Chronological Order of Marvel Cinematic Universe
අපි සේරම ඇවෙන්ජර් 2 ෆිල්ම් එක එනකල් ඉවසීමක් නැතුව නේ ඉන්නේ. ඔය අතර ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි මතකය අලුත් කරගන්න පරණ ෆිල්ම් ආපහු බලන එක. අනිත් ෆිල්ම් සිරිස් වලට වඩා මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ තියන විශේෂම දේ තමයි ඒවා එකිනෙකට එකක් පුදුමාකාර විදිහට සම්බන්දයි. පලවෙනියටම ආපු ෆිල්ම් එකක දර්ශන දෙකක් අතරට අවසානයටම එන ෆිල්ම් එකේ කොටසක් එන්න ඉඩ තියනවා කියන්නේ පුදුම වෙන්න කාරණයක් නෙවේ. ඒ හින්දාම තමයි මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක ගොඩක් ම ජනප්රිය. මේ ජිව ගුණය වෙන කිසිම ෆිල්ම් සිරිස් එකකින් ගන්න බෑ.
(මාවල් කොමික් ඇසුරෙන් නිර්මාණය කරපු ෆිල්ම් අතරින් සිනෙමැටික් යුනිවර්ස් එක වෙන් වෙන විදිහ දැන ගන්න මේ ලිපිය කියවන්න http://goo.gl/OHZqtg)
අපි සාමන්යයෙන් බලන්නේ මේ වගේ ෆිල්ම් ආපු පිළිවෙලට බලන එක. ඒත් ගොඩක් වෙලාවට සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ දී මේ සිද්දි අතර පරතරය හිතා ගන්න බැරි තරම් ආකර්ශනීය යයි. උදාහරණයක් විදිහට 2010 මැයි මාසේ 12 වෙනිදා පස්වරු 12 ට නික් ෆියුරි, ඒජන්ට් කෝල්සන් යවනවා නිව් මෙක්සිකෝ ප්රාන්තයට කාලගුණ විපර්යාසය ගැන හොයන්න. එදා හැන්දෑවේ පස්වරු 1.00 ට ඩොක්ටර් බැනර් කල්වර් යුනිවර්සිටි එකට හොරෙන් ඇතුල් වෙනවා. එදාම හැන්දෑවේ 7.00 ට ඇන්ටන් වෙන්කෝ ස්ටාර්ක් එක්ස්ෆෝ වලට පහර දෙනවා. දවස ඉවර වෙන්න කලින් ඒ කියන්නේ රෑ 11 ට තෝර් ව පෘතුවියට පිටුවහල් කරනවා.
ඒ වගේම ලේඩි සිෆ්, වෝරියර්ස්ලා තුන්දෙනා එක්ක පෘතුවියට එන දවසේ මයි හල්ක් ට හමුදාවෙන් පහර දෙන්නේ. එදාම හැන්දෑවේ තමයි ටෝනි ඇවෙන්ජර්ස්ලාට එකතු වෙන්න කැමැත්ත පල කරන්නේ.
අපිට ඒ ෆිල්ම් එකක් වෙන වෙනම බලද්දී තේරුනේ නැති උණාට මේ හැම ෆිල්ම් එකක් ම එකිනෙකට ගොඩක් සම්බන්දයි. දැනට නිකුත් වෙලා තියන ෆිල්ම්, ටීවී සිරිස් සහ මාවල් වන් ෂොට් වීඩියෝ කොටස් වලින් තමයි මේ යුනිවර්ස් එක හැදිලා තියෙන්නේ. මේ සේරම රුප රාමුවෙන් රාමුවට බලන්න ඕන පිළිවෙලත් මේ වෙද්දී නිකුත් වෙලා තිබ්බට නැරඹීමේ පහසු ක්රමය තමයි සම්පුර්ණ කතාවම එක පාර බලන එක. මොකද එකකින් කොටසක් බලලා අනිත් කොටසෙන් ටිකක් බලන එක ප්රායෝගික නෑනේ.
මේ දක්වා නිකුත් වෙලා තියන ෆිල්ම්, ටීවී සිරිස් සහ වීඩියෝ පිළිවෙලින්;
· Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor, Captain America: The First Avenger, Marvel’s The Avengers, Iron Man 3, Thor: The Dark World, Captain America: The Winter Soldier, Guardians of the Galaxy
· Marvel’s Agents of S.H.I.E.L.D., Marvel’s Agent Carter
· The Consultant, A Funny Thing Happened on the Way to Thor’s Hammer, Item 47, Agent Carter, All Hail the King
විදිහට එළිදක්වපු වර්ෂය අනුව හදපුවාම එන්නේ. අපි බලමු මේවා කොහොමද සිද්ද වුනු පිළිවෙලට බලන්නේ කියලා
1. Captain America: The First Avenger (2011) – කැප් ගේ ප්ලේන් එක කඩාගෙන වැටෙන තැනට එනකල් බලලා නතර කරන්න ඕනේ. අපිට මේ ෆිල්ම් එකේ විතරක් මේ ක්රමය අනුගමනය කරන්න වෙනවා. මොකද ඊලඟ කොටස පටන් ගන්න කලින් සිනෙමැටික් යුනිවර්ස් එකේ ගොඩක් දේවල් වෙනවා
2. Agent Carter Season 01, 08 Episodes (2015)
3. Marvel One-Shot: Agent Carter (2013) – සමහරක් අය නම් කියනවා මේක එන්න ඕනේ ඒජන්ට් කාටර් වලට කලින් කියලා. ඒත් තාර්කිකව බලපුවාම මේක එන්න ඕනේ ඒජන්ට් කාටර් වලට පස්සේ. විනාඩි 15 ක වීඩියෝ එකක්.
http://goo.gl/cn7gak
4. Iron Man (2008)
5. Iron Man 2 (2010)
6. The Incredible Hulk (2008)
7. Marvel One-Shot: A Funny Thing Happened on the Way to Thor’s Hammer (2011) – විනාඩි 4 ක වීඩියෝ එකක්. අපේ කෝල්සන් ගේ පොඩි වැඩ කෑල්ලක් තියෙන්නේ
http://goo.gl/eehFou
8. Thor (2011)
9. Marvel One-Shot: The Consultant (2011) – මේකත් විනාඩි 4 ක පොඩි වීඩියෝ එකක්. ශිල්ඩ් එකේ උපක්රම ගැන පැහැදිලි කරනවා
http://goo.gl/t8s6pX
10. Captain America: The First Avenger (2011) – කැප් ආපහු හොයා ගත්තට පස්සේ කොටස
11. The Avengers (2012)
12. Marvel One-Shot: Item 47 (2012) – නිව්යෝර්ක් වල යුද්ධයෙන් පස්සේ සිදුවීමක් තියන විනාඩි 11 වීඩියෝ එකක්
https://vimeo.com/
13. Iron Man 3 (2013)
14. Marvel One-Shot: All Hail the King (2013) – මැන්ඩරින් ගැන විනාඩි 14 ක වීඩියෝ එකක්
http://goo.gl/Ed1jwm
15. Agents of S.H.I.E.L.D. Season 01, Episode 01 ~ 07 (2013)
16. Thor: The Dark World (2013)
17. Agents of S.H.I.E.L.D. Season 01, Episode 08 ~ 16 (2013/2014)
18. Captain America: The Winter Soldier (2014)
19. Agents of S.H.I.E.L.D. Season 01, Episode 17 ~ 23 (2014)
20. Guardians of the Galaxy (2014)
21. Agents of S.H.I.E.L.D. Season 02 (2014/2015)
මේ දක්වා නිකුත් වුන සියලුම කතා බලන්න ඕන පිළිවෙල තමයි මේ. මේ අතරට මාවල් සමාගම නිකුත් කරපු කොමික් ප්රකාශනත් එකතු වෙන්න ඕනේ නියම විදිහට නම්. ඒ ගැනත් දැන ගන්න ඕනේ නම් අපි ඉස්සරහට ඒ පිළිබඳව ලිපියක් ගේන්නම්. හැබයි කට්ටියගේ ඉල්ලීම අනුව තමයි. මොකද ඒ කොමික් කියෙව්වේ නැති උනා කියලා සිනෙමැටික් යුනිවර්ස් එකේ රසය අඩු වෙලා නැති හින්දා.
ඇවෙන්ජර් 2 ෆිල්ම් එකට කලින් ආපහු මේවා බලන්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ පිළිවෙල අනුගමනය කරන්න. එතකොට ඔයාලටම වෙනස තේරුම් ගන්න පුළුවන්.
Bonus – Chronological Order of the X-Men movies
X-Men: First Class (2011)
X-Men Origins: Wolverine (2009)
X-Men (2000)
X-2: X-Men United (2003)
X-Men: The Last Stand (2006)
The Wolverine (2013)
X-Men: Days of Future Past (2014) – මේ ෆිල්ම් එක ඕනේ නම් මුලින්ම බලන්නත් පුළුවන්. නැතිනම් අවසානයට බලන්නත් පුළුවන්
https://www.facebook.com/pages/Comic-Script/1519015728381434
සැහෙන වටිනා ලිපියක්. බයිස්කෝප් මංසලට ජය වේවා!
mchan iron man 3 eke iron man hama dema atharinawane ita passe tony mewata sambanda wena widiya tkak pahadili karanawada mchan
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
ස්තුතියි සහෝ