනි සීසන් එක ඉවර වෙනකල් වත් ඉන්න වෙනවා පොඩි අදහසක් ගන්න.

අපි අද කතා කෙරුවේ ෆිල්ම් දෙකක් ගැන විතරයි. එතනින් වැඩි අවධානයක් දුන්නේ සිවිල් වෝර් ෆිල්ම් එකට. ඒකට හේතුව Choose a Side කියලා මාවල් ගෙනියන ප්‍රචාරක ව්‍යාපරය. අපි අනිත් ෆිල්ම් ගැනත් මේ විදිහට ඉස්සරහට කතා කරමු.
#Amadeus_chO

10462785_1591793721103634_9123129451138123718_n

 

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!