Jackie – Tucker සමගින් 04’වෙනි වැඩ පැය!!!

Chris Tucker ඔබ හොඳින් හඳුනන නළුවෙක්.  ඔබට මතකනම් චිත්‍රපට පෙළක ඔහු උන්නා පරීක්ෂක ‘James Carter’ හැටියට. Jackie Chan ගැන නම් අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ.  නම කිවූ සැණින් දන්නවා. ඔහුගේ චරිතය වුණේ පොලිස් පරීක්ෂක ‘Lee’. Lee හොංකොං පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, Carter LAPD පොලිසියේ කෙනෙක්. ඔය විදිහට දෙරටක පොලිස්කාරයො දෙන්නෙක් එකට කරන වැඩ තමයි මේ සිනමා පෙළෙහිම තිබුණේ. ඔබ දැනටමත් දන්නවා මේ කියන චිත්‍රපට පෙළ මොකද්ද කියන්ඩ. මම හිතන්නේ ඒකේ නමත් ඒ තරමටම හුරු පුරුදුයි. ඒ තමයි Rush Hour.

මෙහි 1, 2, 3 හිම හාස්‍යය සහ ක්‍රියාදාම-සටන් පිරුණු බව අමුතුවෙන් මතක් කරන්ඩ ඕනි නැහැනේ. එහෙනම් සිව් වැන්නකුත් ඒවි කියල පොඩි ආරංචියක් තියෙන නිසා ඒ වගත් දන්නන්ඩ එපායැ. ඒ ගැන Tucker මෙන්න මෙහෙම කියල තිබුණා;

“මම යි ජැකී යි දෙන්න මේ දවස් වල ඒ ගැන උනන්දුවෙන් ඉන්නවා. අපි ඒක සාර්ථක කරගන්ඩ උත්සාහ කරනවා. දැනටමත් පසුබිම හදා ගෙන යන නිසා ඒ ගැන යමක් කරන්ඩ හැකි වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. අපිට ඒක මෙහි පළමු වැන්න වගේම නැවුම්ව සහ වගකීමෙන් කරන්නටයි අවශ්‍ය. ඒ ගුණත්වය මතු කරන්නටයි අපේ අදහස. ඒ නිසා මම මේ දිනවල මගේ චරිතය ගැන ටිකක් හදාරමින් ඉන්නවා.”

කොහොම වුණත් Friday චිත්‍රපට මාලාවේ සිව්වැන්නට Tucker එක් වෙන බවට ගිය කතා බොරුවක් බවයි ඔහු කියා තිබෙන්නේ. ඔහු එහි පළමු වැන්නෙන් පසුව අනිකුත් ඒවායෙහි රංගනයට එක් වෙලා නැහැ. සිව්වැන්නට යළි ඔහු ගෙනෙන්නට Ice Cube ට ඕනි කළත් ඒකාන්තයෙන්ම ඔහු ඊට එක් නොවන බවයි ඔහුනම් පවසා තියෙන්නේ.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *