Dom Hemingway (2013) | සේප්පු බිඳින්නා ආයෙත්….

මේ කියන්න සුදානම මේ වසරේ ලගදීම එන්න තියන තවත් සුපිරි විකට චිත්‍රපටයක් ගැන, මේක Richard Shepard ගේ පිටපතකට අනුව තමයි නිර්මාණය වෙන්නේ. අධ්‍යක්ෂකවරයා වෙන්නෙත් ඔහුම තමයි. මේකේ වර්ෂය 2013 කියලා වැටෙන්න හේතුව වෙන්නේ 2013 සැප්තැම්බර් මාසේ කැනඩාවේ ටෝරන්රෝ සිනමා උළෙලේදී මංගල දර්ශනය පැවැත්වීම. කොහොම නමුත් ඇමරිකා එක්ෂත් ජනපධයේ නිකුත් වෙන්නේ තියෙන්නේ එන මාසේ (අප්‍රේල්) 2 වනදා. 

Dom-Hemingway-UK-Poster

නළු නිලියන් ගැන කියනවා නම් ප්‍රධාන නළුවා එහෙම නැති නම් ඩොම් හෙමින්ග්වේ ලෙස එක්කාසු වෙන්නේ සුපිරි නළු Jude Law මතක ඇතිනේ හෝම්ස් චිත්‍රපටයේ දොස්තර මහත්තයා… නිළිය ආයෙත් මේ කාලයේ කරලියට එන කෙනෙක්… ඇය තමයි Emilia Clarke නම කිව්වට දන්නේ නැති නම් දන්නවා හොඳටම Game of Thrones කතා මාලාවේ අර මකරු එක්ක ඉන්න කාන්තාව කිව්වම. ඔවුන්ට අමතරව මේකේ තවත් Kerry Condon, Richard E. Grant, Larissa Jones වගේ පිරිසක් එක්කාසු වෙනවා. මුලින් කිව්වා වේගේ මේක අයිති වෙන්නේ විනෝදාත්මක හා අපරාධ ගණයට.

කතාව වෙන්නේ මෙහෙමයි, ඩොම් කියන්නේ බොහොම කුප්‍රකට සේප්පු බිදින්නෙක්. නමුත් ඉතින් කොහොම හරි පොලිසියට අහුවෙලා එක දිගටම අවුරුදු 12 හිරේ තපින්න වෙනවා ඔහුට. අවසානයේ කොහොම හරි හිරෙන් නිදහස් වෙලා එලියට එනවා.. නමුත් අදහස හොඳ එකක් නෙමෙයි… ඔහුගේ අදහස වෙන්නේ තමුන්ට අයිති දේ නැවත ලබාගන්න එක.. බලමු ඒක කොහොම වේවිද කියලා… 

සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

සමීර කරුණාරත්න has 84 posts and counting. See all posts by සමීර කරුණාරත්න

One thought on “Dom Hemingway (2013) | සේප්පු බිඳින්නා ආයෙත්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!