Fast & Furious 7 (2014) – පෝල් වෝකර් නොමැති මාරක ධාවනය කල් යන ලකුණු…

FF7පසුගිය සතියේ අහන්න ලැබුණු හදවත සසල කල පුවතක් තමයි සිනමා නළු පෝල් වෝකර්ගේ අකල් වියෝව. පෝල් වෝකර් කියන නාමය ශ්‍රී ලාංකික අප අතරේ මෙතරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු සාධකය තමයි ඔහුගේ අවසන් ගමනට හේතු උන වේගවත් රථ ධාවනය. එහෙමත් නැති නම් Fast & Furious නමින් අප කවුරුත් අතරේ ප්‍රචලිත වේගවත් රථ ධාවනය මූලික කරගත් චිත්‍රපට පෙළ. පෝල් අවසන් ගමන් යාමට කලින් එහි චිත්‍රපට 6ක් කරළියට පැමිණුනත් ඉන් එක චිත්‍රපටයක් හැරෙන්න අනෙක් චිත්‍රපට 5ටම ඔහු දායකත්වය ලබා දුන්නා. ප්‍රසන්න අව්‍යාජ හිනාවකට හිමිකම් කියන මේ සුන්දර මිනිසා එහි හත් වැන්න වෙනුවෙන් වැඩ රාජකාරි ඒ වනවිටත් ආරම්භ කර තිබුනත් දෛවය එහි අවසානයක් බලන්න පෝල්ට ඉඩ ලබා දුන්නේ නැහැ. පෝල්ගේ මරණයත් එක්ක කරළියට පැමිණි දෙවන කාරණය තමයි  Fast & Furious පෝල් නැතුව වැඩක් නැහැ කියන එක. කාරණාව ඇත්ත උනත් මේ හදන්නේ මේ අනපේක්‍ෂිත සිදුවීමත් එක්ක Fast & Furious 7 වැන්නට වෙන්න යන දේවල් කීපයක් ගැන මංසල පාඨකයන් දැනුවත් කරන්න.

හත්වැනි මාරාන්තික ධාවනය ආරම්භ කලේ හයවැන්න අධ්‍යක්ෂණය කල ජස්ටින් ලින් මෙහෙයවපු මේ ධාවන තරඟයේ ප්‍රධාන සුක්කානම ඔහුගෙ භාරයෙන් එය The Conjuring අධ්‍යක්‍ෂක ජේම්ස් වෑන් හට ලබා දෙමිනුයි. ඒ වගේම හයවැන්න තුලින් නවතම දුෂ්ඨයෙක් කරලියට පැමිණියා ඒ ඔවන් ශෝව්ගේ සහෝදරයාගේ චරිතයට පණ පොවන Jason Statham ජපන් ධාවක හාන් හට මරුවා කැන්දමින්. එහි අවසානය Fast & Furious රසිකයන්ගේ කුතුහලය තවත් වැඩි කරමින් අපි හැමෝටම 2014 හත්වැන්න කල එලි බහිනකන් හිතන්න යමක් ඉතිරි කලා. කෙසේ වෙතත් ඩොමිනික් ටොරෙටෝ සහ ඔහුගේ මාරක ධාවක කණ්ඩායමට ඒ පළිය වෙනුවෙන් සටනක් දෙන්න වෙනවා කියන එක නම් නිසැක නියතයක්. ඊට අමතරව තායිලන්ත සුපිරි සටන්කරු ටෝනි ජා හත්වැන්න සමඟ පළමුවරට හොලිවුඩය ආක්‍රමණය කරන්නත් සූදානමින් ඉන්නේ. මේ වගේ ඉතාමත් දැවැන්ත විදිහට නිර්මාණය කරන්නට උන හත්වැන්න ආරම්භයේදීම හැමෝගෙම දෙනෙත් කඳුලින් තෙත් කරමින් පෝල් වෝකර් තම ජිවිතයේ අවසන් ධාවනය පසුගිය සතියේ කැලිෆෝනියා මාර්ගයක් මතදී අවසන් කලා.

Paul-Walker

එන වසරේ ජුනි මස තිරගත වීමට නියමිත මෙහි හත් වැන්න දැනටමත් පෝල් හට දක්වන ගෞරව කාලයක් එහෙමත් නැතිනම් ශෝකී කාලයක් විදිහට රූපගත කිරීම් කල් දමා තිබෙනවා. චිත්‍රපට 6ක් පුරාවට Paul Walker (බ්‍රයන්), Vin Diesel(ටොරෙටෝ), Jordana Brewster(මියා), Michelle Rodriguez(ලෙටි), Gal Gadot(ගිසෙල්), Tyrese Gibson(රෝමන්), Dwayne Johnson (හෝබ්ස්), Sung Kang(හාන්), Ludacris(ටෙජ්), Luke Evans(ඔවන් ශෝව්) මේ හැමෝම පවුලක් වගේ එකට වැඩ කළා. මේ කිසි කෙනෙක් නැතුව මේ වේගවත් ධාවනය සම්පූර්ණ නැහැ. එහෙම වෙලාවක එහි පුරෝගාමී චරිතයක් රඟපෑ පෝල් වෝකර් මෙසේ අපෙන් සමු ගැනීම ජේම්ස් වෑන්ට ලැබුන දෙවන අභියෝගය බවට මේ දින වල පත් වෙලා. දැනටමත් කතාව රූපගත කරන මට්ටමටම පැමිණි මොහොතක ඇත්තටම එය විශාල අභියෝගයක්. මොකද කියනවා නම් බ්‍රයන් “ඕ” කෝනර් එහෙමත් නැතිනම් ඩොමිනික් ටොරෙටෝගේ දකුණු අත වගේ සිටින මස්සිනාට භාරවෙලා තියෙන චරිතය මින් ඉදිරියට රඟ දක්වන්නේ කවුරුන්ද? මේ තමයි අපි හැමෝම අහන වගේම ජේම්ස් වෑන් හට පෝල්ගෙ වියෝවේ දුකත් සමඟ නින්ද නොයන අනෙක් කාරණය. මේ සඳහා විකල්ප කීපයක් දැනට යෝජනා වෙලා තියෙනවා.

 එකක් තමයි හයවෙනි චිත්‍රපටය තුල කරලියට පැමිණි ඔවන් ශෝව්ගේ සහෝදරයාගේ පළිගැනීමේ අරමුණ තුල තවත් ගොදුරක් විදිහට බ්‍රයන් “ඕ”කෝනර් චරිතය මේ කතාව තුලින් කතාවට සමගාමිව ප්‍රේක්ෂකයාට නොදැනෙන්න ඉවත් කරන්න. ඒ පෝල් වෝකර් දෙවන වතාවටත් අපේ හිත් වලින් බ්‍රයන් විදිහට මියයමින්. එහෙත් එම දර්ශන රඟ දක්වන්න පෝල් අප අතර දැන් නැහැ. අනෙක් කාරණාව තමයි එය කතාව තුල කලින් තීරණය කරගත් දෙයක් නොවීම. එමනිසා මේ සඳහා පෝල්ගේ මුහුණ නොපෙන්වන එහෙත් ඔහුගේ මිය යාම නිරූපණය වෙන දර්ශනයක් විශේෂ ප්‍රයෝග මගින් වෙනත් නළුවෙකු යොදා සිදු කිරීමට ඕනෑතරම් හැකියාවක් තියෙනවා. එහෙත් එලෙසින් බ්‍රයන් නමැති චරිතය ඉවත් කිරීමක් කළහොත් යථාර්ථය වන පෝල් දැන් ජීවතුන් අතර නැහැ කියන දේ මේ කතාව වටා රොක් වී සිටින ප්‍රේක්ෂක ඔබ මම වගේම පෝල්ගේ පවුලේ උදවියත් නැවත වතාවක් අපහසුවට පත් කිරීමක් වේවි. එහෙත් චිත්‍රපටිය තුල කතාව ගලා යන අකාරය හා සසඳන කල්හි මීට වඩා කදිම සහ කතාවට යෝග්‍ය ලෙසින් බ්‍රයන් “ඕ”කෝනර් චරිතය ඉවත් කිරීමකුත් නැති තරම්. එහෙත් හත්වැන්න ආරම්භය තුලම මෙවැනි ප්‍රධාන පෙලේ චරිතයක් සරල විදිහට ඉවත් කර දැමීමත් මේ කතාව තවත් ඉදිරියට ගලා යාම නතර කිරීමක් වෙනවා. මොකද මේ කතාව තවත් අටවැන්න සහ නමවැන්න ලෙසින් චිත්‍රපට දෙකක් විදිහට අප වෙත රැගෙන එන්න මේ වනවිටත් නිෂ්පාදකයින් තීරණය කර හමාරයි. ඉතින් ඉහත දක්වපු විකල්පය තුල ගැලපීම සහ කතාවේ උන්නතියට ඇති බාධාව යන කරුණු දෙකම ගැබ් වෙලා තියෙනවා.

Fast-Furious-6-12

සමහරවිට දේවල් කලින් කිව්ව දේ වගේ මේ විකල්පය අඳුරු නොවෙන්නත් පුළුවන්. ඒ විකල්පය තමයි ඩොමිනික් ටොරෙටෝ සහ අනෙක් ධාවකයන්ගේ රථ අභියස අලුත් දුෂ්ඨයා එනම් ජේසන් ස්ටෙතම් තර්ජන දක්වන අතරතුර බ්‍රයන් සහ මියා ඔවුන්ගේ දරුවාත් සමඟ මේ කරදරවලින් මිදිලා නිදහස් ජීවිතයක් ගෙවන්න මේ අපරාධලෝකයෙන් වෙන්වෙලා යන එක. එවිට තියෙන තවත් ගැටළුවක් තමයි පෝල් සමඟ මීයාගේ චරිතය රඟ දක්වන Jordana Brewster හටත් Fast & Furious ජීවිතයෙන් සමුගන්න වෙනවා. මේ වගේ විකල්ප ගැන තමයි දැනට නිෂ්පාදකයින්ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ.

සමහරවිට අප දකින මේ සුන්දර සිනමාලෝකය තුල අපිට දකින්න ලැබුන ඇත්ත ජිවිතයේ කටුක යථාර්තයට වඩා සුන්දර දෙයක් මේ විත්‍රපට නිර්මාපකයන් අපවෙත ගෙන එන්න උපරිම උත්සාහ දරාවි. මේ හැමෝටම එකතු වෙලා සිනමා ලෝකයේ පැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙයක් කල මේ චරිතයට සුබ ගමන් කියන්න වඩාත්ම හොඳ සහ සුදුසුම විකල්පයක් තෝරා ගනීවි. ඊටත් අමතරව සැකයට බඳුන් වෙන ප්‍රධානතම කාරණය වෙන්නේ වින් ඩීසල් සහ සමාගම දැනටමත් සැලසුම් කර ඇති Fast & Furious 8 සහ 9 චිත්‍රපට වෙනුවෙන් තවමත් කැමත්තකින්ද සිටින්නේ? එය එසේ කලත් මේ දක්වා සාර්ථකව දුවන ලද වෙන මේ අධිවේගී ධාවනය එක මගියෙක් නැතුව අපි හැමෝටම තවදුරටත් සතුටක් රැගෙන ඒවිද? මම නම් හිතන්නේ ඒ ප්‍රශ්ණයට අපි හැමෝගෙම දිව අග තියෙන පිළිතුර “නැහැ” කියන එකයි.

Paul-Walker-Wallpaper-paul-walker-25716950-1024-768

බ්‍රයන් “ඕ”කෝනර් ලෙසින් අපේ සිනමා ලොව වීරත්වයෙන් පිදුම් ලද යථාර්තවාදී ලෝකය තුල සැබෑ මිනිසෙක් ලෙසින් ජිවත් උන පෝල් වෝකර් ඔබ නොමැති මේ ධාවනය අපට හුදෙක් තවත් එක චිත්‍රපටයක්ම පමණක් වේවි.”

හසන්ත වික්‍රමරත්න (67 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 67 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

9 thoughts on “Fast & Furious 7 (2014) – පෝල් වෝකර් නොමැති මාරක ධාවනය කල් යන ලකුණු…

  • December 3, 2013 at 8:58 PM
    Permalink

    kohomada F&F 7 film aeka purawatama O Conner Marila idala prekshaka janathawa pudumayata pathkaramin anthima mohothe ipadunoth aehema…dannawane aehema deyak wenna puluwanne…

  • December 3, 2013 at 6:05 PM
    Permalink

    mona karath Paul wa ain kaloth nm F&F ithiri film set eka kada watenawami. ake dekak na… mona wunath Paul widiyata wena naluwekwa adesha karana eka thami F&F kada nowati thiyaganna thiyena ekama kramaya kiyala mn hithanne. Wena naluwek dala hariyata Tron eke wayasaka Jeff Bridges wa tharunakala wage mokaka hari prayogayak danna wei… mona wunath Paulta samana karanna wena kisima naluwek na… RIP Paul Walker…!!!

  • December 3, 2013 at 3:32 PM
    Permalink

    ජේසන් ස්ටෙතම් තර්ජන දක්වන අතරතුර බ්‍රයන් සහ මියා ඔවුන්ගේ දරුවාත් සමඟ මේ කරදරවලින් මිදිලා නිදහස් ජීවිතයක් ගෙවන්න මේ අපරාධලෝකයෙන් වෙන්වෙලා යන එක සිද්ද උනොත් නම් කතාව නිකම් හිස්තැනක් වගේ වෙලා යාවි ආයෙත්
    මෙච්චරකල් කෑලි කෑලි තිබුන කතාව යාන්තමින් එක ෆිල්ම් එකකට එකතු කරලා අරගත්තා විතරමයි
    දැන් ආයේ හැත්වන්නෙන් ෆිල්ම් එක කෑලි ගලවන්න වෙනවා අටවන්නට සහ නව වැන්නට යනවනම් හත්වන්නෙන් බ්‍රයන්ව ආයෙත් මරලා අටවැන්න සහ නවවැන්න අරන් එන්න ඉඩකඩ තියේවි බොහෝ දුරට
    බලමුකෝ කට්ටිය මොනා කරාවිද කියලා

  • December 3, 2013 at 1:35 PM
    Permalink

    aniwa ,,, me aurude ahapu dukama ktwa RIP paul

  • December 3, 2013 at 12:42 PM
    Permalink

    මොනාවෙයිද කියලා
    හිතාගන්න බෑ
    බලමුකො
    anway
    Paul Walker
    RIP

  • December 3, 2013 at 10:42 AM
    Permalink

    kohoma mona kalat paul maruna kiyla danna rasikayanta me flm eke e wenuwata dna kisima pakramayak sarthaka wenne na………….onna paul flm eken ain una nm….apita shape eke hitha rawattaganna thibba…………..et eya maruna kiyla danna nisa me dna tricks walin wdak na……..
    anika paul nathi 8,9 nikn alut flm 2k wage thiyei…me F&F kiyla mata nm danena ekak na……….
    wena karu nathath vin diesel and paul hitiya nm eka thama F&F……………………

  • December 3, 2013 at 10:24 AM
    Permalink

    මමනම් හිතන්නේ මටනම් ඕක ආයෙ බලන්න බරිවෙයි….ඔහු නැති අඩුව ඔහුගේ රසිකයෝ වෙන අපිට ගොඩක් දැනෙයි..

  • December 3, 2013 at 10:16 AM
    Permalink

    ohu thamai hondama kreedakaya, eke 2k neha.

  • December 3, 2013 at 9:53 AM
    Permalink

    paul ge aduwa purawanna wena kenekta heki wena ekak nehe…eeka hondatama wiswaasai…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *