Villain 02 – පෙන්ගුයින්
කොහොමද කොල්ලෝ & කෙල්ලනේ, මන් හිතනව ඕගොල්ලෝ මගේ කලින් post 1 කියවන්න ඇති කියලා. එක කියෝපු & ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තුති. එදා වගේම මන් ඔන්න අදත් අරගෙන ආව තවත් villain කෙනෙක් ගැන විස්තර.
අද මන් කියන්න යන්නේ හොද මහත්මයෙක් විදිහට ඇදන් ඉන්න අපරාද කාරයෙක් ගැන.
Oswald Cobblepot.
(gotham කතා මාලාව බලන අය නම් දන්නවා ඇති මේ කවූද කියලා.) එහෙමත් නැත්නම් පෙන්ගුයින්. මෙයා අයත් වෙන්නේ DC ලට. මෙයා ඉන්නේ Batman ගේ විරුද්ද කාරයෙක් විදිහට.
මුලින්ම අපි බලමු මෙයාගේ ආරම්භය කොහොමද කියලා.
මෙයාව නිර්මාණය කරල තින්නේ Bob Kane සහ Bill Finger . කියන දෙන්න.ඒ දෙසැම්බර් 1941. Detective Comics #58 කියන කතා පොතෙන්.
චරිතාපදානය
ඔහුට පෙන්ගුයින් කියන නම වැටුනේ ඔහු කුඩා කල් පටන්මයි.පෙන්ගුයින් සතකුගේ වැනි ඔහුගේ කෙටි උරහිස්, බර, සහ හොටක් මෙන් නාසය ඔහුට මේ නම ලැබීමට හේතුවක් උනා. ඔහු නිතරම කුඩයක් රැගෙන යන්නේ ඔහුගේ මවගේ බල කිරිම මතයි. එයට හේතුව පෙන්ගුයින්ගේ පිය කුඩා කලම මිය යාම හා පෙන්ගුයින්ට නිතරම නියුමූනියාව වලදීමයි. මව ඔහුගේ එකම පුතා ආරක්ෂා කර ගැනීමට නිතර සැදී පැහැදී සිටියා. wikipedia හි දැක්වෙන්නේ ඔහු ඔහුගේ මව මිය යාමෙන් පසු අපරාද සදහා යොමුවන බැවයි. නමුත් gotham කතා මාලාවේ මව ජීවත්ව සියදීම පෙන්ගුයින් අපරාද සදහා යොමුවී ඇත.
හැකියාවන් හා දක්ෂතා
පෙන්ගුයින් රැකියාවෙන් ඉංජිනේරුවෙකි. නමුත් ඉදහිට රැකියාවේ යෙදෙන ඔහුගේ ප්‍රදාන අදායම් මාර්ගය අපරාද සිදුකිරීමයි. එයින් ඔහු විශාල දනයක් ඉපයුවා. ඒ දනය ඔහුට උපකාරී උනා නලු නිලියන් හා දේශපාලනඥයින් ආශ්‍රය කරන්න. එහි උදවුවෙන් ඔහ ඔහුගේ අනෙක් අපරාද සැලසුම් කලා. Batmanගේ අනිත් villain ලට වඩා පෙන්ගුයින් තාර්කික හා sane වීම සාපේක්ෂ ලෙස කතා වල විස්තර කර ඇත.
උපකරණ
- කුඩය (විශේෂයෙන් බල්ගේරියානු කුඩය).
- මැෂින් තුවක්කු.
- කඩු.
- මිසයිල.
- ලේසර් කිරණ.
- Flamethrowers.
- අම්ල හෝ විෂ වායු ස්ප්‍රේ උපකරණ.
(ලේඛකයා මත වෙන්වස් වේ).
සබඳතා
කණ්ඩායමක් ලෙස පෙන්ගුයින් හා ජෝකර් එකතු කිරීමේ අදහස දශකයක් පැරණි එකකි. ඔවුන් දෙදෙනා එකිනෙකට ස්නෙහෙ වන්ත විය. එක වරක් පෙන්ගුයින් මිය ගියා යි සිතු joker ඇත්තටම අඩා වැලපී. ඒ වෙනුවෙන් Batmanගෙන් පලිගන්න බව කියා සිටියේය.
විද්‍යුත්මාධ්‍ය සම්ප්‍රාප්තිය
රූපවාහිනී
- Batman television series (1960) රංගන දායකත්වය Burgess Meredith
- Gotham television series (2014) රංගන දායකත්වය Robin Lord Taylor
Gotham television series
කාටූන්
- The Adventures of Batman (හඩ කැවිම- Ted Knight)
- The New Scooby-Doo Movies –”The Dynamic Scooby-Doo Affair (හඩ කැවිම- Ted Knight)
- The New Adventures of Batman (හඩ කැවිම- Lennie Weinrib)
- Batman: The Animated Series (හඩ කැවිම- Paul Williams
- Etc..
චිත්‍රපට
- Batman1966Burgess Meredith
- Batman Returns 1992 Danny Devito
- Batman: Mystery of the Batwoman
Animated movie
- The Batman vs. Dracula
- Lego Batman: The Movie – DC Super Heroes Unite (හඩ කැවිම- Steven Blum)
- Batman: Assault on Arkham (හඩ කැවිම- Nolan North)
වීඩියෝ ක්‍රීඩා
- Batman: The Caped Crusader
- Injustice: Gods Among Us
- Etc..
මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක් වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා. මේ වගේ villain කෙනෙක් ගැන විස්තර අරන් මන් තවත් දවසක එන්නම් .
ඒ වගේම මන් මේක අවස්ථාවක් කරගන්නවා මට මේ අවස්ථාව ලබා දුන්න තිසර නියෝ සොහොයුරාට වගේම බයිස්කෝප් එකේ ඉන්න අනෙකුත් ඇඩ්මින්ලාට මගේ ස්තුතිය පුද කරන්න……
මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියේන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් කමෙන්ට් කරන්න.
එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!
යන්න කලින් කියන්නම් ඊලග දවසේ එන්නේ Doctor Octopus එක්ක.
මා සමග සම්බන්ද වෙන්න
ස්තුතියි ♥️
Batman TV siris ekak kawadahari ennawada bro??
ela
Pingback:Villain (දුෂ්ටයා) 14| #LankaComicCon2015 | Mogo Reader CDN
Thanks machoo
niyamai saho
එකෙන්ම මචෝ,
ස්තුතී
ස්තුතියි සහෝ
දුශ්ඨයෝ නොසිටින්න වීරයෝ කොහෙන්ද?
ජය වේවා!
ok.elz.
thanks.
thanks bro
thanks.
එළකිරි ලිපියක් මචෝ
ඔහොමම දැනට ඇවිත් තියන මාවල් ෆිල්ම් වලත් විලන්ලෑ ගැන අපිට කීවනම් 😀
great article bro!!!!!!!!! keep it up!!!!!
Thanks sahoo 🙂
මේකෙදි ඒක ගැටලුවක් නෑ සහෝ. මොකද මේ ඉන්නේ තරුණ ඔස්වර්ල්ඩ් නිසා. අපි මෙච්චර කල් ෆිල්ම් සහ කොමික් පොතෙන් දැක්කේ තරුණ කෙනා නෙවෙයි. ඉතින් මෙයාට මහත් වෙන්න අවුරැදු ගානක් තියෙනවා.
කාටුන් වලයි කොමික්වලයි මහත කෙනෙක් ඉද්දි චිත්‍රපටිවල කෙට්ටු කෙනෙක් දාලා තියෙන්නෙ ඇයි දන්නෑ? හැම චිත්‍රපටයෙම කෙට්ටු.
thanks bro
ස්තුතියි…දිගටම කරමු…
සහෝදරයා ලොකු මහන්සියක් දරලා තියෙනවා.
බොහෝම ස්තුතියි මේ විදියට ලිපි ලියලා අපිව නොදන්නා කරුණු වලින් පෝශණය කරනවට.
දිගමට ලිපි ලියන්න කොල්ලෝ.
අපි කියවන්න මග බලාගෙන ඉන්නවා.
Well done bro.keep it up!we are looking forward for another article from you!
ok mcn. mn blnnm.
elz..tnxx
නියමයි…දිගටම කරන් යන්න සහෝ…
good post saho.
digatama mewa demu.Puluwannam Marvel comic wala ewath demu