Marvel’s Agents of S.H.I.E.L.D. characters – o5 | Leopold “Leo” Fitz

Agents of S.H.I.E.L.D. කථාමාලාවේ ප්‍රධාන තාක්ෂණවේදීන් දෙදෙනාගෙන් එක අයෙක් තමයි Leopold Fitz කියන්නේ. කොටින්ම කිව්වොත් Fitz කියන්නේ ඉන්ජිනේරුවෙක්. අවි ආයුධ සම්බන්ධව, rocket science සම්බන්ධව, නව තාක්ෂණය සම්බන්ධව විශිෂ්ඨ ලෙස දන්නා කෙනෙක් හැටියටයි Fitzව හැඳින්වෙන්නේ. කථාමාලාවේදී ඔහුගේ ළමාකාලය ගැන වැඩි සඳහනක් දැනට පැවසෙන්නේ නැහැ. ඒත් Fitz ස්කොට්ලන්ත ජාතිකයෙකු බව සහ දැනට ඔහුගේ පවුලේ අය ලෙසට පැවසෙන්නේ ඔහුගේ මව ගැන පමණයි. Fitzගේ IQ level එක සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි නිසාම 2004 වසරේදී ඔහු තමන්ගේ හොඳම යෙහෙළිය වන Jemma Simmonsසමඟ S.H.I.E.L.D. training academy එකට ඇතුළත්වනවා. අවම වශයෙන් Fitzගේ IQ level එක 170ක්වත් වන බවටයි සඳහන් වෙන්නේ. සාමාන්‍ය පුදගලයෙකුගේ IQ level එක 70-130ත් අතර වනවා. ඒකෙන්ම තේරෙනවානේ Fitz කොච්චර බුද්ධිමත්ද කියලා. S.H.I.E.L.D. training academy එකේදී Fitz,Simmons දෙදෙනාම විශිෂ්ඨ ලෙස අධ්‍යාපන කටයුතු නිම කරමින් සාමාන්‍යයෙන් ලබා දී ඇති උපාධි නිමකිරීමේ වසරට වඩා වසර 3කට කලින් දෙදෙනාගේම උපාධි නිමකරනවා. ඒ වගේම S.H.I.E.L.D. training academy එකෙන් බිහිවූ හොඳම සිසුන් කිහිප දෙනා අතරටත් මේ දෙදෙනා ඇතුළු වනවා. ඉන් පසුවයි Phil Coulson විසුන් මොවුන් දෙදෙනාව ඔහුගේ කණ්ඩායමට ඇතුළු කරගනු ලබන්නේ.

Fitz කියන්නේ සමාජශීලී කෙනෙක් නෙවෙයි. ඒ නිසාම Fitz ගොඩක් දුරට අදහස් ප්‍රකාශ කිරීමේදී පසුබට වෙනවා. ඒත් season 2 වලදී මේ බව ටිකක් දුරට මඟ හැරෙනවා. ඒ Season 1 වල අන්තිමට ඔහුට සහ Jemmaට මුහුණ දෙන්නට වන කටුක අත්දැකීමෙන් පසුවයි. ඒ මොනවා වුණත් ඒ අවස්ථාවේදී ඔවුන්ට එතනින් ගැලවෙන්නට හැකිවන්නේද Fitzගේ තියුණු බුද්ධිය නිසායි. මේ බුද්ධිමත් බව නිසාම Fitz විසින් අලුත්ම S.H.I.E.L.D. techs කිහිපයක්ම නිපදවනවා. ඔහුට ඉතා ඉක්මනින්ම තාක්ෂණික උපකරණ තේරුම්ගන්න, හසුරුවන්න පුළුවන්. ඒ නිසාම Coulson විසින් Fitzට තරමක් අසීරු නිපැවුම් පවා ලබාදෙනවා. ඒ සියල්ලක්ම ඔහු ඉතා නිවැරදිව සකසනවා. Fitzගේ නිමැවුම් අතරින් I.C.E.R.එක field missions වලදී වැදගත් වන ආයුධයක්. මේ තුවක්කුවෙන් වෙඩි ලැබූ පුද්ගලයෙක් මියයන්නේ නැහැ. ඒ වෙනුවට ඒ පුද්ගලයා සිහිසුන් වන එකයි වෙන්නේ. කථාමාලාව පුරාම මේ ආශ්‍රිත් නිමැවුම් දැකගන්නට පුළුවන්. Fitz විසින් නිමවන ලද D.W.A.R.F. drones ඉදිරි අනාගතයේ තාක්ෂණය ගැන ඉඟි පළ කරනවා. පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන කුඩා පරිමාණයේ drones මගින් තොරතුරු සොයාගැනීම, නිරීක්ෂණය කිරීම, ඒවා මගින් එතැනදීම මතුපිට scan කිරීම, විද්‍යුත් පරිපථ වලට සම්බන්ධවීම, දත්ත හුවමාරු කිරීම යනාදී වශයෙන් විශාල සේවාවන් රැසක් මෙමගින් ලබාගත හැකියි. මීට අමතරව Full Spectrum Goggles, Golden Retriever drones, Mouse Hole, Magic Window යනාදී වශයෙන් උපකරණ රැසක්ම Fitz-Simmons දෙදෙනා එක්ව නිමවනවා.

Fitz ස්කොට් ජාතිකයෙක් නිසා ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයේ කිසියම් වෙනසක් අපි කථාමාලාව පුරාම දැකගන්න පුළුවන්. ඒ වගේම දිගටම ඔහු තමන්ගේ පක්ෂපාතී බව කණ්ඩායමට ලබා දෙනවා. අවශ්‍ය වේලාවන් වලදී on field missons වලටත් සහභාගී වන Fitz ඒ ඒ missions වලදී පවා කණ්ඩායම ගැන දැඩි සැලකිල්ලක් දක්වනවා. කථාමාලාවේ Fitz කියන්නේ සන්සුන් චරිතයක්. ඒ නිසාම ඔහු ගොඩක් දේවල් කියන්නේ තමන්ගේ හොඳම යාලුවා වන Jemmaට. ඒ අතරෙම Fitzගේ හිතේ Jemma ගැන ආදරයක් තියෙන බවටත් ඉඟි කියවෙනවා. ඒත් තාමත් Fitzට ඒක Jemmaට කියන්න පුළුවන් වෙන්නෙ නෑ. මම නං හිතන්නේ කථාමාලාවේම ගැලපෙන couple එක තමයි මේ දෙන්නා. ප්‍රධාන චරිතවලට මහඟු සහයක් ලබාදෙමින් ඔවුන් තමන්ගේ රාජකාරීන් අවංකව ඉටු කරනවා. Skye කණ්ඩායමට ඇතුළු වූවාට පසු Fitz තමන්ගේ සහෝදරියකට මෙන් Skyeව රැකබලාගන්නවා. Agents of S.H.I.E.L.D. කථාමාලාව පුරාම මෙවන්වූ බැඳීම් කණ්ඩායම පුරාම දැකගන්නට ලැබෙනවා. ඒ වගේම Fitzට අනන්‍ය වූ දේවල් කිහිපයක්ම කථාවේදී කියවෙනවා. ඒ එකක් තමයි Fitz වඳුරන්ට ප්‍රිය කිරීම. කුඩා කාලයේ ඔහු හුරතලයට වඳුරෙක් ඇතිකරන්නට ප්‍රිය කල නිසා ඒක එහෙම වෙන්න ඇති. අනිත් කාරණාව තමයි Fitzගේ ප්‍රියතම සැන්ඩ්විච් එක ගැන. (prosciutto and buffalo mozzarella with a hint of Simmons’s homemade pesto aioli) කථාමාලාවේ අවස්ථා රැසකදීම මේ sandwich එක ගැන කියවෙනවා.

Agents of S.H.I.E.L.D. කථාමාලාවේ Leo Fitzගේ චරිතය රඟපාන්නේ Iain De Caestecker විසිනුයි. මොහුත් ස්කොට් ජාතිකයෙක්. ඒ නිසාම කථා තේමාවට Iainව අපූරුවට ගැලපෙනවා. සිය හැකියාවන් මනාව ඉස්මතු කරලමින් කණ්ඩායමේ සමබරතාව රකිමින් ඔහු විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. Fitzට ඇත්තටම තමන්ගේ හිතේ Jemmaගැන තියෙන හැඟීම කියන්න පුළුවන් වේවිද? ඒක දැනගන්න නම් ඊලඟ season එකත් එනකන් ඉන්න වේවි වගේ

මීට පෙර ලිපිය
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1589555724660767/?type=1&permPage=1

#SmAsHeR

https://www.facebook.com/slcomicscript

11242553_1591573944458945_5052571976185337671_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!