Batman V Superman Official Trailer Breakdown #1

Batman v superman official trailer එක WB එකේ අය release කරා. මීට කලින් මේ trailer එක leak උනත් අපි official trailer එක එනකන් හිටියා. කොහොමහරි මේ trailer එක මන් හිතන විදිහට සුපිරි. සමහරක් අය එච්චර කැමැත්තක් නොදැක්වූවත් මන්නන් මේකට ගොඩක් ආසයි. මේ වෙනකොට මන් මේක බලලා ඇති 10 පාරකටත් වඩා, ඒ trailer එකේ තියෙන easter eggs හොයන්න විතරක් නෙවේ කොච්චර බැලුවත් එපා නොවන නිසා.
Trailer එක පටන්ගන්නෙ එක එක පුද්ගලයන් superman ගැන කතාකරන ගමන් ඒ අතර Us senator, Lex luthor සහ Alfredගෙ කටහඩවල් අපිට අහන්න පුලුවන්. ඒ අතර අපිට පුලුවන් metropolis දැකගන්න. මේ කතාව සිද්ද වෙන්නෙ man of steel එකෙන් පස්සෙ, අමතක කරන්න එපා zod එක්ක fight කරද්දි metropolis ගොඩක් දුරට විනාශ උනා ඒක නිසා ගොඩක් අය supermanට විරුද්ධයි. ඒවගේම සමහර අය දකින්නෙ supermanව දෙවියෙක් විදිහට. දෙවැනි පින්තූරෙ අපිට පේනවා කඩන් වැටුන Russian satellite එකක් වගේ එකක් superman බේරගන්නවා. එහෙමත් නැත්තන් superman ගැන පරීක්ෂණ කරන්න යවපු satellite එකක් superman ආපහු පෘථිවියට අරන් එනවා. ඒත් හොදම අදහස තමයි මේක බෝම්බයක්. ගොඩක් දුරට මේ සිද්දිය වෙන්නෙ යුද්දයක් මැද්දෙ. ඒවගේම 3 වෙනි පින්තූරෙදි අපිට පෙන්නනවා මිනිස්සු supermanට තියෙන බය නිසා මිනිස්සු supermanට විරුද්ධ වෙන හැටි. ඒවගේම අපිට අහෙනවා මිනිස්සු කෑගහනවා ” Go home ” කියලා. 4වෙනි පින්තූරෙ දැක්කම මට මතක් වෙන්නෙ injustice storyline එක. ඒකෙදි supermanට තිබුනා තමන්ගෙම army එකක්. ඔයගොල්ලන්ට පේනව ඇති මෙයාලගෙ උරහිසේ තියෙන superman symbol එක. Superman දිහා බැලුවම මතක් වෙන්නෙ මටනන් Zodව, kneel before zod.

කොහොමහරි මෙතන සිද්දිය තාමත් පැහැදිලි මදි හරියටම මොකද්ද වෙන්නෙ කියලා දැනගන්න film එක එනකන් ඉන්න වෙනවා. 5 සහ 6 පින්තූර වලින් අපිට බලාගන්න පුලුවන් supermanව දෙවියෙක් විදිහට දකින මිනිස්සු. ඒවගේම මෙතනදි අපිට අහන්න පුලුවන් Lex luthorගෙ කටහඩ. 7 වෙනෙ පින්තූරෙන් අපිට දකින්න පුලුවන් ගොඩක් දුරට batwing එක කියලා හිතන්න පුලුවන් යානයක්. හැබැයි ඒ වෙඩි තිබ්බ හැටියට එතන හිට්පු මිනිස්සු බේරුනා කියලානම් හිතන්න අමාරුයි. මේ යානයෙ ඉන්නෙ batmanනම් එහෙම උනොත් එයාගෙ මිනිස්සු මරන් නැති නීතිය කැඩෙනව මෙතනදි. නමුත් මේ ප්‍රහාරය Lex luthorගෙ වැඩක් කියලා ගොඩක් දුරට හිතන්නත් පුලුවන් ඒවගේම 8 වෙනි පින්තූරෙ අපිට Batmobile එක දැකගන්න පුලුවන්. මේ batmobile එක ගොඩක් දුරට arkham knight game එකේ batmobile එකට සමානයි. 9 වෙනි පින්තූරෙ ගොඩක් දෙනාට මග ඇරුන දෙයක් තමයි Sniper rifle එක. Batman හිටගෙන ඉන්න tower එකේ කොටසක් වගේ පෙනුනත් මේක sniper එකක්. Dark knight returns movie එක බැලුව අයට මතක ඇති Batman sniper rifle එකක් පාවිච්චි කරා, ඒකෙ තේරුම Batman හතර වටේ ගිහින් වෙඩි තියෙන එක නෙවේ මේක තියෙන්නෙ අවශ්‍ය වෙලාවට එයාගෙ පාවිච්චියට. මතක තියාගන්න මේවෙනකොට bruceට අඩුම තරමෙ 40ක් වත් වෙනවා.
පලවෙනි පාරම 10 වෙනි පින්තූරෙ riddlerගෙ easter egg එක දැක්කෙ කවුද ? ඒවගේම මේ scene එක සිද්ද වෙන්නෙ arkham වල කියලා තමයි මටනන් හිතෙන්නෙ. 11 වෙනි පින්තූරයෙ අපිට පේනවා Ben affleck bruce wayne විදිහට, ගොඩක් දුරට batcave එකේ. ඒවගේම මෙයා බලන් ඉන්නෙ batsuit එක දිහාද එහෙමත් නැත්තන් එහෙමත් නැත්තන් එහෙමත් නැත්තන්, Jason toddගෙ robin suit එක දිහා වෙන්නත් පුලුවන්. කොහොමහරි හොදට බැලුවොත් ඔයගොල්ලන්ට පේනව ඇති batfleckට පිටිපස්සෙ තියෙනව suit එකක්. මේක වෙනත් batsuit එකක්ද නැත්තන් robin suit එකක්ද කියලනන් පැහැදිලිව පේන්නෙ නෑ. 12 සහ 13 පින්තූර වලින් අපිට batsuit එක දැකගන්න පුලුවන් ඒවගේම 13 වෙනි පින්තූරෙ අපිට පේනවා Batsuit එකට වෙඩි වැදුන සටහන්. ඒවගේම batman විනාශ වෙච්ච යානයකින් හෝ බිල්ඩිමකින් එලියට එනවා පේනව කිසිම ගානක්වත් නැතුව. සමහර අය මේ trailer එකට අකමැති වෙන්න හේතුව තමයි wonder woman,aquaman වගේ අය හිටියෙ නැති නිසා. ඒත් අමතක කරන්න එපා මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ superman සහ Batman අනිත් එක තමයි මේක පලවෙනි trailer එක විතර ඔක්කොම එක පාර දුන්නම අනිත් එව්ව එච්චර ගතියක් නෑ. ඒවගේම අන්තිමේදි අපිට පුලුවන් බලාගන්න Dark knight returns එකේ superman එක්ක ගහගන්න පාවිච්චි කරපු Batsuit එක. ඒවගේම මේවෙනකොට ගොඩක්ම ජනප්‍රිය, Batman කියන වචන ටික. “Tell me, do you bleed?… You will. මටනන් Batfleckගෙ කටහඩ හොදයි christian baleගෙ කටහඩට වඩා. මන් දන්නවා ඒ armor එක නිසා පොඩි transformers කටහඩක් වගේ එකක් එන්නෙ කියලා ඒත් කොහොම උනත් මටනන් මේ කටහඩ පට්ට. ඔයගොල්ලන් කැමති මොන කටහඩටද ?
————-
Quotes
Lex luthor: Devils don’t come from hell beneath us. They come from the sky.

Alfred: That’s how it starts. The fever, the rage, the feeling of powerlessness that turns good men… cruel

Us senator: The world has been so caught up with what he could do, that no one has asked what he SHOULD do!

#Shazam

https://www.facebook.com/slcomicscript

11136741_1583208588628814_7860099210992375516_n

Comic Script (144 Posts)


One thought on “Batman V Superman Official Trailer Breakdown #1

  • June 5, 2015 at 11:52 PM
    Permalink

    මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *