Game of Thrones Season 4 episode 8 Sinhala review…
ඔබරේන් කුමාරයා කිංග්ස් ලෑන්ඩින් වලට එන්නේ මීට වසර 20කට පමණ ඉහතදී ටයිවින් ලැනිස්ටර් ගේ අණ පරිදි ග්රෙගර් ක්ලිගේන් (mountain) අතින් මිය ගිය තම සොයුරිය වූ ඒලියා මාටෙල් වෙනුවෙන් සාධාරණය ලබා ගන්න. ඔහුට එය සඳහා කදිමම අවස්තාව ලැබෙනවා ටිරියන් ලැනිස්ටර් ගේ වැරදි නිවැරදි බව දෙවියන් ඉදිරියේ ඔප්පු කිරීමට පැවැත්වෙන ද්වන්ධ සටනට mountain ට විරුද්ධව සටන් කිරීමට ලැබීමෙන්. ඒත් අවසානයේදී සිදු වන්නේ අනපේක්ෂිත දෙයක්. මෙහි බලපෑම මොන වගේ වේවිද ඉදිරි කතාවට?
මරීන් වල ජෝරා මොර්මොන්ට් ව නෙරපා හරිනු ලබනවා Danerys විසින්. හේතුව වන්නේ මුල් දවස් වල ඇය ගැන ඔත්තු රාජධානියට සැල කිරීම. වර්තමානයේ ඔහු ඇයට පක්ෂපාතව සිටියත් මේ තමන්ට සිදු කල පාවා දීම නිසා ඇය ජෝරා මොර්මොන්ට කිසිම සමාවක් දෙන්නේ නෑ. මෙම බෙදීම ඇති වන පරිදි “සමාව ලියුම” යැවීම ටයිවින් ලැනිස්ටර්ගේ වැඩක්, මොකද ඔහු දන්නවා දැන් Danerys ඉතා ප්රබල තර්ජනයක් කියල. ඒ වගේම ඇය ළඟ ජෝරා මොර්මොන්ට් සහ බැරස්ටියන් සෙල්මි වැනි අත්දැකීම් බහුල රණකාමියන් උපදේශනයට සිටීම එම තර්ජනය තවත් වැඩි කරන බවත් ටයිවින් ලැනිස්ටර් දන්නවා.

Lord of the Rings වගේ වෙනත් කතාවකට වඩා මේ කතාවේ තියෙන විශේෂත්වය ඒකයි. මොන තරම් හොඳ කෙනෙක්ට වුණත් කුරිරු අවසානයක් ලැබෙන්න පුළුවන්. වෙන කතාවල වගේ අවසාන මොහොතේ බේරිලා යන්න ලැබෙන අවස්ථා අඩුයි. ඒ වගේම සම්පූර්ණයෙන් හොඳ අයත්, සම්පූර්ණයෙන් නරක අයත් නෑ. හැම දෙනාම ඒ කරන දෙයට සාධාරණයක් තියෙනවා. ජෝෆ්රි විතරයි පොඩ්ඩක් out ගිය කෙනෙක්ට හිටියේ
මේක මල විකාරයක් වගේ…මම කිව්වේ පොස්ට් එක නෙමෙයි.කතාව….
මොකද සාදාරණයට කිසිම ඉඩක් නැද්ද කියල හිතෙනවා මේ ලෝකේ.
ඒ කෙසේ වෙතත් මට මෙහෙමත් හිතෙනවා…අපේ ලෝකෙත් කිසිම සාදාරණයක් නැති කොට ඒක කතාවක කොහොම බලාපොරොත්තු වෙන්නද නේද????
ස්තූතියි ලිපිය වෙනුවෙන්. සඳුදා වෙනකල් ඉවසිල්ලක් නෑ ඊළඟ කොටස බලනකම්