ඉංග්‍රීසිචිත්‍රපටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

The Fault in Our Stars | නිසල වෙලා අද නොසැලේ හසරැල්…

fault-in-our-stars-poster-large

“හේසල්” (Shailene Woodley) කියන්නේ පිළිකාවකින් පෙලෙන වයස අවුරුදු දහසයක තරුණ ගැහැණු ළමයෙක්. එයාගේ හෙවනැල්ල වගේ ලගින් තියෙන්නේ ඔක්සිජන් ටැංකියක්. මෙයාගේ දෙමව්පියන් මෙයාව සායනයකට යොමුකරවනවා. එතැනදී කෙරෙන්නේ තමන්ගේ හිතේ තියන දේවල් අනිත් අයත් එක්ක බෙදා හදාගෙන හිත නිදහස් කරගන්න එක.

“ඕගස්ටස්ට් වෝටර්ස්” (Ansel Elgort) කියන්නේ අවුරුදු දා-හතක පැසිපන්දු (බාස්කට් බෝල්) ක්‍රීඩාවේ දීලා හිටපු කෙනෙක්. දැන් පිළිකා රෝගියෙක්.එයත් යනවා හේසල් යන සායනයට.

මෙතැනදී මේ දෙන්නා කතා-බහ කරනවා, දෙන්නට දෙන්නා තේරුම් ගන්නවා. දෙන්නට දෙන්නා ආදරෙන් බැදෙනවා.. නමුත් දෙන්නටම උදාවෙලා තියෙන්නේ නරකම කාලයක්. එයාලා තම තමන්ට තියන අනාගත බලාපොරොත්තු ගැන කතා කරනවා. ඒ දෙන්නා එකතුවෙලා ඒ දෙන්නටම වෙන්වුන මනෝ ලෝකයක් හදනවා. එයාලගේ ඒ ලෝකය වෙනුවෙන් imdb අඩවියේ 8.7ක අගයක් ලබා දීලා තියනවා. මේ මාසයේ 6 වෙනිදා සිනමාහල්වල මේ සිනමාපටය ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම මිට සමගාමිව ප්‍රදර්ශනය වෙන්න ගත්තු ටොම් කෘස් රගන Edge of Tomorrow සිනමාපටයද පරයමින් අදායම් උපයන්න මේ සිනමාපටය සමත් වෙලා තියනවා. ඒ වගේම මේකට දාලා තියන නමත් හරි අමුතු විදියකට තමයි හොයාගෙන තියෙනේ. කියලා මගේ යෙහෙලියක් කිවුවා ඉතින් ඒ මොකක්ද කියලා පස්සේ දවසක කියන්නම්.

මේක නවකතාවක්, ප්‍රේමවෘත්තාන්තික නවකතාවක්. නවකතාව ලියලා තියෙන්නේ ජෝන් ග්‍රීන් කියන ලේඛකයා. ගොඩක් අය හිතනවා හින්දි සිනමාපටවල තමයි තමයි හදවතටම දැනෙන විදියට කතාව නිර්මාණය වෙන්නේ කියලා. ඒත් මේක බලන කෙනෙක් අනිවාර්යෙන්ම ඒ මතය වැරදියි කියලා කියාවි. ඒක හොදටම පැහැදිලි වෙනවා මේ සිනමාපටය බලපු ප්‍රේක්ෂකයින් තමන්ගේ හදවතට දැනුන දේ වචන වලට පෙරලලා තියෙනවා. නිකම් නෙමේ, අන්තර්ජාලයේ සිනමා විවේචක වෙබ් අඩවි තුලින් සහ ඔහුගේ නිල ට්විටර් ගිණුම තුලින් ඒ වගේම ඔහුගේ ෆෙස්බුක් පිටුව මගින්ද, සිනමාපටයේ නිල ෆේස්බුක් පිටුව තුලින්ද ජෝන් ග්‍රීන්ට දරුණු ලෙස වාග් ප්‍රහාර එල්ලකරමින්. ඒවායින් කිහිපයක් මේ

“The Fault in Our Stars officially hit theaters today,
and people are already VERY UPSET with author John Green for writing the emotionally devastating,
mercilessly brutal,
TOTALLY NOT “OKAY” story”

” The Fault in Our Stars සිනමාපටය අද දින නිල වශයෙන් සිනමාශාලා ආක්‍රමණය කරනවා.
සිතේ හටගන්නා ඒ හැගීම සහමුලින්ම වනසාදැමීම නිසා මිනිස්සු දැනටමත් රචක ජෝන් ග්‍රීන් කෙරෙහි බොහෝසේ වියරු වැටිලා.
සිත්-පිත් නැති කුරිරුබව,
සම්පුර්ණයෙන්ම ‘නිවැරදි නොවන’ කතාවක් “

1D Updates says:
I JUST GOT HOME FROM A FAULT IN OUR STARS AND I’D LIKE TO SAY F**K U TO JOHN GREEN
(මම ෆිල්ම් එක බලලා ගෙදර ආවා විතරයි ඉතින් මම ජෝන් ග්‍රීන්ට කියන්න කැමතියි තොට කෙලවනවා කියලා)

kaylie reigh says:
I’M BALLING MY EYES OUT RIGHT NOW FUCK YOU JOHN GREEN
(මම ඇස් එලියට පනිනකම් අඩනවා. උබට කෙලවනවා ජෝන් ග්‍රීන්)

robert paulson says:
I have a headache from crying so damn much man f**k that movie f**k you John Green
I f***ing hate you + your f**king book f**k all this shit.
(මට මේ ෆිල්ම් එක බලලා අඩලා ඔලුවේ කැක්කුම හදාගෙන ඉන්නේ, ජෝන් ග්‍රීන් කියන්නේ මහා ජරා මිනිහෙක්.
මම උබට හොදටම වෛර කරනවා + උබේ රෙද්දේ පොතටත්, මේ හැම ජරාවකටමත්)

bee says:
MY CHEST HURTS AGAIN, F**K OFF JOHN GREEN
(ආයෙත් මගේ පපුව රිදෙනවා, කෙලවගනින් ජෝන් ග්‍රීන්)

Starbucks Addict says:
John Green is the most amazing a**hole to ever live.
( ජෝන් ග්‍රීන් කියන්නේ සම්මජ්ජාතියටම මිහිපිට වසන මහා අපතයා)

ඒ වගේම සමාජ ජාල වෙබ් අඩවි තුලින් සහ පෙර කියන ලද සිනමා විචාරක වෙබ් අඩවි තුලින් මිට නොදෙවෙනි අයුරින් ඉතාමත් යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබිලා තියනවා. වැඩිපුරම තියෙන්නේ හොදයි කියපුවා තමයි. ඒවාන් කිහිපයක් මේ..

Daisy Zavala says:
Cried my eyes out watching this movie last night
I need to find myself an Augustus Waters
(ඊයෙ රෑ මං හොදටම ඇඩුවා, මමම ගිහින් ඔගස්ටස් වෝටර්ස්ව හොයාගන්න ඕනා)

Chelsea Sigler says:
I’ve seen it twice already and I cried harder the second time. Best movie of all time!
(මම දැනටමත් දෙපාරක් බැලුවා ඒ වගේම මම දෙවැනි වතාවේ මාර විදියට ඇඩුවා. මෙතෙක් ආපු හොදම ෆිල්ම් එක)

Lesley Martinez says:
I need an Augustus, This movie was amazing!
( මට ඔගස්ටස් කෙනෙක්ව ඕනා, මේ ෆිල්ම් එක පට්ටයි)

Debra Flood says:
The book was very good and I believe the move did it justice! Really good movie.
(පොත ඉතාමත් කදිමයි ඒ වගේම මං විස්වාස කරනවා ෆිම්ල් එක පොතට සාධාරනේ ඉටුකරල කියලා. සිරාවටම හොද ෆිල්ම් එකක්)

Addi Fowler says:
I just got my heart ripped out. That was the most amazing love story and the most upsetting thing I have seen in my life! I loved it sooo much John Green. You are my new inspiration.
( මගේ හද සලිත උනා, මම මගේ ජීවිතේට දැකලා තියන පුදුමාකාර ලව් ස්ටොරිය වගේම අවුල්සහගතම දේ තමයි ඒ ෆිල්ම් එක! මම ඔයාට ගොඩාක් කැමතියි ජෝන් ග්‍රීන්. ඔයා තමා මගේ නව ප්‍රබෝධයට හේතුව)

Tabitha Gilmore-Mirelez says:
Beautiful movie! I went through a pack of tissues!
(ලස්සන ෆිල්ම් එක, මම ටිෂු පැකට් එකක් අරගෙනමයි ගියේ)

Natalie Murley says:
I saw it yesterday. I love it with all my heart but hate it at the same time. we all know why
(මං ඊයෙ ෆිල්ම් එකබැලුවා, මම බොක්කෙන්ම ඒකට ආසයි ඒත් ඒ වේලාවෙම මම ඒකට වෛර කරනවා, අපි හැමෝම දන්නවනේ ඒ ඇයි කියල 🙁 )

ඉතින් එහෙමනම් මම මේ සිනමා පටයට ඇහැ ගහන ඉන්නවා ඔන්න, තනියම නෙමේ තවත් කෙනෙක් එක්ක. ඔන්න එහෙනම් ඉදිරියේදී දැනගන්න ලැබේවි ඇයි මේ විදියට දෙගොල්ලක් දෙවිදියකට කතා කරන්නේ කියල 🙂

Author

2 thoughts on “The Fault in Our Stars | නිසල වෙලා අද නොසැලේ හසරැල්…

  • අඩේ මේක මෙච්චරටම සුපිරිද. අනිවා මොනව නැත්ත බානවා කොල්ලෝ. ඉක්මනට සබ් එක දියන්

    Reply
  • අඩේ කොල්ලෝ මෙලිපිය කියවනකම් මේ ෆිල්ම් එක මෙච්චර සුපිරියි කියල දැන්නං හිටියේ නැහැනේ… අනිවා ඔන්න මේකත් අනිවාර්යෙන්ම බලන්න ඉන්න ලිස්ට් ඒකට දා ගත්තා…

    ස්තූතියි මේ කදිම ලිපියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *