DC කොමික්

1465223_1519199231696417_2906759340399829160_n

කොමික් කියන්නේ ලංකාවේ චිත්‍ර කතා පත්තර වගේ ඊට වඩා වෙනස්ම විදිහේ ප්‍රකාශන වර්ගයක්. ලෝකේ මුලින්ම මේ විදිහේ කොමික් ප්‍රකාශනයක් එලි දැක්වුණේ 1933 දී. එතනින් ආරම්භ වුනු කොමික් විශ්වය අද වෙද්දී හිතා ගන්නවත් බැරි තරම් දුරකට ඇවිත් තියනවා. මුලින්ම ටැබ්ලොයිඩ් කලාපයක් විදිහට එලියට ආපු මේ කොමික් පොත් චරිත පස්සේ කාලෙකදී කතන්දර පොත්, රුපවාහිනි කතා මාලා, සිනමා පට විතරක් නෙවේ වීඩියෝ ක්‍රීඩා වගේ හැම පැත්තටම ගිහින් තියනවා. ඒ කොමික් ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඒ තමයි හැමෝම නම කියපු පමණින් අදුරන DC කොමික්. අද ලංකාවේ ඉතාම ජනප්‍රිය වෙලා තියන ඇරෝ, ෆ්ලෑෂ් සහ ගෝතම් කියන්නේ ඒ DC කොමික් ඇතුලේ බිහිවුණු චරිත මත පාදක වුනු කතා මාලා කිහිපයක්. ඉතින් ඒවා ගැන කතා කරන එක පස්සට දාලා අපි මුලින්ම DC කොමික් ගැන ඉතිහාසය දැනගෙන ඉමු.

10620697_1519197311696609_6247567098985360993_n
ඇමරිකානු කොමික් කියන ගණයට අයිති වෙන DC කොමික් මුලින්ම එලියට එන්නේ 1935 දී New Fun: The Big Comic Magazine විදිහට. ඒ අවුරුද්දේ දීම ඒක නම වෙනස් කරනවා New Comics කියලා. ඇත්තම කිව්වොත් මේ කාලේ තිබ්බේ National Allied Publications කියන සමාගම එළිදක්වපු කොමික් බුක් මාලා. ඒ කතා මාලා වලින් තමයි මේ නම් ඇති උනේ. පස්සේ කාලේක මේ New Comics කියන එකම Adventure Comics විදිහට නම වෙනස් වෙනවා. මේ කතා මාලාව යටතේ තමයි සුපර්බෝයි, සුපර්ගර්ල්, ස්පෙක්ට්‍රි, ඇක්වාමෑන් කියන චරිත වගේම තවත් චරිත ගණනාවක් එකතු කරලා හදපු ලීගන් ඔෆ් සුපර් හිරොස් එහෙම එලියට ආවේ.

10849754_1519200235029650_1935648281796953255_n
මේ සේරම දේවල් කෙරුවේ මැල්කම් වීලර් නිකල්සන් කියන පුද්ගලයා. මේ කතා මාලාව යන අතරේ මේ කට්ටිය තව කතා මාලවක් පටන් ගන්නවා Detective Comics විදිහට. එතකොටත් හැබයි අර New Comics කතා මාලාව නවත්තලා නෑ. ඒක යන අතරේම තමයි මේ අලුත් එකක් පටන් ගන්නේ. ඒකෙන් තමයි අපි හැමෝම ආදරේ කරන බැට්මෑන් එලියට එන්නේ. ඒ වගේම රොබින්, මෑන් හන්ටර්, ඇරෝ වගේ කට්ටියත් මුලින්ම අපිට හම්බෙන්නේ මේ කතා මාලාව ඇතුලේ. මේ වෙද්දී නිකල්සන් තවත් දෙන්නෙක් එක්ක එකතුවෙලා National Allied Publications ටම අනුබද්ධිත Detective Comics, Inc කියන සමාගම පටන් ගන්නවා අලුත පටන් ගත්තු Detective Comics කතා මාලාව එලි දක්වන්නම. හැබයි ටික කාලෙකින් මුදල් ප්‍රශ්න හින්දා නිකල්සන් ට අයින් වෙන්න සිද්ධ වෙනවා ඒකෙන්. ඒ විතරක් නෙවෙයි එයා ආරම්භ කරපු National Allied Publications එකත් Detective Comics, Inc එකටම විකුනන්න වෙනවා.

10888508_1519197381696602_1870603322777078860_n
මේ Detective Comics, Inc ලා 1938 දී තවත් කතා මාලාවක් එලි දක්වනවා. ඒ Action Comics කියලා. ඒකෙන් තමයි මුලින්ම සුපර්මෑන් චරිතය එලියට එන්නේ. 1944 වෙනකල් වෙනම කොම්පැනි දෙකක් විදිහට තිබ්බ National Allied Publications සහ Detective Comics, Inc කියන දෙකම එකතු කරලා National Comics කියන සමාගම පටන් ගන්නවා. පස්සේ මේක All-American Publications එක්ක එකතු වෙලා 1961 දී National Periodical Publications විදිහට නම වෙනස් කරනවා. අන්තිමේ දී මේක නතර වෙන්නේ ඒ කට්ටියගේ ප්‍රධානම මූලය වුනු Detective Comics, Inc කියන එකේ මුලකුරු වලින් හදුන්වන DC කියන නම අරගෙන. ඒ 1977 දී. එදා මෙදා කාලය ඇතුලත මේ කට්ටිය චරිත, සිද්දි දාම, කතා මාලා විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තියනවා. ඒවා ගැන මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි ඉස්සරහට අපිත් එක්කම හිටියොත් ඒ සේරම දේවල් ඔයාලට දැන ගන්න පුලුවන්.

12818_1519199245029749_3333628786746976982_n
(මෙම ලිපිය විකිපීඩියා වෙබ් අඩවිය ආශ්‍රයෙන් සකසා ඇත)

DC සමාගමේ නිල වෙබ් අඩවිය : http://www.dccomics.com/

10497126_1519199315029742_6824079311909789055_o

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434?fref=nf)

Comic Script (144 Posts)


2 thoughts on “DC කොමික්

  • January 3, 2015 at 3:48 PM
    Permalink

    Supiri wadak .suba patanawa idiriyatath hoda mewani dewal liyannata.

  • January 3, 2015 at 2:42 PM
    Permalink

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් දෙන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!