Paul Walker ගේ මතකය හා Vin Diesel….
ඒ ගෙවුන සතිය දෙක සිනමා රසිකයන්ට නම් හොඳ කාලයක් නෙමෙයි. මොකද ලොවක් ආදරය කල Paul Walker නම් සුපිරි නළුවා අතිශය කේදනිය ලෙස රිය අනතුරකින් ලෙවෙන් සමු ගත්තා. අපි ඒ ගැන ඔබව දැනුවත් කළා. ඒ වගේම ඔහු ගැන ලෝකය ගොඩක් කතා වුනා. කොටින්ම කියනවා නම් ගුගල් වාර්තා වලට අනුව මේ වසර තුල වැඩිම සෙව්ම් ගණනකට බදුන්වුන පුද්ගලයා වෙන්න මේ දින කිහිපය තුල වෝකර් සමත් වෙලා තියනවා. ඒ වගේම ඔහුගේ නිල මුහුණු පොතේ පිටුවට ශෝකය ප්‍රකාශ කිරීම් මිලියන කටු පනිමින් එකතු වුනා වගේම ඔහුගේ නිල පිටුව සමග මුහුණු පොතේ එකතුවුන ගන්නත් මිලියන ගණනින් ඉහල ගියා.
දාවන තරග රියදුරෙක්, සමුද්‍ර ජිවවිදයාඥයෙක්, මානව වාදියෙක් අපි හැමෝම දන්නා සුපිරි නළුවෙක් ලෙස මේ ලෝකයේ ජිවත් වුන ඔහු එදා මෙදා තුර ලෝක සිනමා ඉතිහාසයේ මකා දමන්න බැරි නමක් තියන අති සාර්ථක චිත්‍රපට පොකුරක් ඒ තැනට ගෙන්න බොහොම ලොකු සහයක් වුනා. අද බොහොම දෙනෙක්ට අනුව “අපෝ එයා නැත්නම් ඊලග එක බලලා වැඩක් නැහැ” කියන්න තරම්ම ඔහු හපනෙක්. නමුත් මම අද මේ කියන්න යන්නේ ඒ කතා නෙමෙයි මේ වැඩි වැඩ පෙන්නුවේ නැති අපුරු මිනිසාගේ මිතුරාට වුන දෙයක් ගැන.
සෙනසුරාදා දිනයේ පෝල් වෝකර රිය අනතුරෙන් මිය යනකොට ඔහුගේ චිත්‍රපට සගයා වන Vin Diesel වහාම කැලිෆෝනියාවට ගිහින් තියනවා තමන්ගේ මිතුරා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්න. ඔහු කෙලින්ම වොකර්ගේ පවුලට ශක්තියක් වෙන්නේ තමයි හිතාගෙන ගිහින් තියෙන්නේ. ඔහු වහාම ගිහින් තියනවා වෝකර්ගේ මව හමුවෙන්නේ. ඇය වහාම Vin Diesel වැළදගෙන තියනවා, Vin Diesel ගේ මුහුණු පොතේ පල වෙලා තියන ඔවුන් අතර වුන ඒ කතා බහේ පොඩි කොටසක් පහත තියනවා.
Walkerගේ මව – මට බොහොම කනගාටුයි….මම කිවේ මට බොහොම කනගාටුයි…!
Vin Diesel – නමුත් ඔබටනේ ඔබගේ පුතා අහිමි වුනේ…!!!
Walkerගේ මව – ඔව්, නමුත් ඔබට ඔබගේඅනික් භාගය අහිමි වුනා නේ…!!
තමාගේ සිනමා දිවිය තුල ඒ තරම්ම පුවත්පත් තුල එක එක ලෙස කැපී පෙන්නේ වීරයෙක් වෙන්නේ දැගලුවේ නැති වුනත් ඒ සිනමා ලකුණ ඔහුගේම මවට දැනුන ආකාරයෙන් හිතාගන්න හැකි නේද ඔහුගේ දක්ෂකම. අපි ඒ මිතුරන් දෙදෙනා ආයේ එකට දාවන තරග කරනවා නොදකිවී, නමුත් මේ සිදුවීමත් ඔබ දැනගන්න වටිනවා කියලා හිතුවා ඒකයි පොඩි ලිපියක් හරි ලියන්න හිතුවේ.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
we missed him
ඔව් බන් ෆිල්ම් එකේ උන්නු ඇයට වෙන්න ඇති මේක හොදටම දැනෙන්නේ
අවුරුදු ගානක් එකට උනන්නේ බන් 🙁
miss u
Paul nathi duka hamadatama danewi…
අපටත් ඔහුගේ මතකයන් තියෙනවා …………..
math dakka vin diesel oya status eka dala thiynwa……..aththtma gdk dukai eka dakkama…….