Planes 2 (2014) – ගින්න සහ බේරා ගැනීම….

ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ  2014 ජුලි මාසයේ 18 වෙනිදා තිරගත කළ 3D ඇනිමේෂන් ෆිල්ම් එකක පූර්ව ප්‍රචාරක පටයයි. මේ චිත්‍රපටිය Disney කණ්ඩායමේ නිර්මාණයක්.ඇස්තමේන්තු ගත කරලා තිබෙන පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 50ක මුදලක් වියදම් කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තිරගත කලාට පසුව මේ වන විට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරක් දිනාගන්න මේ චිත්‍රපටියට පුලුවන් වෙලා තියෙනවා.

Planes-VI

ඔයාලා හැමෝම මේ චිත්‍රපටියේ කලින් කොටස Planes 1 බලන්න ඇතිනේ. ලෝකය පුරා ඩොලර් මිලියන 200ක දළ ආදායමක් උපයා ගත්ත ඒ පළවෙනි කොටසේදි සිද්ද වුනේ Cars චිත්‍රපටියේ තේමාව පාදක කරගෙන නිර්මාණය වුන, ලොකු ප්ලේන් තරගයකින් දිනන පොඩි කෘමිනාශක ඉසින ප්ලේන් එකක් ගැනනේ. මෙහි දෙවන කොටසෙදි ඒ කියන්නේ මේ චිත්‍රපටියෙන් අපිට දැනගන්න ලැබෙනවා ඒ ඩස්ටි කියන පොඩි කෘමිනාශක ඉසින ප්ලේන් එකේ එන්ජිමේ ප්‍රශ්නයක් නිසා රේස් වලින් එයා අයින් වෙලා ගිනි නිවන කණ්ඩායමකට බැදෙනවා කියලා. අහසින් ගිහින් විශාල ලැව් ගිනි නිවන එක තමයි ඒ කණ්ඩායමේ රාජකාරිය. ඒ ගිනි නිවිමේ වැඩ කරද්දි මේ කට්ටියට මුහුණ දෙන්න වෙන අපූරු, භයානක, පුදුම හිතෙන සිදුවීම් ගොඩක් අලලා මේ චිත්‍රපටිය විනාඩි 83ක් පුරාවට ගලාගෙන යනවා.

 මේ චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම ගැනත් පොඩි විස්තරයක් කලොත් හොදයි නේද.

  • ප්‍රධාන චරිතය වුන ඩස්ටි ක්‍රොප් හොපර්ට හඩකැවීම – Dane Cook

 

–          Planes (2013) කතාවෙත් ‍ඩස්ටිට හඩකැවීම කලේ මෙයාමයි.

  • ලිල් ඩිපර්ට හඩකැවීම – Julie Bowen

 

–           Modern Family (2009) චිත්‍රපටිය ගැන කිවොත් ඔයාලට මෙයාව මතක් වේවි

 

–          මෙයා Toy Story (1995)Toy Story 2 (1999)Toy Story 3 (2010)Cars (2006) වගේ ගොඩක් ප්‍රසිද්ධ වුන ත්‍රිමාන චිත්‍රපට ගණනාවක්ම                               අධ්‍යක්ෂණය කරලා තිබෙනවා.

  • සංගීත අධ්‍යක්ෂණය – Mark Mancina

 

–          The Lion King (1994)August Rush (2007) චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයත් මෙයාගේ තමයි.

 

එහෙනම් මේ චිත්‍රපටියේ හොද විඩියෝ පිටපතක් නිකුත්වුන ගමන්ම ඔයාලට උපසිරස ගෙන එනවා කියලා පොරොන්දු වෙන ගමන්ම තවත් අලුත් විස්තරවලින් පිරුනු ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට ඔයාලගෙන් සමුගන්නවා.  ^_^

 

බයිස්කෝප් අපි සමග එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ජය… . .!

කවිදු ගිම්හාන් (පැතුම්) (5 Posts)


2 thoughts on “Planes 2 (2014) – ගින්න සහ බේරා ගැනීම….

  • July 21, 2014 at 9:38 PM
    Permalink

    Arrow ekai Flash ekai ennath thawa tikak kal thiyana mewage patta movei ekak gena vishthara genaawata godak isthuthi 🙂

  • July 21, 2014 at 8:09 AM
    Permalink

    නියමයි කවිඳු සහෝ. එනකල් මග බලන් ඉන්න ෆිලුමක් තමයි මේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!