The Imitation Game (2014) – රහස් බිදීමේ යන්ත්‍රය…. (වසර දෙකක සමරුව)
ඔන්න කාලෙකට පස්සේ ලිපියක් ලියන්න ථංඅයිඑ මේ සුදානම. හැබැයි ඉතින් ලිපියට යන්න කලින් අද යෙදිලා තියන අපේ විශේෂ දවස ගැන වචනයක් කියන්න ඕනේ කියලා හිතුනා. 2012/ 11/ 06 තමයි අපේ මව් අඩවියේ උපසිරැස 1000 සමරුව වෙනුවෙන් පොඩි වැඩක් පැත්තකින් පටන් ගන්න අපි මුල පිරුවේ… මව් අඩවියත් එකක් බොහොම හෙමින් ගමන් ආරම්භ කල අපිත් මුලින් සතියක ලිපි දෙකක් තුනක් වගේ තමයි ඔබ වෙත ගෙන එන්න සමත් වුනේ, කොහොම කොහොම හරි අද ඒක දවසට එක් ලිපියක් වෙන තැන දක්වා ඇවිත් තියනවා.
ඔය ගමනේදී චිත්‍රපට ගැන දැනුවත් කිරීම වෙනුවෙන් රිදිරි දිගහැරුම්, සිංහල උපසිරැස යෙදූ පුර්ව ප්රචාරක පට, වැරදි සෙවීම්, තිරයේ පිටුපස ලෝකය ගැන සොයාබැලීම් වගේම ලගකදී සිනමා ගීත සාහිත්‍ය පැත්තෙන් ඔබ හා සමීප වෙන්නත් අපි සමත් වෙලා තියනවා. ඒ ලිපි මුලි එකතුව 726 ලෙස සටහන් කරමින්. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ 726 ඉන්න නිසා මිට වඩා ලොකු වැඩකින් හමුවෙමු ලිපි 1000 සමරුවට… එහෙනම් ඉතින් හැරෙන්නම් කතාව පැත්තට…
පරිගණකයක් භාවිතයෙන් කරන්න පුළුවන් දේ අරුම පුදුමයි. අද අපි හැමෝම දන්නා දෙයක් ඒක නමුත් දෙවන ලෝක යුද්ධ සමයේ පරිගණකය අද මේ තියනවා වගේ ජනප්‍රිය මෙවලමක් නෙමෙයි. යුද්ධයක් වුනාම තොරතුරු එහා මෙයා යනවා, මේ තොරතුරු රහසිගත වන තරමට එහි වටිනාකම වැඩි. ජර්මානුවන් බොහොම එලිල්පිට පණිවුඩ යාවන් සමත් වුනා ඒවා අල්ලාගත් නමුත් තේරුම් ගැනීමේ හැකියාවක් තිබ්බේ නැහැ මිතුරැ පක්ෂයට… ඒ එනිග්මා නම් අරුම පුදුම යන්ත්‍රයට පින් සිදු වෙන්නට.
නමුත් බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර පක්ෂය සුදානම් නැහැ මේ උපකරණයට දෙවැනි වන්නට, ඒ සඳහා ඔවුන්ගේ විසදුම වෙන්නේ සුප්‍රසිද්ධ ගණිතඥ හා තර්ක විද්‍යාවේ විශාරද Alan Turing ඔහු තමුන්ගේ වීර චාරිකාව දියත් කරන හැටි තමයි මේ සිනමා සිත්තෙම්න් බලාගන්න හැකි වෙන්නේ අපි හැමෝටම… පුර්ව ප්රචාරක පටය බලන්නකෝ එනකම් ඉවසුමක් නැති වෙයි ඊට පස්සේ..
Alan Turing ලෙස එක්කාසු වෙන්නේ Benedict Cumberbatch අපි හැමෝම ෂර්ලොක් හොල්ම්ස් ලෙස මෙයාව හොඳට දන්නවා නෙව. ඔහුට අමතරව සුපිරි නිලි Keira Knightley වගේම Matthew Goode, Charles Dance, Mark Strong, Allen Leech වගේ පිරිසක් තමයි සෙසු චරිත එකක් එක්කාසු වෙන්න තනිකරම බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වගෙයි නේද…
බලමුකෝ කොහොම වෙයිද කියලා. මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විවෘත වෙන්නේ මේ මාසේ 22 වනදා.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
benedict innawa kiyanne loweth naa…. 1080p copy yak enakan mamanam balannaa,…aththamai… meka sirama film 1k wage…..
සුපිරි ෆිල්ම් එකක් වගේ…
කොච්චර දවස් යයිද සහෝ ඕක නෙට් එකට දාන්න.
Benedict Cumberbatch කියන්නේත් සුපිරි වැඩ කාරයෙක්නෙ. ෂර්ලොක් හොල්ම්ස් එකේන්ම පේනවා
කොහොමද මෙයාගේ වැඩ කියල.
thanks මචන් posts එකට ……
ජය වේවා……..!!!!!
එළ, එළ නියමයි සමීර අයියේ. 🙂
elaz
ස්තූතියි දැනුවත් කිරීමට