A Million Ways to Die in the West (2014) – බටහිරදී මැරෙන්න ක්‍රම ගොඩායි….

27706

මේ මාසේ 30 වෙනිදා නිකුත් වන මේ සලරුව ඔයාලව පැරණි කව්බෝයි යුගයට කැඳවාගෙන යාවි. Seth MacFarlane විසින් අධ්‍යක්ෂණය කරන මේකේ Amanda Seyfried, Charlize Theron, Liam Neeson, Seth MacFarlane වගේ නළු නිලියන් රඟපෑමෙන් දායක වෙනවා. “හාස්‍යමය” (Comedy) නිර්මාණයක් වන මෙහි Bluegrass Films, Fuzzy Door Productions, Media Rights Capital, RGB Media ආයතන සම නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා.


Albert කියන්නේ බයගුල්ලෙක්. ඔහු කවදාවත් තුවක්කුවෙන් වෙඩි තියල නෑ. Albertගේ චපල පෙම්වතිය ඔහුව අතහැරලා වෙන කෙනෙක් එක්ක ගිහින්. දවසක් Albert අහම්බෙන් ලස්සන අභිරහස් ගෑනු කෙනෙක්ගෙ ජීවිතේ බේරගන්නවා. ඇය ඔහුට උදවු කරනවා ඔහුගේ නිර්භීත බව හොයාගන්න. මේ ගෑනු කෙනාගේ සැමියා දරුණු සාහසික අපරාධකාරයෙක්. ඔහුත් මේ නගරයට පැමිණෙනවා. මේ සියල්ල එක්ක Albert ගේ කතාව තමයි මේ සලරුව තුල තියෙන්නේ.


ඉතින් ඔයාලට මේ මාසේ 30 වෙනකල් ඉන්න වෙනවා මේ කදිම හාස්‍යජනක නිර්මාණය රසවිඳින්න. ඒ වගේම ගුණාත්මක පිටපතක් නිකුත් වූ වහාම අපේ සොහොයුරෙක් ඔයාලට මේක සිංහල උපසිරැසි සමඟම ලබා දේවි.

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!