මොළය පරිගණකගත කිරීම Transcendence

transcendence

අපට තොරතුරු පරිගණකගත කළ හැකිය. නමුත් මොළයක් පරිගණකගත කළ හැකිද? නැතහොත් තනිකරම මොළයක් පරිගණකයකට CUT කරලා Paste කරලා දාන්න පුලුවන් වුනොත් මෙහෙම වෙයි කියලා තමයි Transcendence කතාවෙ කියන්නෙ.

විද්‍යාවේ විවිධ කෝණ යටතේ විද්‍යා ප්‍රභන්ද රචනා වේ. කෘතීම බුද්ධිය මේ විද්‍යා ප්‍රභන්දවලට ප්‍රමුඛ මාතෘකාවකි. ප්‍රභන්ද ලෝකයට මොළයක් පරිගණකගත කිරීම නම් අලුත් දෙයක් නම් නොවේ. Transcendence වල කියන කතාව අපිට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනවා. ජොනී ඩෙප් ප්‍රධාන චරිතය රඟපානවා කිව්වහමම තේරෙනවනේ මේකෙ විශේෂත්වයක් තියනවා කියලා. ජොනී ඩෙප් රඟන චිත්‍රපටි බොහොමයක් අමුතු කෝණ වලින් ලෝකය දැක්ක ඒවා කියලා කියන්න පුලුවන්.

maxresdefault

මිනිසා විසින් සෑම තත්පරයකම විද්‍යාව පවතින මට්ටමට වඩා දියුණු මට්ටමකට පත් කරනු ලැබෙයි. මුල් කාලයේ ජීවත් වූ මානවයාගේ අවශ්‍යතා සීමිත විය. මානව පරිණාමයත් සමඟ ක්‍රමයෙන් ආරම්භ වු විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසා යම් අවසානයක් තෙක් ගමන් කරනු ඇත. මිනිසාට යථාර්තයක් කරගත හැකි විශාල බලාපොරොත්තුවක් බවට පත්ව ඇති කරුණු කිහිපයක් ඇත. කෘතීම බුද්ධිය, ග්‍රහලෝකයක ජනාවාස ඇති කිරීම, ශරීර අවයව මුද්‍රණය කිරීම, අමරණීයත්වය, අසීමිත මතකය එවැනි කරුණු වේ. මේ යන ගමනේ විශේෂතම සන්ධිස්තානයක් ලෙස කෘතිම බුද්ධිය මිනිසා නොනැසී පැවතුනොත්  නිසැකවම නිර්මාණය කෙරෙනු ඇත. කතාව මුලහරියෙදි ආචාර්ය විල් කාස්ටර් කතාවක් කරනවා. මේ කතාව අතර තුරදි කෙනෙක් ප්‍රශ්ණයක් අහනවා. චිත්‍රපටය බැලුවනං මතක ඇති. එයා අහනවා ඔයා ඔයාගෙම දෙවියෙක් හදන්නද යන්නෙ කියලා. ආචාර්යවරයා පිළිතුර “ඒක කරන්න නේද මිනිසා හැමතිස්සෙම උත්සහ ගත්තෙ.

transcendence.29748

කෘතීම බුද්ධියක සැභෑ ස්වාභාවය

කෘතිම බුද්ධියක් යනු යාන්ත්‍රිකව නිර්මාණය කරණ ලද බුද්ධියකි. සාමාන්‍ය පරිගණකයකට හෝ සාමාන්‍ය පරිගණක ජාලයක කෘතීම බුද්ධියකට පැවීතීමේ ඉඩක් නැත. පරිගණකයක ඇත්තේ මතකය හා තවත් කොටස් කිහිපයක සීමා සහිත හැකියා පමණි. කෘතිම බුද්ධිය පරිගණක කේත සටහනක්(මෘදුකාංගයක්) නොවන නිසා එයට ගැලපෙන වෙනම පරිගණක පද්ධතියක් එයට තිබිය යුතිය. එම පද්ධතියේ සිට විවිධ මුහුනුවරවල් ඔස්සේ පරිගණකවලට රිංගීමේ හැකියාව කෘතිම බුද්ධියකට පැවතිය හැක.  නමුත් මෙය වෛරසයක් වැනි හුදු කේත සටහනක් නොවන නිසා පරිගණකයකට රිංගාගෙන සිටීමේ හැකියාවක් එයට නැත. එහි පද්ධතිය විනාශ කලහොත් එය තවදුරටත් නොපවතිනු ඇත. නමුත් එය මඟන් නිර්මාණය කරන ලද්දාවූ වෛරස වැනි කේත සටහන් වලට නම් රිංගන රිංගන හැම පරිගණකයේම ලැඟුම් ගැනීමට හැකිවනු ඇත.

Transcendence-Movie-2014-transcendence-36939508-1280-720

 මිනිස් බුද්ධියක් යන්ත්‍රයකට upload කළොත්

අපේ මොළය අංශූන්ගෙන් සැදුම් ලද්දක් වෙයි. අපේ මොළය යම් විදිහක ක්ලෝනීකරණයකින් ඒ අයුරින්ම තැනුවොත් දෙදනාගේම අත්දැකීම, දැනුම, සිතුම් පැතුම් සමාන වනු ඇත. නමුත් දෙදෙනකි. මිනිසකුගේ සිරුරේ පරමාණු සියල්ලම කොළඹදී ගලවා ලන්ඩන් නුවරට ඒ පිහිටීම යැවූවොත් එහි ඇති පරමාණු ආදාරයෙන් දිනක එම මිනිසා නැවත තැනීමට හැකිවනු ඇත. නමුත් ඒ ඔහුමද? නැත. ඒ ඔහු වැනිම තවත් අයෙකි. මෙනිසා මොළයක් පරිගණකයකට දැමූ පමණින් ඔහුට ඔහු විය නොහැක. ඒ ඔහු වැනිම තවත් අයෙකි.

transcendence-johnny-depp-2014-images-54e8912427a8d007ece906c577fdca60

සිතුම් පැතුම්

කෘතීම බුද්ධියකට මිනිසකු සේ සිතන්නට පහසු නොවනු ඇත. මිනිස් මොළයේ ඇති පොදු දුර්වලතා බොහොමයක් මිනිස් සිතුම් පැතුම් වලට පාදක වී ඇත. මේ පොදු දුර්වලතා කෘතිම බුද්ධියකට පැවතීමටනම් මිනිසා මිනිස් මොළය තේරුම්ගෙන තිබිය යුතුය. එය කෘතීම බුද්ධියක සීමා ඇතිකිරීමට තරම් ක්‍රියා කරන තෙක් සැකසීමට හැකියාව තිබිය යුතුය. සාදන පළවන දෙවන කෘතිම බුද්ධියෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. එය හැඟීම් දැනීම් වලින් විරහිත අයකු වනු ඇත. එහි ක්‍රියාකාරිත්වය සිතන්නටත් අපහසුය.

transcendence-logo-title-600x269

ප්‍රශ්ණ තිබ්බනං කියන්න. තව දැක්ක දුර්වලතා, ප්‍රභලතා, විශේෂ අවස්තා, විද්‍යාත්මක සිදුවීම්වල ක්‍රියාකාරිත්වයේ ප්‍රශ්ණ කළ හැකි අවස්තා තියනවනං comment කරන්න. අර අන්තිමට හදලා තියන උයන ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්. ඒ ගැන අදහස් තියනව නං කියන්න.

Shakila Praveen (6 Posts)


13 thoughts on “මොළය පරිගණකගත කිරීම Transcendence

  • January 15, 2015 at 9:24 PM
    Permalink

    -_- මරු

  • December 25, 2014 at 2:05 PM
    Permalink

    මතකයන් කියන්නෙ දත්ත හා තොරතුරු. ඒවා විවිධ ආකාර වලට පිහිටනවා. අපේ මොළයේ ඉතා සංකීරණ පද්ධතියක් තුල ඒවා ගබඩා කරනවා. මතකයන් නොවන දත්ත හා තොරතුරුත් පරිසරයේ තියනවා. උදාහරණයකට DNA අනුවක අපගේ ජානමය ස්වරූපය ගැන ඕන තරම් තොරතුරු තියනවා. නමුත් ඒක මතකයක් නෙමේ. ඒක හුදෙක් තොරතුරක් විතරයි. ඒක අපේ මතකයක් නෙමේ. බැක්ටීරියා තුල දත්ත තැන්පත් කළ හැකියි කියා පසුගිය වසරේ කතාබහට ලක්වුනා. දවසක DNA අනුවක තියන සියලු තොරතුරුවලට පිවිසෙන්නට ලොකය සමත්වේවි. නමුත් ඒකෙන් කියන්නෙ නෑ DNA අනුවකට නැත්නම් ජල අණුවකට මොළයක සමස්ත කාර්යය සිදුකළහැකියි කියා. අනික ජල අණු එකිනෙක අතර දත්ත තැන්පත්ව පවතීනම් ක්ෂණිකව ඒවා එක තැනකට ගොනු කළ හැකිද? එහෙම නං ජල අණු අතර ජාලාකරණයක් පැවතිය යුතුය. ජල අණු අතර බුද්ධියකට ක්‍රියාත්මක විය හැකිද?
    මොළයෙ ජලය තිබ්බට ඒක පද්ධතියක්. ජල අණු ස්වල්පයකට ස්වාධීනව මොළයක කාර්යය සිදුකළ හැකිද?
    ජල අණු තුල ක්ෂුද්‍ර පුමාණයෙන් නිර්මාණය කරන ලද මොළයක් පැවතීමට නම් නොහැක්කේ නොවේ.
    උදා සහෝ ඔයාගෙ කරණු මම පිළිගන්නවා. ඒත් ඒ මතකයන් බුද්ධියකට සම්බන්ධ මතකයන් නෙමේ.
    මේකත් අදහසක් විතරයි. තව මේ වගේ හොද අදහස් දැනගන්න කැමතියි.
    මූවි එක බලන්න සහෝ.

  • December 25, 2014 at 12:19 PM
    Permalink

    සහෝලා පටළවාගන වාගෙයි. මම මේක තවම බැලුවේ නැතත් ජලය සම්බන්ධව මා දන්නා එක්තරා කරුණක් ගැන අදහසක් දෙන්නම්!

    ජලයට මතකයක් නැහැයි කියන කාරණය බොරුවක් බව විද්‍යාව විසින් දැනටමත් ඔප්පු කරලා හමාරයි. දැනටත් විදුදරයන් ජලය මතක ගබඩාවක් ලෙස යොදාගත හැකි ආකාරය ගැන පර්යේෂණ කරමිනුයි ඉන්නේ…

    ජීවයෙන් තොර ජලයක වුවත් දත්ත ගබඩා කළ හැකියි. ජීවයක් සහිත එකක් නම් මේක තවත් සන්කීර්ණ බවට පත්වෙනවා. ඒ වගේම එකම එක ජල අන්ශුවක් තුළ වුවත් මතකය ගබඩා කළ හැකි එකිනෙකට වෙනස් ක්‍රම අපරිමාණ ගණනක් ඇති බව විද්‍යාව දැනටම වටහාගන හමාරයි. ඒ කියන්නේ ජලය දත්ත ගබඩාවක් බවට පත් කළොත් එකම එක අන්ශු වෙනසකින් මුළුමනින්ම වෙනස් නව මතකයක් ඒ තුළ ගබඩා කළ හැකියි කියන එකයි.

    උදාහරණයක් විදියට තනි ජල බිඳුවක් මම අතින් ඇල්ලූ විට මා ගැන මතකයක් අන්ශු වෙනසකින් එහි ගබඩා වෙනවා. එයම ඔබ අතින් ඇල්ලූ විට ඔබ ගැන මතකය එහි අන්ශු වෙනසකින් ගබඩා වෙනවා. නමුත් මේ දෙකම එක විට පවතිනවාද යන්න තවමත් තහවුරු කර නැහැ. ඒ ගැන තවමත් සොයමින්; ජලය අපේ අනේක විධ මතකයන් ගබඩා කිරීමට යොදාගත හැකි ආකාරය තමයි මේ වන විටත් අර කිවූ විද්‍යාඥයන් සොයමින් ඉන්නේ…

    ඒ අනුව බලපුවාම ජලයට මතකයක් හෝ දත්ත ගබඩා කර සිටීමේ හැකියාවක් නැතැයි කීම බොරුවක් වෙනවා. අප මෙතෙක් දන්නා සන්කීර්ණතම සහ අසහායම දත්ත ගබඩාව අපේම මහ මුහුද බවට පත් වන්නට නියමිතයි ඉදිරියේදී…

    මේ අනුව පැහැදිලි වන තවත් දෙයක් තියෙනවා. ඒ තමා මේ ලෝකයේ සෑම ද්‍රව්‍ය අන්ශුවක් සතුවම මතකයක් නැතහොත් දත්ත ගබඩා කර ගැනීමේ හැකියාවක් ඇති බව. තවම එය හසු කරගන්නට තරම් විද්‍යාව දියුණු වී නැහැ. නමුත් ඊතරය කියන මාධ්‍යය ගැන අහලා තියෙනවානම් ඒ ගැන අවබෝධයක් ඇති. මේ විශ්වයේ සිදුවන සෑම දෙයක්ම මේ විශ්වීය අන්ශු තුළ මතකයක් ලෙස තැන්පත් වී තිබෙනවාය කියන අදහසත් එක්ක ඒ ගැන ආපු මතය තමයි ඊතරය(මේ ඊතරය ගැන මාර්වල් විශ්වයේ පවා සඳහන් වෙන බව ඔබ දන්නවා ඇති. එය එහි ඉන්ෆිනිටි ජෙම්ස් සයෙන් එකක් ලෙස කියැවෙනවා. ඒ කියන්නේ විශ්වීය බලවේගයක් ලෙස සැලකෙන බවයි) මම දන්නා විදියට. නමුත් අපි තවමත් ඒවා හසුකරගන්නා විදිය දන්නේ නැහැ. එය දැනගත් දාක මේ සියල්ලම සියුම් ආකාරයේ දත්ත ගබඩාවක් බව හෙළි වේවි කියන එකයි මගේ අදහස!

  • December 25, 2014 at 9:13 AM
    Permalink

    ඔය solar panel අවුලත් තිනකරම ප්‍රශ්ණයක්. ද්‍රව්‍යන්ට නැවත ප්‍රතිස්ථාපනය වෙන්න එම ද්‍රව්‍යන්ට පෙර පැවති ස්වාභාවය පිළිබඳ මතකයක් වාගේම ඒ සඳහා ශක්තියකුත් අවශ්‍ය වෙනවා. නැතුව නිකං හැදෙන්න විදිහක් නෑනෙ. මොනවා කිව්වත් ඔයා කියන විදිහටම මේක සුපිරි කතාවක්.

  • December 25, 2014 at 9:04 AM
    Permalink

    1. කෘතීම බුද්ධියක් ස්භාදහම තුල පවතිනවානම් එය තව දුරටත් කෘතීමද යන්න පළවන ගැටලුවයි.
    2. පරිගණකයකට මෙන්ම මොළයකටද මතකයක් පැවතිය හැකි නමුත්, සාමාන්‍ය පරිසරය තත්වයක මතකයකට හා බුද්ධියකට පැවතිය හැකිද යනවග
    3. ජලය තුලින් ක්ෂුද්‍ර ජීවීන්ට සංක්‍රමණය විය හැකි නමුත් මතකයන්, අත්දැකීම්, හැඟීම් හා බුද්ධියෙන් පිරිපුන් පරිණත ජීවයක්, එකම ජීවයක් ජලයට සංක්‍රමණය කළ හැකිද යනවග

  • December 25, 2014 at 8:57 AM
    Permalink

    ඒක බලපුවහම හිතෙන්නෙ එයාලා ජලය තුල සදාකාලිකව නොනැසී ඉන්න හදනවා කියලා. හරියට ස්භාදහම නැමති පරිගණකයක් තුලට ඇතුල් වෙනවා වගේ. ඒක ගොඩක් අතාත්විකයි. මොකද මොළයක් කියන්නෙ සංකීරණ දෙයක්. ඔලුවට ගැහුවහම මොනවහරි අමතක වෙන්න පුලුවන්නෙ. එහෙම නම් ස්භාදහම තුල මොළයක් නැතුව ඉබාගාතේ සැරිසරන්නට පුලුවන්ද?

  • December 25, 2014 at 2:15 AM
    Permalink

    සිග්නල් විරහිත කලාපයකි.
    නමුත් එහි වර්ෂාවෙන් වැටුණු ජලය පවතී.
    එබැවින් කෘතීම බුධ්ධියෙහි අංශුමාත්‍රයක් වුවද පවතී.
    එබැවින් එය නැවත පටන්ගත හැක.
    එනම් එය BACKUP එකකි.

  • December 24, 2014 at 7:40 PM
    Permalink

    ඇයි එහෙම උනාම අතාත්වික වෙන්නෙ? එහෙම බැලුවොත් චිත්‍රපටියම අතාත්විකයිනෙ.

  • December 24, 2014 at 7:37 PM
    Permalink

    ඒ උයන සිග්නල් විරහිත කලාපයක් කියලනෙ කියන්නෙ. එතකොට අර දෙන්නට සදාකාලිකවම ඒ උයනෙ ඉන්න පුලුවන් කියලනෙ කියන්නෙ. ඒත් තාක්ෂණික උපකරණ ඒකෙ වැඩ නෑ නේද? මම හිතන්නෙ ඒක ඉතුරු කරපු සිහිවටනයක් විතරයි. ඒත් ඒක මගෙ අදහසක් විතරයි.

  • December 24, 2014 at 7:27 PM
    Permalink

    කෘතිම බුද්ධියකකට හුරු වෙන්න කාලයක් යන් නෑ නේද? ඒක සොෆ්ට්වෙයාර් එකක් වාගේනෙ.

  • December 23, 2014 at 8:31 PM
    Permalink

    පට්ට කතාව. එත් මේකේ අර solar panel වගේ දේවල් වලට වෙඩි වැදුනම අයෙ කොටස් ඇවිත් එකතු වෙලා හැදෙන එක නිසා තාත්වික ගතිය ගොඩක් නැති උනා

    ඒ උනාට පට්ට ගති කතාව

  • December 23, 2014 at 4:14 PM
    Permalink

    ලොව පළ‍වෙනි පරිගණකය නිපදවූ පමණින් සමස්ත මිනිස් වර්ගයාට එහි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වුනා. හදලා යම් තරමකට සංවර්ධනය වුනාම ඒක ලෝකෙට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙයි.
    කෘතිම බුද්ධියේ සාර්ථකත්වය නම් විවිධ කෝණ වලට අර්ථ දක්වන්න පුලුවන්. කෘතිම බුද්ධිය අපි වගේ නෙමේ. ඒක පරිගණකයක් නිසා අත්දැකීම් දැනුම ඒකෙ මුලින්ම ස්තාපිත කරලා තියන්න පුලුවන් වෙයි. ඒක හින්දා එක එකට වෙන වෙනම හුරු වෙන්න නම් ඕන නැතිවෙයි.

  • December 23, 2014 at 12:18 PM
    Permalink

    මේ වගේ තව පොස්ට් දන්නා පුලුවන්ම් නියමයි. තව කරුණු ඇතුලත් උනොත් තවත් සාර්ථක වෙයි කියලත් හිතනවා . ඒවගේම කෘතීම බුද්ධියක් නිපදුවා පමණින් එයි සාර්ථකත්වයක් ලබා ගන්න පුලුවන්ද? මම අදහස් කරේ අපිත් ඉපදුන ගමන් කාලයක් ගිය යම් කිසි දෙයකට හුරු වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *