Villain (දුෂ්ටයා) 04 – Loki
2015 අවුරුද්දේත් ඔන්න මන් ආවා “දුෂ්ඨයෝ’ “villain” article සෙට් එක අරන්.
මුලින්ම මන් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියනව.හැමෝගෙම සිතු පැතුම් ඉටුවන නව වසරක් වේවා කියල මන් පතනවා.
මගේ කලින් කතාව කියෝපු අයනම් දන්නවා ඇති අද කවුරු ගැනද මන් කියන්න යන්නේ යන්නේ කියලා.
මෙදාපාර මන් අරන් ආපු කෙනා නම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි.
දෙයියෙක්.
දුෂ්ට දේව පුත්‍රයෙක්. ඕගොල්ලෝ බලනව ඇති කවුද යකෝ වැරදි වැඩ කරන දෙයියා කියල.
නරක වැඩ කරන දෙයියා තමයි Loki.
මෙයාගේ සම්පුර්ණ නම තමයි Loki Laufeyson
දැන් මතකයි නේද…. Thor චිත්‍රපටයේ හිටියා. Thor ගේ සහොදරයා. Thor එච්චර වීරයෙක් වෙද්දී loki දුෂ්ටයෙක් වෙන්න හේතුව මොකක්ද?
අපි බලමු එයාගේ ආරම්බයේ සිටම .

ආරම්බය
මෙයාව නිර්මාණය කලෙත් Stan Lee, Larry Lieber, Jack Kirby කියන 3 දෙනා. ඒ August 1949 දී historical: Venus #6 කියන කොමික් පොතෙන්. මෙයාගේ බෙදාහැරීම් කටයුතු බාරව තියෙන්නේ Marvel Comicsලට.
චරිතාපදානය
loki අරන් හදා වඩා ගත් දරුවෙකි. ඔහු thorගේ සබැ සහෝදරයා නොවේ. මෙම කරුණ මත ඔවුන්ගේ ළමා කාලය පුරා සහ නව යොවුන් වියේදී Asgard පුරවැසියන් thorට හා ඔහුට ආකාර දෙකකින් සලකන බව lokiට හොදින්ම වැටහිණි. මේ නිසා ඉතාමත් කලකිරීමට ලක් වූ lokiගේ සිතට අදුරු අදහස් ගලා අවේ නිරායාසයෙනි. මෙහි ප්‍රතිපලයක් ලෙස loki විසින් ඉතා දිගු කාලයක් නිහඩව thor හා ඔහුගේ පියා විනාස කොට Asgard තම අනසකට යටත් කරගැනීමට සැලසුම් සකස් කළේය.

පෙළපත
Loki’s family tree as it appears in Thor #500 (July 1996):
බලතල සහ හැකියාවන්
ඇත්තටම Loki හිම යොධයන්ගේ ජාතියේ සාමාජිකයෙකි. එනිසා ඔහු සතුව දරුණුකම, වේගය, කල් පවත්නා බව අධිමානුෂික හැකියාව, ඉහළ-ක්‍රමාංකන උණ්ඩ වලට ඔරොත්තු දීමට තරම් කල් පවත්නා බව සහ රෝග සහ විෂ වැනි දෑ වලට ශනික ප්‍රතිශක්තිය, මැජික් කිරීමට වැනි දෑ ඔහුට සහජෙන්ම පිහිටා ඇත.වීධීමත් මට්ටමේ ඉන්ද්‍රජාලික බලවේග හැසිරවීමට ඔහුට හැකියාව ඇත. තාවකාලිකව ඔහුගේ ම ශාරීරික ශක්තිය වැඩි කිරීම, ජීවී සත්වයන්ට අධිමානුෂික හැකියාවන් ලබා දීම හෝ අජීවී වස්තූන් පාලනය, ගුවනින් ගමන් කිරීම, අන්තර් ද්විමාන දුරගමනය ඔහුට කල හැකිය. අනෙක් පුද්ගලයන් සිත් කියවීමටද ඔහුට හැකිය.තවද සතුන් බවට වෙනස් වීමට ද පුළුවන. උදාහරණ ලෙස සැමන් මත්ස්‍යයා, අශ්වයා හා මනුසත්වයින්.
විද්යත්මාදය සම්ප්‍රාප්තිය
රූපවාහිනී
- The Marvel Super Heroes.
- Spider-Man and His Amazing Friends episode “The Vengeance of Loki”,(හඩ කැවිම – John Stephenson.)
- The Super Hero Squad Show episode “Oh Brother”,(හඩ කැවිම – Ted Biaselli.)
- The Avengers: Earth’s Mightiest Heroes,(හඩ කැවිම – Graham McTavish.)
- Ultimate Spider-Man episodes “Field Trip”, “Run Pig Run”, “Itsy Bitsy Spider-Man”, “Avenging Spider-Man, Part 1” and “Avenging Spider-Man, Part 2”,(හඩ කැවිම – Troy Baker.)
- Avengers Assemble episodes “The Doomstroyer” and “Valhalla Can Wait”
- Hulk and the Agents of S.M.A.S.H. episode “For Asgard,” (හඩ කැවිම – Troy Baker.)
- Marvel Disk Wars: The Avengers.
- Lego Marvel Super Heroes: Maximum Overload mini-series, (හඩ කැවිම – Troy Baker.)
චිත්‍රපට
- Hulk vs. Thor, (හඩ කැවිම – Graham McTavish.)
- Thor: Tales of Asgard, (හඩ කැවිම – Rick Gomez.)
- Thor (රංගන දායකත්වය – Tom Hiddleston )
- The Avengers, Thor: The Dark World (රංගන දායකත්වය – Tom Hiddleston )
- Avengers: Age of Ultron (රංගන දායකත්වය – Tom Hiddleston ) මෙම වසරේ තිරගත වීමට නියමිතයි.
- Thor: Ragnarok. නුදුරු අනාගතයේ නිර්මාණයට නියමිතයි.
- Avengers: Infinity War. නුදුරු අනාගතයේ නිර්මාණයට නියමිතයි.
වීඩියෝ ක්‍රීඩා
- Marvel: Ultimate Alliance.
- Marvel Super Hero Squad,
- Thor: God of Thunder
- Marvel Super Hero Squad Online,
- Facebook game Marvel: Avengers Alliance
- fighting game Marvel Avengers: Battle for Earth.
- Action role-playing game Marvel Heroes.
- Lego Marvel Super Heroes
- action-adventure sandbox video game Disney Infinity: Marvel Super Heroes

රඟහල
Marvel Universe: LIVE වේදිකා නාට්‍ය
(අන්තර්ජාලය ඇසුරිණි)
මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක් වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා
මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියේන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් කරන්න.
තවත් දවසක හමුවෙමු “දුෂ්ඨයෝ’ “villain” කතාවක් සමග.
එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!
ඕගොල්ලන්ට පුළුවන් මෙතැනින් මා සමග සම්බන්ද වෙන්න.
මා සමග සම්බන්ද වෙන්න
THANKS.
THANKS.
ur welcome
THANKS.
THANKS.
ur welcome
ok macho. mn film 1 enna kalin dannam.
THANKS.
cheers mate
ස්තුතියි සහෝ..දිගටම ලියමු..
ජය වේවා!
niyamay saho. digatama me wage eewa denna. godaak sthuthi..!!!!!
patta pahara bro digatama lipi liyyana!!!!!!!
Supiri wadak.suba pathanawa.ohoma yan
කලින් එක වගේම මෙන්න මේකත් කියෙව්වා.
බොහෝම ස්තුතියි ලිපියට.
ලොකීගේ පෙලපත තමයි මෙච්චර කාලෙකට නොදැන හිටපු ලොකු කාරණාවකට තිබ්බේ. ඒක අද දැනගත්තා. 🙂
නියම ලිපියක් දිගටම villainල ගැන ලියන්න Heroes ල ගැන නම් තවත් අය පෝස්ට් දානවනෙ තානෝස්, රෝනන් දෙන්න ගැනත් පොඩි විස්තරයක් දෙන්න ඒ වගේම පුලුවන් තරම් ඉක්මනට ULTRON ගැනත් පෝස්ට් එකක් දාන්න Avengers 2 ෆිල්ම් එකේ දුශ්ඨය ULTRONනෙ
හම්. එතනදි loki එහෙම කලේ (සහෝදරයෝ නොවුනට) පොඩි කාලෙ ඉදන් එකට ඉදපු මිත්‍රත්වය නිසා වෙන්න ඕනා. ඒ වගේම ස්තූතියි.
මම ලෝකි ගේ චරිතයේ කැමතිම පැත්ත දැක්කේ තෝර් 2 ෆිල්ම් එකේ දී. දුෂ්ඨයා උනාට එතන දී අපිට ලෝකිගේ හොඳ පැත්තක් දකින්න හම්බුණා. වටිනා ලිපියක් මචෝ.