*********** Spoilers ************Gotham – 01×01

10885464_1520505981565742_5286280518847958087_n

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434)

ඔන්න අපි ගෝතම් කතා මාලව ඉදන්ම කතා කරන්න යන්නේ. මම මේක කොටස් තුනකට කරන්න හිතාගෙන ඉන්නේ. පලවෙනි එක තමයි කතාංගය ගැන පොඩි විග්‍රහයක් ඉදිරපත් කරනවා. කවුරු හරි ගෝතම් කතාව බලන්න හිතාගෙන ඉන්නවා නම් එයාලා මේ කොටස නොබලා හිටියොත් ගොඩාක් හොදයි. මොකද නැතිනම් කතාවේ රසය නැතිවෙන හින්දා. කතාව බලපු අයට සේරම විස්තර ඇතුව කියන එක තේරුමක් නැති හින්දා වැදගත් සිද්ධි ටික විතරයි කියන්න හදන්නේ. ඊලඟට තමයි අද කතාව ඇතුලේ අපිට හම්බෙන චරිත වල කොමික් ඉතිහාසය ගැන කියන්න. මිට කලින් කොමික් ගැන අයිඩියා එකක් නැති අයටත් ඒත් දැන ගන්න කැමති අයටත් මේක වටිනවා. අන්තිමේදී කතාව ඇතුලේ නිෂ්පාදක වරු හංගලා තියන පුංචි පුංචි දේවල් ගැන කතා කරනවා. මේක නම් කොමික් ගැන හොදටම දන්න අයට උණත් ගොඩාක් රසවත් වෙයි.

මුලින්ම කතාවට යමු. කතාව පටන් ගන්නේ ගෑනූ ළමයෙක් (පස්සේ හදුන්වලා දෙන විදිහට සෙලිනා කයිල්) නගරය පුරා දුවගෙන ගිහින් ජනාකීර්ණ පැත්තකට යනවානේ. ඊට පස්සේ එයාගේ තක්කඩි කම් කිහිපයක්ම දැකගන්න පුළුවන්. මම හිතනවා මේක සෙලිනා ගේ චරිතය ගැන ඉඟියක් දෙනවා වගේම ගෝතම් නගරයේ වර්තමාන තත්ත්වය ගැනත් අපිට හොඳ පින්තුරයක් දෙනවා. එතනින් එහාට අපිට දැක ගන්න පුළුවන් බැට් මෑන් කතා මාලාවේ එන ඉතාම වැදගත් සිද්දියක්. ඒක තමයි සුළු මුදල් මංකොල්ල කෑමකට මාර්තා සහ තෝමස් නාදුනන පුද්ගලයෙක් අතින් මරණයට පත්වෙනවා. ඒ සිද්ධිය වෙන්නේ බ්රූස් වේන් ඉදිරිපිට. අපි හැමෝම දන්නවා කොමික් ලෝකය ඇතුලේ බැට් මෑන් කියන වීරයා බිහිවෙන්නේ එදා අඳුරු පටු මගේ දී දෙමව්පියන් ඝාතනය කරපු හින්දා කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම කතාවට ඒ සිද්ධිය ඇතුලත් වෙන්න ඕනේ. මට හිතෙන්නේ මෙතන දී ඉතා සාර්ථකව ඒ උත්සාහය ක්‍රියාවට නංවලා තියනවා. එතනින් ම අපිට අනාගත අඳුරු නයිට් වරයා මුලින්ම හදුන්වලා දෙනවා. මෙතන දී නිෂ්පාදකයා අනාගත චරිතයෙන් ගති ලක්ෂණ ණයට අරගෙන පොඩි එකාට බලෙන් ආරෝපණය කරන්න හදනවා ද කියලත් හිතෙනවා. මොකද අම්මා යි තාත්තයි මැරිච්ච පොඩි එකෙක් හැසිරෙන විදිහට (විශේෂයෙන්ම පස්සේ අවස්ථා වලදී) වඩා පරිනත විදිහට බ්රුස් හැසිරෙන්නේ.

ඊළඟට අපිට දැක ගන්න පුළුවන් ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුලත දර්ශනයක්. පැහැදිලිවම අපේ අනාගත වීරයා ගැන පොඩි අයිඩියා එකක් ගන්න තමයි ඒක දැම්මේ. මොළකාරයෙක්, වැඩ්ඩේක් කියලා එතනින් අපේ ඔළුවට ගිහින් ඉවරයි ඒ සිද්දිය ඉවර වෙද්දී. ඊට පස්සේ ගෝතම් පොලිසියේ අවිධිමත් රහස් පරීක්ෂකයා හාර්වී බුලොක් එක්ක අපේ කතා නායකයා ජේම්ස් ගෝර්ඩන් මරණය සිද්දිය වෙන තැනට යනවා. මෙතන දී තමයි ගෝර්ඩන් අනාගත බැට් මෑන් චරිතය බිහිවෙන්න අවශ්‍ය මූල බීජය බ්රුස් ගේ ඔළුවට දාන්නේ. එතනින් එහාට වැදගත් සිද්දි මම කරනු වශෙයන් කියන්නම්. නැතිනම් මේක ගොඩාක් දිග වෙනවා.

• වේන් පවුලේ ප්‍රධාන සේවකයා, වගේම අනාගත බැට් මෑන් බිහි කරන්න උදව් වෙන ඇල්ෆ්‍රඩ් හදුන්වලා දෙනවා. අපිට හුරුපුරුදු යටහත් සේවකයා වෙනුවට මෙතන දී අපිට විශ්‍රාම ගියපු හමුදා නිලධාරියාගේ චරිතය හම්බෙනවා. (මොනවා කරන්න ද අර පොඩි එකා බැට් මෑන් දක්වා ගේන්න ම එපාය)
• මහා පරිමාන අපරාධ විමර්ශන අංශයේ වැඩ කරන රේනි මොන්ටයා සහ ක්‍රිස්පස් ඇලන් ගේ හදුන්වා දීම සිද්ද වෙනවා. මේ දෙන්නා ගැන අපිට ලොකුවට කතා කරන්න පුළුවන් වෙයි පස්සට.
• ඊට පස්සේ ගෝතම් නගරයේ නගරාධිපති සහ පොලිස් ප්‍රධානි සාරා එසන් ගේ හදුන්වා දීම. දෙන්නා ම නගරයේ උන්නතිය වෙනුවෙන් මහන්සි වෙන වා. (ගෝතම් කියන තරම් නරකද? කොන්ද පණ තියන සෙට් එකක්ම ඉන්නවානේ. හදිස්සි වෙන්න එපා යාලුවා පොඩ්ඩක් ඉන්න)
• මෙතන දී පොඩ්ඩක් නවතින්න වෙනවා. මොකද හාර්වී ගේ ජිම් ගේ පොඩි වලියක් යනවා. අන්තිමේ දී මට නම් හිතුනේ මරු ඩබල කියලා. මෙතනින් එහාට අපිට පොඩි අයිඩියා එකක් හම්බෙනවා හාර්වී කියන්නේ එසේ මෙසේ පොරක් නෙවේ කියලා. ඕනෑම දෙයක් කරන්න ලැස්ති එකෙක් කියලා.
• ඊලඟට අපිට හම්බෙනවා ගෝතම් පොලිසියේ රසායනාගාර සේවකයා එඩී නිග්මා. මේ චරිතේ ගැන ඔයලා හිතනවා ට වඩා ඉස්සරහට කතා කරන්න වෙයි අපිට.
• ඊලඟට අපිට හම්බෙනවා කතාවේ ඉන්න ආකර්ශනියම චරිතයක්. ඒ තමයි ෆිෂ් මුනි. හැබැයි ඔයාලා කතාව දිගටම බැලුවා නම් දන්නවා ඇති ෆිෂ් මුනි ට කුඩේ ඉහලා ගෙන ඉන්න හාදයා (ඒ කියන්නේ ඔස්වල්ඩ් කොබ්ල්පොට්) ඊට වඩා ඩයල් එකක් කියලා. වැඩි වෙලාවක් යන්න කලින්ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා අහිංසකයා වගේ ඉන්න පොර බිම වැටිච්ච මිනිහාට ගහන විදිහ. ඔන්න මේ වෙලාවේ තමයි අපිට ගෝතම් ගැන පොඩි අයිඩියා එකක් එන්නේ.
• මෙතන ඉදලා මම ටිකක් වේගෙන් යනවා. ෆිෂ් මුනිගෙන් ලබා ගන්න තොරතුරු අනුව මේ අය පෙපර් කියලා මනුස්සයෙක් අල්ලා ගන්න යනවා. ඒ අතර තුරේදී හාර්වී අතින් ඒ මනුස්සයා මැරෙනවා. අපරාද කාරයා ඇල්ලුවා කියලා සේරම සතුටු වෙනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අර පෙපර් ගේ පොඩි එකී ගැන ටිකක් මතකේ තියා ගන්න. කව්ද දන්නේ පස්සේ ඕන උනොත් එහෙම. තව ගෝර්ඩන් ගේ ගෑනූ ළමයා බාර්බරාත් හිටියා වගේ මතකයි ඔය අස්සේ.
• ඔය අතරේ තමයි මොන්ටායා ටයි ඇලන් ටයි ඔස්වල්ඩ් නියම ඝාතකයා ගැන හෝඩුවවාක් දෙන්නේ. අර අහිංසක කුඩේ අල්ලන මිනිහා ටික ටික තේරුම් ගන්න අමාරු වෙනවා දැන් නම්. ඒක අහලා මොන්ටයා ගෝර්ඩන් ගේ ගෑනූ ළමයාට ගිහින් උඹේ මිනිහා මේ වගේ කියනවා. තවත් දේවල් එහෙමත් කියනවා. පොඩ්ඩක් හෝව් එතකොට මේ දෙන්නා…. ඔව් ඔව් ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඒ දෙන්නා එහෙම තමයි. නරක ගෑනූ ළමයි.
• කොහොම හරි ගෝර්ඩන් ට ඕන වෙනවා ඒ අය අතින් මැරෙන්නේ නිවැරදි කාරයෙක්ද කියලා හොයන්න. ඒ හින්දා එයා හාර්වී කියන දෙය අහන්නේ නැතුව තනිවම හොයනවා. ඒක ඉවරවෙන්නේ ෆිෂ් මුනි ගේ හිරකාරයෙක් වෙලා. බාර්බරා ගේ ඉල්ලීම අනුව හාර්වී යනවා ගෝර්ඩන් හොයන්න. මොනවා උනත් හාර්වී කාරයා ගෝර්ඩන් ගැන හිතනවා. හාර්වී කාරයාට ගෝතම් එක ඇතුලේ යමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද පොර ඉක්මනින්ම තැන හොයා ගත්ත හින්දා.
• ඒත් අන්තිමේ වෙන්නේ දෙන්නම මස් කඩේ කොක්කක එල්ලිලා ඉන්න වෙන එක. මෙතන ට තමයි ෆිෂ් මුනිගේත් ලොක්කා කාර්මයින් ෆැල්කෝනි එන්නේ. කට්ටිය ගෝඩ් ෆාදර් ෆිල්ම් එහෙම බලලා තියනවා නම් දන්නවා ඇතිනේ ලොකුම හොරු පොඩ්ඩක් පිළිවෙලකට ඉන්නේ කියලා. අකුරටම ප්‍රතිපත්ති රකිනවා. අන්න ඒ හින්දා මේ දෙන්නා බේරෙනවා. හැබැයි නිකම්ම නෙවේ. ගෝර්ඩන් ටත් සිද්ද වෙනවා ගෝතම් නගරය ඇතුලේ එයාගේ පැවැත්ම තීරණය වෙන විදිහේ තීරණයක් ගන්න. ඒ තමයි ඔස්වල්ඩ් ගේ පාවා දීම දැන ගත්තු ෆිෂ් මුනි, ජිවත් උණා ඇති කියලා ෆැල්කෝනි ට බාර දුන්නු ඔස්වල්ඩ් ඉවර කරන්න වැඩේ. මේ වෙද්දී අපිට තේරුම් ගිහින් තියනවා මේ නගරයේ ඉන්න සේරම අවනිතියේ අතකොලු වෙලා කියලා. ඉතින් ගෝර්ඩන් ට ගන්න තියන තීරණය තමයි එක්කෝ ඔස්වල්ඩ් මරලා, ඒ අවනිතියට යටත් වෙන එක. එහෙමත් නැතිනම් වීරයා වෙන්න ගිහින් මැරුම් කන එක. ඒත් මෙතන දී ගෝර්ඩන් කරන්නේ දෙපැත්තම බේර ගන්න එක. මරනවා කියලා බොරුවට රඟපාලා ඔස්වල්ඩ් වතුරට දාන එක.

වතුරෙන් ගොඩට එන ඔස්වල්ඩ් ගේ අනගාතය, දෙබිඩි චරිතයක් රඟපාන්න සිද්ද උණු ගෝර්ඩන්ගේ ඉරණම, දෙමව්පියන්ගේ මරණය ගැන කණගාටු වෙන බ්රුස් ගැන අපි ඉස්සරහට කතා කරමු එහෙනම්.
පලවෙනි කතාව හින්දා විග්‍රහයකට වඩා විස්තර කිරීමක් කරන්න උනේ. හිතනවාට වඩා දිග වැඩි උණු හින්දා විස්තර කරන්න තිබ්බ ගොඩක් සිද්දි අතාරින්න උණා.

අපි එහෙනම් දෙවැනි කොටසට යමු. ඒ කියන්නේ මේ චරිත වල කොමික් පසුබිම. අපිට හමුවුන පිළිවෙලට කතා කරමු.

• සෙලීනා කයිල් – මෙයා තමයි පස්සේ කාලෙක කැට් වුමන් වෙන්නේ. බලලෙක් ගේ හැසිරීම මෙයාට තියනවා. ඒ වගේම උන්ගේ අදහස් එකතරා දුරකට වටහා ගන්න පුළුවන්. දක්ෂ සටන් කාරිනියක්. ඒවගේම හොඳට හොරකම් කරන්නත් පුළුවන්. මෙයා ගෝතම් නගරෙයේ විදී වල හැදෙන කෙනෙක්. මුලින්ම බැට් මෑන් ට විරුද්දව ඉදලා පස්සේ බැට් ගේ උදව්වට එනවා.
• මාර්තා වේන් සහ තෝමස් වේන් – වේන් එන්ටර් ප්‍රයිසස් වල නිර්මාතෘ දෙන්නා. කොමික් වල හැටියට නම් තෝමස් වේන් කියන්නේ ගෝතම් නගරයේ උන්නතිය වෙනුවෙන් කැපවෙච්චි පුද්ගලයෙක්.
• බ්රුස් වේන් – බැට් මෑන් (වෙන මොකක් කියන්න ද ඉතින් මේ ගැන)
• ජේම්ස් ගෝර්ඩන් – කොමික් වල හැටියට නම් ගොතම් වලට එන්නේ කොමිෂනර් හැටියට. එයා තමයි ගෝතම් නගරය අවනීතියෙන් බේරන්න ඉන්න එකම නිලදාරියා. මෙයා පස්සේ කාලෙක බැට් මෑන් එක්ක එකතු වෙලා ගෝතම් නගරයේ අපරාද මර්දනය කරන්න කැප වෙනවා.
• හාර්වි බුලොක් – ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ ගෝර්ඩන් යටතේ වැඩ කරන්නේ. තමන්ගේ වැඩේ කරගන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. බැට් මෑන් එක්ක පුදුම තරහක් තියෙන්නේ.
• ඇල්ෆ්‍රඩ් පෙනීවර්ත් – විශ්‍රාම ගිය හමුදා සෙබලෙක්. එංගලන්තයේ තමයි ඉපදිලා තියෙන්නේ. වේන් පවුල වෙනුවෙන් පණ උනත් දෙන්න ලැස්ති. ඇල්ෆ්‍රඩ් බ්රුස් ගේ සේවකයා උණාට එයාට සිද්ද වෙනවා බ්රුස් ගේ භාරකාරයා විදිහට හැසිරෙන්න සමාජය ඉදිරියේ. පස්සේ කාලේක බැට් මෑන් පිටිපස්සේ සෙවනැල්ලක් වගේ ඉන්නේ මෙයා තමයි.
• රේනි මොන්ටයා – මෙයා ගැන ලොකුම ලොකු කතා තියනවා. ඒ උණාට දැන්ම කියන එක එච්චර සුදුසු නෑ කියලා හිතනවා. බලමු ඉස්සරහට කතාව යන විදිහ අනුව ඒ ගැන කියන්නම්. කොමික් ලෝකේ දී මෙයා ගෝතම් පොලිසියේ වැඩ කෙරුවා කියලා මතක තියා ගමු. ආ තව දෙයක්, මෙයාට ලෙස්බියන් කෙනෙක් කියලා චෝදනා එහෙමත් තිබ්බා. ඒ වගේම බීමට ඇබ්බැහි වෙලා හිටියා.
• ක්‍රිස්පස් ඇලන් – මෙයා ගැනත් දැන්ම කියලා බෑ. එයා ගෝතම් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කෙරුවා කියලා දැන ගත්තාම ඇති දැනට.
• බර්බාරා අයිලීන් – ගෝර්ඩන් ගේ පලවෙනි බිරිඳ. මෙයා පස්සේ කාලේක සැක කරනවා ගෝර්ඩන් ට වෙන සම්බන්දයක් තියනවා කියලා. ඒ හින්දා දෙන්නා අන්තිමේ දී දික් කසාද වෙනවා.
• සාරා එසන් – මේක නම් දැන්ම කියන එක සුදුසු නෑ කියලත් හිතුනා. එක්කොත් ඔන්න ඔහේ කමක් නෑ. කොමික් වල හැටියට නම් ජිම් සාරා එසන් එක්ක සම්බන්ධයක් තියනවා කියලා තමයි බාර්බරා සැක කරන්නේ. ඒක බොරුවක්ම නෙවේ. පස්සේ මේක හින්දාම සාරා නිව් යෝර්ක් වලට මරු කරනවා. මෙයා අවුරුද්දකට පස්සේ ආපහු ගොතම් වලට එද්දී ගෝර්ඩන් දික්කසාද වෙලා. පස්සේ මෙයා ගෝර්ඩන් ගේ දෙවෙනි බිරිඳ වෙනවා.
• නගරාධිපති ඔබ්‍රේ ජේම්ස් – මෙයා ගැන නම් කොමික් වල ලොකුවට නෑ. වේන් දෙපල ඝාතනය වෙද්දී නගාරාපති කියලා විතරයි තියෙන්නේ.
• එඩ්වර්ඩ් නිග්මා – මෙයා ගැනත් දැන්ම කියන්න යන්නේ නෑ මම. හැම වෙලේම ප්‍රහේලිකා වලින් උත්තර දෙන කෙනෙක්. මුලින් නම එඩ්වර්ඩ් නැෂ්ටන්. ගෝතම් නගරයේ රසායනාගාර සේවකයෙක් විදිහට වැඩ කරනවා.
• අයිවි පෙපර් – මෙයා ගැන නම් පොඩි ගැටලුවක් තියනවා ඇත්තටම. මොකද කොමික් ලෝකේ ඉන්නවා පොයිසන් අයිවි කියලා චරිතයක්. එයා ගේ ඇත්ත නම නම් පැමෙලා ලිලියන්. ගොඩක් වෙලාවට එයා ගැන වෙන්න ඉඩ තියනවා මේ කියන්නේ.
• ඔස්වල්ඩ් චෙස්ටර්ෆිල්ඩ් කොබ්ල්පොට්/ පෙන්ගුවින් – මෙයා පෙන්ගුවින් කියලා පැහැදිලිවම කියපු හින්දා නම දැන්මා. මෙයා ගැන අපි හෙමිට කතා කරමු. මොකද ගොඩක් දේවල් කතාව ඇතුලේම කතා කරයි වගේ.
• ෆිෂ් මුනි – ඇත්තමට මෙහෙම චරිතයක් නම් කොමික් ලෝකේ මම දන්න විදිහට නෑ.
• කාර්මයින් ෆැල්කොනි – කොමික් වල හැටියට නම් මෙයා ගෝතම් නගරයේ ප්‍රධානම අපරාද කල්ලියේ ප්‍රධානියා. මම මෙයා ගැනත් ඉස්සරහට චරිතය විකාශයනය වෙනවත් එක්කම කියන්න බැලුවේ.

මම දන්නවා කොමික් පසුබිම කියනවා කියලා වැඩි දෙයක් කිව්වේ නෑ කියලා. ඒත් අදට මීට වඩා දෙයක් කරන්න අමාරුයි. අපි මේ චරිත ගැන වැඩි දුරටත් කතා කරමු ඉස්සරහට.

ඊලඟට තමයි රසවත්ම කොටස. ඒ කියන්නේ කතාව ඇතුලේ තියන පොඩි පොඩි දේවල්.

• ගෝතම් නගරයේ ගාර්ගොයිල් (#1 පින්තුරය) – මේ ගාර්ගොයිල් පිළිම ගෝතම් නගරයේ සංකේතයක් වගේ. ගොඩක් වෙලාවට බැට් මෙතන ඉදන් නගරය දිහා බලන් ඉන්නවා
• සෙලිනා සහ බළල්ලු (#2 පින්තුරය) – සෙලිනා කියන්නේ කැට් වුමන් කියලා අපිට තේරුනේ නැතිනම්
• පෙන්ගුවින් ගේ කුඩය (#3 පින්තුරය) – කුඩේ නැතිනම් පෙන්ගුවින් කෙනෙක් නෑ. ඒක කාගේද කියන එක ප්‍රශ්නයක් නෙවේ.
• බුලොක් නිග්මාට කියනවා “ I want RIDDLE, I’ll read the funny pages”
• ක්ලොක් ටවර් (#4 පින්තුරය) – බාර්බරා නැවතිලා ඉන්න තැන ජනේලේ ඔරලෝසු මුහුණතක් වගේ. ගෝර්ඩන් ගේ ඥාති දියණියක් ඉන්නවා බාර්බරා ගෝර්ඩන් කියලා. එයාට තමයි බැට් ගර්ල් කියන්නේ. ඔරකල් කියන්නෙත් එයාටමයි. මෙයා පස්සේ කාලේක “Birds of Prey” කියලා සංවිධානයක් හදා ගන්නවා. ඒකෙ මුලස්ථානය තමයි ගෝතම් වල ක්ලොක් ටවර් කියන එක.
• සොලමන් ග්රුන්ඩි – බුලොක් ගෝර්ඩන් ට කෝල් එකක් අරන් කියනවා “Meet me at Fourth and Grundy in an hour” සොලමන් ග්රුන්ඩි කියන්නේ ග්‍රීන් ලැන්ටර්න්, බැට් මෑන් කතා වල ඉන්න දුෂ්ටයෙක්
• පොයිසන් අයිවි (#5 පින්තුරය) – කලින් කිව්වා වගේ මේ පොයිසන් අයිවි කියලා නම් ෂුවර් නෑ හරියටම
• The Killing Joke – මේක නම් අනුමානයක් විතරයි. කිලින්ග් ජෝක් කියන්නේ ජෝකර් මුලින්ම හදුන්වා දුන්න කොමික් කතාවක්. අපිට හම්බෙනවා පොඩි කොල්ලෙක් විහිළුවක් අමාරුවෙන් කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් කිලින්ග් ජෝක්. කවුද දන්නේ මේ ජෝකර් ගේ මුල්ම නිරුපනය ද කියලා.

Comic Script (144 Posts)


3 thoughts on “*********** Spoilers ************Gotham – 01×01

  • January 8, 2015 at 9:11 PM
    Permalink

    හොද වැඩක් 😀

  • January 8, 2015 at 8:25 PM
    Permalink

    Thx saho,

  • January 8, 2015 at 5:57 PM
    Permalink

    Elazzz,niyamai ,pissu hadila aye hadenawa,digatama demu,
    obata Jaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *