බයිස්කෝප් සිංහලෙන් 03 – Star Wars: Episode IV – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය

අපේ මව් අඩවිය වන www.baiscopelk.com අඩවියේ උපසිරැසි සමඟ විවිධාකාරයේ ලිපි පලවෙනවා. ඉතින් අද මේ අරගෙන එන්නේ මේ ලිපි පෙලේ තෙවන ලිපියයි. මෙහි උපසිරසි මෙන්ම ලිපිය ලබා දුන්නේ රොයිලි සොයුරාය.

Star-Wars-Episode-IV-A-New-Hope-1977-

Star Wars චිත්‍රපටි ගැන අහල නැත්තෙ කවුද? කොයි තරම් නම් ආදායම් වාර්තා අතින් මුල් චිත්‍රපටි සාර්ථක වුණාද කියනවනම් ඒවල තිබ්බ වචන සාමාන්‍ය ව්‍යවහාරයට පවා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අද දෙන්නෙ ඒ සියල්ලට මුල් පියවර තියපු චිත්‍රපටියයි. මේ චිත්‍රපට මාලාව ගැන, ඒවලින් වෙච්ච බලපෑම ගැන, සමාජ රැල්ලක් වුණේ කොහොමද කියන එක ගැන මට වඩා හොඳට කරුණු දන්න රසිකයෙක් ලිපියක් ලියල එවන්න හැකිනම් ඒක හැමෝටම බෙදාගන්න දෙන්න පුළුවන්. ඉතින් මම යන්තම් මේ චිත්‍රපට මාලාවේ කොටස් අනුපිළිවෙල ගැන පොඩි විස්තරයක් කරන්නම්.

මුලින්ම ආවේ මම මේ අද දෙන චිත්‍රපටයයි. මුලින්ම ඒකට කිව්වෙ Star Wars කියලයි. පස්සෙ තමා දැන් තියෙන නම දුන්නෙ. මුලින්ම තුන් ඈඳුතු චිත්‍රපටි තුනක් ආවා. ඒ සියල්ලම ආදායම් අතින් ඉතා විශාල සාර්ථකත්වයක් ලැබුවා. ඒ වගේම IMDB හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ අදටත් මුල්ම 75 අතර සිටින්න ඒ තුනම සමත් වෙලා තියෙනවා. අපි ඒ ගැන මුලින්ම බලමු.

Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.

Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations

Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.

දැන් මේ චිත්‍රපටි වල සාර්ථකත්වය ඔහොම වුණත් ආපහු මේ කතාව සිනමාවට නැගෙන්නෙ අවසන් චිත්‍රපටය තිරගත වෙලා අවුරුදු 16 කට පස්සෙයි. ඒකත් කලින් වගේම තුන් ඈඳුතු කතා මාලාවක්. හැබැයි ඒ චිත්‍රපට මාලාවෙන් කතා වෙන්නෙ මේ මුල්ම චිත්‍රපටි තුනට කලින් කාලයේ වෙච්ච කතායි. ඉතින් ඒ හින්දම ඒ චිත්‍රපටි තුන නම් වෙන්නෙ I, II, III වශයෙනුයි, අපි බලමු ඒ ගැනත්.

Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.

Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.

Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.

කලින් ත්‍රිත්වය තරම්ම සම්මාන නොලැබුනත් මුළු චිත්‍රපට හයම ඔස්කාර් සම්මාන නිර්දේශ ලබන්න සමත් වුණා. ඒ වගේම පළවෙනිම ත්‍රිත්වයෙන් පසු කතා ත්‍රිත්වය 2015 අවුරුද්දේ ඉඳන් තිරගත වෙන්නත් නියමිතයි. එතකොට අපි ඒ ගැන බලමුකෝ. මේ අතර තුර රූපවාහිනී කතා, මාලා විඩියෝ ගේම්, ග්‍රන්ථ වගේම 2008 දී Star Wars: The Clone Wars (2008) නමින් ඇනිමේෂන් චිත්‍රපටියක් තිරගත වෙලා තියෙනවා. එහි කතා කාලය වෙන්නෙ II හා III අතර කාල සමයක කතායි.

මම අද ගෙනාව මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වෙන්න ගත්තෙ 1977 මැයි 25 වෙනිදයි. ආදායම් විදියට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 461 හා ලොවපුරා තිරගත වීමේ ආදායම් එක්ක සම්පූර්ණ ආදායමඩොලර් මිලියන 775 ක් ලබන්න සමත් වුණා. ඒ අනුව Jaws (1975) චිත්‍රපටිය තියල තිබ්බ ඉහලම ආදායම් ලැබීමේ වාර්තාව මේ චිත්‍රපටිය සතුව තිබුනා 1983 තිරගත වෙච්ච E.T. the Extra-Terrestrial (1982) චිත්‍රපටිය එනකම්ම. දැන් මේ ලබපු ආදායම 2013 උද්ධමනයට ගලපනකොට ඇමරිකාවේ එතෙක් බිහිවූ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත්වෙන්න සමත්වෙලා තියෙනවා. ලෝකයෙන්ම ගත්තොත් තෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මේකයි. ඒ වගේම ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගොන්නටත් මේ චිත්‍රපටිය අයිතියි. ඉතින් අද බලලා මේකේ දෘශ්‍ය ප්‍රයෝග ගැන හිතනවට වඩා 1977 වගේ කාලෙක තිබ්බ තාක්ෂණයත් එක්ක මේ චිත්‍රපටිය කොච්චර සුපිරි ඇත්ද කියලා පොඩ්ඩක් හිතල බලන්නකෝ.

ලිපිය –රොයිලි ප්‍රනාන්දු

මව් අඩවියේ ලිපිය හා මෙතනින් සම්බන්ධ වන්න.

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

2 thoughts on “බයිස්කෝප් සිංහලෙන් 03 – Star Wars: Episode IV – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!