Fantastic Beasts and Where to Find Them – හැරී පොටර් විශ්වය නැවතත් සිනමාවට

1213-fantastic_beasts_and_where_to_find_them_trailer_by_hogwartsite-d6mf9cj

Harry Potter පොත් කියවන අය අතර මෙන්ම සිනමා ලෝලීන් අතරත් ඒක සේ උන්මාදයක් ඇතිකළ නිර්මාණ පෙළක්. ජේ.කේ රෝලින් අතින් රචනා වූ Harry Potter පොත් හත හොලිවුඩ් සිනමා නිර්මාණ අටක් විදිහට සිනමාවට නැගුනා. 2011 වසරේ තිරගත වුනු Harry Potter And The Deathly Hallows Part 2 චිත්‍රපටය එහි අවසන් නිර්මාණය උනා. එයත් සමගම මුළු ලොවටම දැනගන්නට ලැබුනේ හැරී පොටර් විශ්වය එතකින් අවසන් වන බවයි.

fantastic_beasts_and_where_to_find_them_fan_poster_by_hogwartsite-d6nogih

රෝලින් හැරී පොටර් පොත් හතට අමතරව හැරී පොටර් විශ්වයට අදාළ වෙනත් පොත්ද රචනා කලා.

  • Fantastic Beasts and Where to Find Them (1 March 2001)
  • Quidditch Through the Ages (1 March 2001)
  • The Tales of Beedle the Bard (4 December 2008)

දැන් ටික දවසකට කලින් හැරී පොටර් සිනමාරූපී අයිතිය ඇති Warner Brothers ලොව පුර රසිකයන් අමන්දානන්දයට පත් කරන පුවතක් නිවේදනය කරා. ඒ හැරී පොටර් විශ්වය තව දුරටත් සිනමාව තුළ පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි. තවත් හැරී පොටර් සිනමා නිර්මාණ ත්‍රිත්වයක් නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කර තියෙනවා. ඒ ඉහත සඳහන් කල පොත් තුන ඇසුරින්.

HP Fantastic Beasts Mock Poster

ඒ අනුව මුල්ම නිර්මාණය ලෙස 2001 රචනා කරන ලද පිටු 42කින් යුත් Fantastic Beasts and Where to Find Them පොත එනමින්ම තිරගත වනු ඇත. මේ සඳහා පිටපත රචනා කිරීම ජේ. කේ රෝලින් වෙත දැනටම ලබා දී ඇති බව සඳහන් වනවා. මේ පොතේ සඳහන් වන්නේ හැරී පොටර් විශ්වය තුළ සඳහන් මායා සත්වයන්ය (magical creatures). (රෝලින් මේ පොත ලියා ඇත්තේ Newt Scamander කියන නමින්)

fantastic

තවම පිටපතවත් සකසා නොමැති නිසා කතාව දක්වා නොමැති උනත් පොතේ සඳහන් කතාව වටා මෙය නිර්මාණය වන නිසා මෙවර වැඩිපුරම මායා සත්වයන් අතර කතාව දිග හැරෙනු ඇත. එමෙන්ම සමහර විට හැරී පොටර් නිර්මාණ පෙළෙහි දැක්වෙන සිද්දීන් වල මෙන්ම චරිත වල නොකියූ කතා මේ මගින් නිරවුල් කරනු ඇත.

2016 නොවැම්බර් 18 වන දින මෙය තිරගත වීම අරඹනු ඇත.

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

3 thoughts on “Fantastic Beasts and Where to Find Them – හැරී පොටර් විශ්වය නැවතත් සිනමාවට

  • June 27, 2014 at 5:50 PM
    Permalink

    පිස්සු හැදෙනවා

  • June 27, 2014 at 4:26 PM
    Permalink

    නියමයි ෆිල්ම් එකක්.
    ස්තූතියි දැනුවත් කිරීමට..

  • June 26, 2014 at 9:06 PM
    Permalink

    ela neo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!