DC + Marvel

මතක ඇතිනේ ඉදිරි වසරේ එන්න තියෙන DC සහ Marvel චිත්‍රපට මගේ කැමැත්ත අනුව පෙළගස්වන විදිහ ගැන ලිපියක් ගෙනාව,එකේ ඉතුරු කොටස සම්පුර්ණ කරන්න ලැබුනේ දැනුයි.කාර්ය බහුලත්වය වගේම ඉතුරු කොටස ලියන්න කලින් එජ් ඔෆ් අල්ට්‍රොන් බලල ඉන්න එක වැදගත් කියල හිතුන නිසයි එහෙම කලේ.. එක නිසාම කියන්නේ චිත්‍රපටය තාම බලපු නැති අය කැමතිනම් විතරක් මේ රිවිව් එක කියවන්න,මොකද සුළුවෙන් හරි ස්පොයිලර්ස් තියෙන්න ඉඩකඩ වැඩි නිසා..

කලින් ලිපිය කියෙව්වේ නැති කෙනෙක් පහල තියෙන ලින්කුවෙන් ගිහින් මුලින්ම කියවල ඉන්න,ඕනේ නම් කියවපු කෙනෙක් උනත් ආපහු මතකය අලුත් කරගන්න..
https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1585970048352668/?type=1&permPage=1

04. Sucide Sqad

මුලින්ම කියන්න ඕනේ පල්ලෙහා තියෙන චිත්‍රපට ස්ථානගත කරන එක සැහෙන අමාරු වැඩක් උනා. වෙලාවකට 05වෙනි තැනට මාරු උනත් අලුතින් ආපු සෙට් ෆොටෝස් වලින් හා පළමු නිල චායාරුපය නිසා අන්තිමේදී 04 වෙනි ස්ථානය රැකගත්තා (මගේ ලයිස්තුවේ)

~ මුලින්ම මතක් කරන්න ඕනේ විල් ස්මිත් ගැන.මේ චිත්‍රපටයේ ලොකු භූමිකාවක් විල් කරනවා කියල දැනටමත් තේරෙනවා. විල් ස්මිත් කියන්නේ ආවට ගියාට චිත්‍රපට කරන නළුවෙක් නෙමෙයි. කාලෙන් කාලෙට නිහඬව ඉඳලා එක පාරටම දැවැන්ත චිත්‍රපටයකින් දැනෙන චරිතයක් ගෙන නළුවෙක් තමයි විල්. එහෙම කරන හැම චිත්‍රපටයක්ම වගේ හොඳ තිර පිටපතකට අනුව සාදන ඉතා උසස් චිත්‍රපට. ඉතින් මේ චිත්‍රපටයත් තවත් “දැවැන්ත” සිනෙමා ආගමනයක් වෙයි කියල මට විශ්වාසයි.. අනික මතක් කරන්න ඕනේ විල් කියන්නේ රඟපාන්න ඉතා විශාල මුදලක් අය කරන නළුවෙක්.
විල් මේකෙදි රඟපාන්නේ deadshot ට,ෆස්ට් ලුක් එක දැක්ක ගමන් තවත් බලාපොරොත්තු ඉහල නැග්ග..

~ David Ayer තමයි මේ චිත්‍රපටය කරන්නේ කියල අපේ යාළුවො දන්නවා ඇතිනේ. FURY චිත්‍රපටය නරඹල තියෙනවා නම් මෙයා ගැන නොදන්නවා වෙන්න බෑ. Fast and the Furious,Training Day වගේ චිත්‍රපට වලදී රචකයෙක් විදිහට තමන්ගේ හැකියාව පෙන්නලා තියෙන හොඳ අධ්‍යක්ෂකයෙක්.

~ Jared Leto ගැන කියන්න ඕනේ ඊළඟට.මම ලෙටෝ ගේ සිනෙම රසිකයෙක් වෙන්න කලින් 30 Seconds to Mars සංගීත කණ්ඩායමේ රසිකයෙක්.වෙනසක් කරන්න හදන සංගීත කණ්ඩායමක ගායකයා උනාට සිනේමාව පැත්තෙන් ඊටත් වඩා දස්කම් පෙන්නපු කෙනෙක් තමයි ලෙටෝ. ලෙටෝ ගේ රංගනයේ උච්චතම අවස්තාව තමයි ඩලස් බයර්ස් ක්ලබ් චිත්‍රපටයේ කරපු රංගනයට ඇකඩමි,එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න ඔස්කා සම්මානය ලැබුන එක.එකේදී කරපු ලිංගික වශයෙන් වෙනස් වෙච්ච කෙනෙක්ගේ චරිතය වෙනුවෙන් තමයි හොඳම සහය නළුවාට හිමි ඇකඩමි සම්මානය හිමි වෙන්නේ. ඊට අමතරව IMDb දර්ශකයේ ඉස්සරහ තියෙන Fight Club,American Psycho වගේම Mr.Nobody වගේ චිත්‍රපට වලත් රඟපාලා තියෙනවා.

ලෙටෝ ගේ ජෝකර් ලුක් එක නොදැක්ක කෙනෙක් ඉන්න විදිහක් නෑ.හැමෝම වගේ ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. පෞද්ගලිකව මගේ නම් ඒ පෙනුමට එතරම් කැමැත්තක් නෑ,මොකද මගේ ඔලුවේ හිටපු Charming ජෝකර් වෙනුවට සම්පුර්ණ පිස්සු ලුක් එකක් තිබුනේ. පුරව ප්‍රචාරක පටයක් නරඹනකම් ඒ ගැන හරි තීරණයකට එන්න බෑ.

~ කට්ටියම දකින්න ඇතිනේ අලුත් හාලි කුයින්,අනේ ඉතින් මෙව්වා දකිද්දී කොහොමද ලිස්ට් එකේ ඉස්සරහට නොදා ඉන්නේ.. batman animated Series එකේදී වගේම batman : Arkhem පරිඝනක ක්‍රීඩා මාලාවේදී හාලිට හඬ දුන්න ටාරා ස්ට්‍රොන්ග් කියල තියෙනවා රොබි ව දැක්කහම එයාට පෙන්නේ හාලිව විතරයි කියල,තව හාලිව කොමික් වලදී හදන්න දායක උන බ්රූස් ටිම් උනත් කියන්නේ හාලිගේ තියෙන්න ඕනේ පිස්සු,කෙළිලොල් සහ අනතුරුදායක බව අඩුවක් නැතුව තියෙනවා කියල.. ඉතින් වෙන මොන කතාද?

__අඩුපාඩු__

~ දැනට තියෙන ආරංචි වලට අනුව මේකෙදි ටාස්ක් ෆෝස් එක්ස් වල නායකයා වෙන්නේ රික් ෆ්ලෑග්,එතකොට විල් ස්මිත් ගේ deadshot ඊට වඩා කැපී පේන්න හදනකොට අවුලක් යන්න ඉඩ තියෙනවා.

~ කතාව ඇතුලේ ජෝකර් හාලි සහ deadshot ඉන්න නිසා සහ තවත් චරිත ගොඩක් තියෙන නිසා සමතුලිතව කතාව ගලා යන එකට ලොකු ගැටළුවක් මතුවෙනවා. පොඩ්ඩක් හරි එහාට මෙහාට ගියොත් කතාවම සවුත්තු වෙනවා.

~ අඳුරු ගතිය ටිකක් වැඩිද මන්දා.විශේෂයෙන් එන්චාන්ට්‍රස් ගේ පෙනුම බයානක වැඩිද මන්දා.. කිලර් ක්‍රොක් උනත් එහෙමයි.. එක නිසා කුඩා ළමයිනේ වගේම අඳුරු ගතිය අඩු මාවල් චිත්‍රපට රසිකයන්ගේ උනන්දුව හිමිකරගන්න බැරි වෙයි ද මන්දා..

05. X-men: Apocalypse

එක්ස් මෙන් කතා මාලාවට කැමති හැමෝගෙම ඊළඟ අවුරුද්දේ ලොකු අවධානයක් හිමි කරගත්ත ඊළඟ චිත්‍රපටය තමයි ඒජ් ඔෆ් අපොක්ලිප්ස් කියන්නේ. අපි හැමෝම දන්නවා එක්ස් මෙන් කතා මාලාව ගලාගෙන ගියේ කිසිම පිළිවෙලක් නැතුව (ගොඩක් වෙලාවට) එත් Days of future past වලින් කතාවට නැවතත් ලොකු ගැම්මක් ගෙනාව කිව්වොත් හරි.

~ මේකත් අධ්‍යක්ෂණය කරන්නේ බ්‍රයන් සිංගර්. Days of Future Past වලින් එයා කරපු දේ මේ චිත්‍රපටයේදීත් කරන්න පුළුවන් උනොත් ඉතින් ගොඩම තමා. බ්‍රයන් ගේ මම කැමතිම චිත්‍රපටය Usual Suspects,ඒක බලපු අය දන්නවා බ්‍රයන් කියන්නේ කොච්චර හොඳ වැඩකාරයෙක් ද කියල.

~ කතාවට පාදක කරගන්න කොමික් ලයින් එක එක්ස් මෙන් කතා මාලාවල ජනප්‍රියම කතාව කියල කියන්නත් පුළුවන්.පෞද්ගලිකව මමත් ඉතාම ප්‍රිය කරන කතාවක්. එක නිසාම කොමික් රසිකයන්ගේ අවධානය දැනටමත් ගොඩක් දිනාගෙන තියෙන චිත්‍රපටයක් කිව්වොත් එක හරි..

~ මේකෙත් ලඟදි එලියට ආපු සෙට් ෆොටෝස්,ෆස්ට් ලුක් ෆොටෝස් නිසා කැමැත්ත තවත් වැඩි උනා. නයිට්ක්රෝව්ල,සයික්ලොප්ස් සහ ඊටත් වඩා ජුබ්ලී ගේ පෙනුම දැක්කහම ලොකු සතුටක් දැනුනා. ජුබ්ලී ගේ පෙනුම හරියටම X-men animated series එකේ තිබුනා වගේමයි,අනිත් අයගෙත් පෙනුම කොමික් වල තියෙනවා වගේම ගන්න හදන බවයි පෙන්න තියෙන්නේ..

___අඩුපාඩු___

~ දැනට ඇවිල්ල තියෙන විස්තර අනුව හැවෝක් මේ චිත්‍රපටයෙත් ඉන්නවා,එත් හැවෝක් සහ සයික්ලොප්ස් අතර වයස පරතරය බැලුවහම හිතෙනේ පරණ එක්ස් මෙන් චිත්‍රපට වල තිබුන අවුල්සහගත බව මේකටත් එයි කියලයි..

~ තාමත් විස්තර ලැබිලා නෑ ගැම්බිට් මේ චිත්‍රපටයට ඉන්නවද කියල.රෝග් ගැනත් ඒ හැටි විස්තරයක් නැති උනත් ඉදිරියේදී එන්න නියමිත Days of future past Director cut එකේදී රෝග් ගැන දර්ශන වගයක් තියෙන නිසා හිතෙනවා මේකට සම්බන්ධ වෙයි කියල.

~ ගැම්බිට්,රෝග් විතරක් නෙමෙයි තවත් වැදගත් චරිත කිහිපයක් ගැනම හරි සඳහනක් නෑ,හරියට සන්ෆයර් වගේ..

~ එක්ස් මෙන් චරිත කරපු කිහිප දෙනෙක්ගේම අවසාන චිත්‍රපටය වෙන නිසා ඒ පැත්තට අවධානය යන්න ඉඩතියෙනවා සහ ඒ චරිත වල ඉදිරි ගමන ගැන කතා වෙන විදිහ ගැන පොඩි සැකයක් තියෙනවා.

~ ඊළඟ වසරේ එක්ස් මෙන් චිත්‍රපට තව දෙකක් එනවා,එක නිසා මේකට අවධානය අඩු වෙන්න ඉඩ තියෙනවා, මොකද අනිත් චිත්‍රපට දෙකම රසිකයෝ ගොඩක්ම බලාපොරොත්තුවෙන් ඉන්න දෙකක් වෙන නිසා..

06.Captain America : Civil War

එහා පැත්තෙන් BvS වලදී කොමික් ලොව දවන්තයෝ දෙන්නෙක් අතර සටනක් යද්දී මාවල් පැත්තෙන් MCU වල දවන්තයෝ දෙන්නගේ සටනත් තියෙනවා. ඒ කැපා සහ අයන් මෑන් අතර සටන. හිතාගන්නවත් බැරි විදිහට වින්ට සොල්ජර් වලදී ලබාගත්ත සාර්ථකත්වය නිසා මේක දර්ශනය කරන්න පටන් ගන්නවා කිව්වේ BvS පටන් ගන්න දවසේමයි. වින්ට සොල්ජර් බලන්න කලින් එක නිකන් මෝඩකමක් කියල මටත් හිතුනා,එත් ඊට පස්සේ මට හිතුන දේම හිතිලද මන්දා DC ල bvs පෙන්නන දවස ඉස්සරහට ගෙනාව. එක ඇත්තටම උපක්‍රමික පසුබෑමක්. ඉතින් මුලින්ම ස්තුති කරන්න ඕනේ ඒ වෙනුවෙන්,මොකද දවස් කිහිපයක් හරි ඉස්සරහට ගෙනාපු නිසා..

~ ඔක්කොටම කලින් ටෝනි ස්ටාක් ඉන්න නිසා මේ චිත්‍රපටය වැඩි අවධානයක් ලැබුනා. RDj ගේ රංගනයට අපි කවුරුත් කැමතිනේ..

~ වින්ටර් සෝල්ජර් ගෙනාව රූසෝ සහෝදරයෝම තමයි මේකත් හදන්නේ.. ඉතින් හොඳටම තියෙයි..

~ කලින් කිව්වා වගේ මේක එන්නේ DCCU වලට අභියෝගයක් විදිහට,එක නිසා පුළුවන් තරම් හොඳට කරන්න තමයි MCU වල කල්පනාව.

___දුර්වලතා___

~ BvS වලට අභියෝග කරන්න ඕනේ නිසා ගෙනාවත් මට හිතෙන දේ තමයි මේක ගෙන්න හදිස්සි උනා වැඩි. මොකද දෙපැත්ත බෙදෙන්න ඕනේ කරන හැමෝවම තවම ගෙනෙල්ල නැති නිසා.. උදාහරණයක් විදිහට කොමික් එකේදී ලොකුම චරිතය කරන ස්පයිඩි ගේ සම්බන්ධ වීම ගැන තවම කතා කලේ නෑ.

~ චිත්‍රපටය ගැන මතකෙට එන හැම වෙලාවේම හිතෙන්නේ චරිත මදි කියලයි. Age of Ultron වලදී බලන් හිටියේ එකේදී වත් බ්ලැක් පැන්තර් ව ගෙන්නයිද කියල. ලඟකදී ජෝස් කියල තිබුනා එයාට ඕනේ උනා කියල කැප්ටන් මාවල් ව වත් අඩුම තරමේ චිත්‍රපටයට සම්බන්ධ කරන්න.

~ එහෙම බලනකොට මේ චිත්‍රපටය අලුතෙන්ම චරිත එකතු කරලා තමයි කට්ටියව දෙකට බෙදන්න හදන්නේ. මාටින් ෆ්‍රිමන් වත් චරිතෙකට ගන්නවලු. බ්ලැක් පැන්තර් ව ගේන්නත් ඉන්නේ මුලින්ම මේකට. එතන තියෙන අනතුරු දායක බව තමයි චරිත ගැලපීමට වෙන බාධාව. මාවල් ල මේ දේ හෝක්අයි ට කළා. එකෙන් උනේ එයාව පහත කරලා ෆෑන්ස් ල සලකන්න පටන් ගත්ත එක. බාර්ටන්ට නියම තැන ලැබුනේ ඒජ් ඔෆ් අල්ට්‍රොන් වලදී විතරයි. එක පාරක් ඒ වැරැද්ද කරපු MCU ල මේ පාරවත් එක ගැන සැලකිල්ල දක්වයි කියල හිතෙනවා..

~ කොච්චර හොඳ අධ්‍යක්ෂකල කලත් mcu ඉහල නිලධාරීන්ගේ මැදිහත් වීම නිසා චිත්‍රපටයට පොඩි පොඩි වැරදි වෙන්න ඉඩ තියෙනවා.

07. Deadpool

දැන් ඔන්න ඉතින් කට්ටියම පටන් ගනී මට බනින්න මේක අන්තිමටම දැම්ම එකට. එකට හේතු කිහිපයක් තියෙනවා..

~ මේක බලන්න ඕනේ කලින් කියපු අනිත් චිත්‍රපට බලන විදිහට නෙමෙයි. මොකද මිනිහගේ විකාර වැඩ නිසා කලින් චිත්‍රපට රසවිඳින විදිහට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් විදිහකට තමයි මේක රසවිඳින්න ඕනේ.එක නිසා කලින් කියපු චිත්‍රපට අතරට දාන්න බෑ,එතකොට නොගැලපීමක් එනවා කියලයි මට හිතෙන්නේ..

~ ඇත්තම කියනවා නම් මම Deadpool ට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි. එකත් එක හේතුවක් වෙන්න පුළුවන් මේක අනිත් ඒවායින් වෙන් කරලා තියන්න..

ඊළඟ වසරේ එන්න තියෙන චිත්‍රපට වලින් මුලින්ම එන්න තියෙන්නේ මේක. දැනට ලැබෙන විස්තර අනුව (බොරු කියන්න ඕනේ නෑනේ,මේ ගැන මම වැඩිය විස්තර හෙව්වෙත් නෑ) කොමික් රසිකයන්ගේ,විශේෂයෙන් Deadpool රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු වෙන විදිහේ චිත්‍රපටයක් වේවි..

____________________________________________________________________________

මගේ සම්පුර්ණ ලැයිස්තුව එතකොට මෙහෙමයි,
01. Batman vs Superman : Dawn of Justice
02. Dr.Strange
03. Gambit
04. Sucide Sqad
05. X-men : Age of Apocalypse
06. Captain America : Civil War
07. Deadpool

කලින් කිව්වා වගේ මේක මගේ කැමැත්ත අනුව කරපු පෙළගැස්වීම.අපේ යාලුවන්ගේ කැමැත්ත මිට වඩා ගොඩක් වෙනස් ඇති. කැමති නම් ඔයාලගේ උනන්දුව තියෙන පිළිවෙල මේකට කමෙන්ට් කරන්න. මගේ ලැයිස්තුව ගැන කරන ඕනෙම විවේචනයක් සතුටින් භාර ගන්නවා. කියන්න අමතක උන දෙයක් එහෙම තියෙනවා ඒ ගැනත් සඳහන් කරන්න.. මතක ඇතුව අදහස් – උදහස් සඳහන් කරන්න…

#ClownPrinceOfCrime

https://www.facebook.com/slcomicscript

11258140_1591456787803994_5133605147458689259_n

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!