මංසල | ලිපි 500 ක්………

mansla~මේ අඩවිය පටන් අරන් මුල්ම ලිපිය පළ කරලා මාස 03කුත් ගත වුණා. එදා සිට අද දවස වෙනකොට, අපි මෙහි ලිපි 200ක් පළ කර තිබෙන බව සතුටින් මතක් කරන ගමන් ඒ වෙනුවෙන් අපට හයියක් වූ හැමකෙනෙකුටම ස්තුතියි කියන එක මේ ලිපිය පටන් ගන්ඩ ඉස්සරවෙලා කියල හිටියොත් හොදයි කියලා හිතුණා! ලිපියට අදාල නැති වුණත් ඒක අපේ යුතුකමක් ලෙස සලකන නිසා නොසලකා හරින්නෙ කොහොමද? නේද? එහෙමනම් දැන් හැරෙමුකෝ ලිපිය දිහාට ~

වරදවාගන්නත් එපා! පටළවාගන්නත් එපා! මේ කිව්වේ පරණ කතාවක්. මේ කතාව කිව්වේ 2013/ 01/ 30 දින පළ කළ ලිපියේ. එදා ලිපි 200ක් බවට පත්වුණේ; අපි කවුරුත් දන්න බයිස්කෝප් සිංහලෙන් කියන පුංචි හාදයට, වයස අවුරුදු 3ක් විතර වෙනකොට උපන්; බාල සොහොයුරාගෙ ප්‍රකාශිත ලිපි සංඛ්‍යාව. එදා මාස 03ක් වයස් වුණ මේ බාල සොහොයුරාටත් දැන් අවුරුද්දක් වයසයි. එයාගෙ අයියට වයසත් දැන් අවුරුදු 4ක්

බලමුකො ඒකෙත් හැටි! 2012/ 11/ 06 වැනිදා උපන් මේ බාල සොහොයුරාත් හරියට එයාගෙ අයියා වගේමයි මේ පහුවුණු කාලය ගෙවා දැම්මේ. මාස 03ක් වයස් වෙනකොට ලිපි 200ක් දෙන්න තරම් ශක්තියකින් යුක්ත වුණ මේ හාදයට ලිපි 500ක් වෙන්නෙ අදනෙ. ලිපි 200ක් මාස තුනෙන් දුන්නත්, මේ ඉතුරු ලිපි 300 දෙන්න එයාට ගිය කාලය මාස 7ක් විතර වෙනවා. පේනවනේ? පුංචි කාලෙ නොයෙක් නොයෙක් ලෙඩරෝග, දෝෂ, ඇස්වහ-කටවහ අහනව ටිකක් වැඩිනෙ කොහොමටත්. උපන් ගමන් හින්දා හොඳ හයියට උන්නට කල් යනකොට ඉතින් එක එක නුහුරු නුපුරුදු දේත් එක්ක ගැටෙනවා වැඩි නෙව. ඒ හින්දා වෙන්ට ඇති ඕං…

හරි එහෙනං! මුලින්ම මතක් කොරන්නම්කො අපේ චේතිය ප්‍රසංග මලයාව. මලයා තමා මංසල අඩවියේ පළවුණ අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපිවලින් 90% ක්ම ලියා දුන්නේ. දැනුමට කියලා අපෙ අඩවියේ තියෙන කොටහට ගොහින් බැලුවානම් ඒ බව පෙනෙයි. තව ඉන්නවා ලාංකික චිත්‍රපටයක් ගැන මුල්ම ලිපිය ලබාදුන් උදයන්ති ප්‍රියංගා අලුත්වල සොයුරිය. අපේ විචාරකවරිය වන නෙරංජි. අපට කොමික් ගැන ලිපි දෙන සමීර(බුවා). අපි ඉල්ලන ඉල්ලන ලිපි සකසලා දෙන දක්ෂිණ. අනේ මන්දා නම් කියන්ට ගියොත්නම් මහා-ගොඩක් තියෙනවා. ඒ වුණත් මේ ලිපි 500ට අඩංගු ලිපි ලබා දුන් හැමෝටම, එක ලිපියකින් හරි දුන් සහයට ස්තුතිවන්ත වෙන්නට අවස්ථාවක් මේ… (විශේෂයෙන් වෙන් වෙන් අංශ ලෙස දායකත්වය ලබා දෙන කිහිප දෙනෙකුගෙ නම් විතරක් කිව්වා කියල අමනාප වෙන්න එපා. ඒ අය වෙසෙසින්ම සිහිපත් කළ යුතුයි කියන කාරණය අපි බොහොම සැලකිල්ලට ගත් නිසයි එහෙම නම් වශයෙන් සඳහන් කළේ. අනෙක් අය අමතක කළා නොවෙයි. ලිපිය ඕනෑවට වඩා දිගු වෙන්නට ඉඩ ඇති නිසා ඉතුරු සියල්ලන්වම පොදුවේ සිහිපත් කරනවා ඉමහත් සෙනෙහසින් වගේම, ගෞරවයෙන්.)

ඉතින් ඊගාවට කියන්නට ඇත්තේ එදා මෙදාතුර අපි ඇරඹූ ජනප්‍රිය වැඩ ගැනයි. විචාර ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නෑ, ඒවා කට්ටිය පිස්සු වට්ටන තරම් ආකර්ෂණීයයි. ඒ වගේම සාරවත්. එතකොට අපේ අධ්‍යාපනික ලිපිනම් දැන් ඇණහිටලා වගේ තිබුණත් ඒකත් බොහොම වටිනා කියන එකක්. ඒ හැරුණහම හැදෙන හැටි බොහොම වේගයෙන් ආකර්ෂණය දිනාගන්නා ලිපි පෙළක් බවට පත් වෙලා. වැරදුණු තැන් එනකම් ඇඟිලි ගණින අය වගේම, මෙන්න මේකේ වැරදුණු තැනුත් කියන්න කියලා ඉල්ලන අයත් ඒ වටේ රොක්වෙලා. සේරටම වඩා පුදුමාකාර විදිහට ප්‍රසාදය දිනපු සිංහලෙන් ට්‍රේලර් දෙන වැඩෙත් නැගලම යනවා. එතකොට චිත්‍රපටි ගැන විස්තරාත්මක ලිපි පළ කිරීම ඇරඹූ Bond චිත්‍රපටවල විශේෂතා ගැන කියන ලිපි පෙළ Bond අතහැරිය පසුවත්, දිගු ගමනක් යන්නට අරඅඳිනවා ටික ටික. සේරටම වඩා ඇල්මැරිච්ච ඉදිරි දිගහැරුමත් ඔහේ යනවා තමත්…මේ සේරම පිටිපස්සෙ ඉන්නෙ අපේ පරණ පුරුදු කට්ටියමයි. අලුතින් එකතු වුණ ටික දෙනෙක් හිටියත් ඒ අයත් දන්නා හඳුනන උදවිය. ලොකුම ලොක්කා ගුරා. ඔහු නැතිනම් මේ දේවල් නෑ… ඊගාවට මංසලේ භාරකාරයා වාසල. සම්බන්ධීකාරක විකියා. දැනමුත්තා රොයිලි ඉන්නවා. කවදත් වගේ විකාර කෙලින උදාකාරයා, හසන්ත ඉන්නවා මංසල හා බැඳුණු සිංහල ට්‍රේලර් වැඩේ හසුරුවන අපේ YouTube චැනලයේ කෙරුම්කාරයා. අලුත් මෙහෙයුම්කරු තමයි සමීර මලයා.

ඔය කිව්ව මංසල අදියුරු පිරිස හැරුණුකොට තවත් අපේ සබ්කරුවෝ බොහොම දෙනෙකුත් විවිධාකාරයෙන් සහය දෙනවා මේ වැඩේ මග නොනැවතී දිගටම ඉදිරියට ‍රැගෙන යන්නට. නමුත් පිටින් ඉඳං සහය දෙන අය හරිම විශේෂයි. පිට කෙනෙක් කිව්වට දැන්නම් අපට පිට කෙනෙක් නෙමෙයි. ඒතමා ධනික පෙරේරා. භාෂා ලංකා ආයතනයේ සංකල්පධාරියා, නැතිනම් නිර්මාතෲ. ඔහු නොමිලයේ ලබා දෙන සහය අපට පුදුම ශක්තියක්. මතක ඇති පහුගිය ටිකේ සිංහලෙන් වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදමින්, ඒවා නැවුම් කරමින් අපේ වෑයම තවත් පුළුල් පරාසයකට ගෙන යන්නට ධනික සහ ඔහුගේ ආයතනයෙන් අප වෙනුවෙන් නිර්මාණය කළ සිංහල ස්මාට්ෆෝන් ඇප්ප් එක ගැන. මෙවර ඔහු එය තවත් ඉදිරියට ‍රැගෙන යමින් අපේ මංසලට ඇප්ප් එකක් නිකුත් කරන්නට කටයුතු කරනවා. නමුත් මේක ටිකක් විශේෂයි. ඇන්ඩ්‍රොයිඩ් හා බැඳුණු දිනෙන් දින අලුත් වන යෙදවුම් සමග මෙවර මේ නිර්මාණය කර තිබෙනවා. appgenz(ඇප්ජෙන්ස්) මැති සැකසුම උපයෝගයෙන් තමයි මෙවර මේ ඇප්ප් එක එළිදක්වන්නේ. මේ Appgenz.com වෙනස් වෙන්නේ එමගින් ඕනෑම කෙනෙකුට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ප් සකසා නිකුත් කිරීමේ පහසුකම ලබා දෙන නිසා. ඉතින් මේ Appgenz.com පාවිච්චි කරලා හදපු ලංකාවේ මුල්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් මංසල ඇප් එක බව අපි කියන්නේ තරමක ආඩම්බරයෙන්. ඉතින් ඒ ආඩම්බරයේ නියම හිමික‍රු ධනිකටත් ඔහුගේ ශ්‍රීලාංකික දායාදය ලෙස රටට පිරිනැමුණු භාෂා ලංකා ආයතනයටත් අපගේ විශේෂ ස්තුතිය හිමිකරදෙනවා මේ මොහොතේදී…

baiscope mansala app

එහෙමනම් අපේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් වැඩ ගන්න ගමන්, ධනිකටයි ඔහුගේ පිරිසටයි ස්තුති කරන්නටත් ඔබ අමතක නොකරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේම කමෙන්ට් එකකින්, ලිපියකින් ට්‍රේලර් උපසි‍රැසියකින් සහය පළකරමින් අපත් සමග ‍රැඳී ඉන්න කියන ආරාධනය කරනවා. ඔබේ පැමිණීම වගේම ඔබ දෙන දහිරියත් අපට ශක්තියක්. එනිසා වෙනදා වගේම සහෝදර සෙනෙහසින්, පියවරෙන් පියවර ඉදිරියට ඇදෙන අපේ මේ මාවතේ හැම සටහනක් සටහනක් පාසාම; හැම සැමරුමක් සැමරුමක් පාසාම අපට රුකුල් දෙන ඔබේ ශක්තිය දිගටම අපට දෙන්න. මුළු හිතින්ම අපේ අපේක්ෂාව එයයි.

ඔබටත් අපිත් එක්ක අලුත් ලිපි නැවුම් තොරතුරු  ලියන්නට එකතු වෙන්න පුළුවන් බවත් මේ වෙලාවේදී මතක් කරන්න කැමති,එහෙම කැමැත්තක් තිබෙන අය  [email protected] මේ ලිපිනයෙන් අපව අමතන්න , ඉදිරියේදීත් නැවුම් තොරතුරු සහ විවිධ විශේෂාංග සමගින් හමුවෙමු…හැමටම ආයුබෝවන්! චිරන් ජයතු !

එහෙනම්  මංසලට ගොඩ උන එකේ  සුභපැතුමක් එක් කරලම යමු නේ 😀

උදා (217 Posts)


31 thoughts on “මංසල | ලිපි 500 ක්………

  • Pingback:ලිපි දහස සමරන බයිස්කෝප් මංසල | Mogo Reader

  • Pingback:ලිපි දහස සමරන බයිස්කෝප් මංසල – බයිස්කෝප් මංසල

  • May 21, 2014 at 6:51 PM
    Permalink

    idiriyatama karagena yannata hadawathinma subapathanawa…thaanks baiskope.lk

  • March 9, 2014 at 11:08 AM
    Permalink

    I wish baiscoppe team.

  • March 9, 2014 at 11:07 AM
    Permalink

    I wish buiscorp team.

  • November 26, 2013 at 11:43 PM
    Permalink

    බයිස්කෝප් මංසලට වගේම උදාගේ 200 වෙනි ලිපියටත් උණුසුම් සුබ පැතුම් එක් කරනවා. මගෙන් නම් එච්චරම දායකත්වයක් මංසලට නොලැඹුනත් ඉදිරියේදී මීට වඩා දායකත්වයක් දෙන්න බලන්නම් කියලා මම නවතිනවා. චිරං ජයතු !!!!

  • November 26, 2013 at 10:59 PM
    Permalink

    oyalage dena godak movie man baluwa et hema ekatama comment karanna beri una ekata samawenna. me wage wedak karana ekata magen oyala hemotama suba pethum ekkaranawa… godak sthuthi…:)

  • November 26, 2013 at 8:37 PM
    Permalink

    jaya wewa mansalata..

  • November 26, 2013 at 1:10 AM
    Permalink

    jayen jayaweva!!!

  • November 25, 2013 at 9:25 PM
    Permalink

    චිරන් ජයතු බයිස්කෝප් මංසලඒ වගේම
    උදා උබටත සුබපැතුම් ලිපි දෙසිය වෙනුවෙන්
    උබ තමා මන්සලේ වැඩිම බරක් ඇදපු කෙනා
    දිගටම කරගෙන යමු කට්ටියත් එක්ක එකතුවෙලා

  • November 25, 2013 at 6:04 PM
    Permalink

    මුලින්ම බයිස්කෝප් මංසලට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඊළඟට උදාගේ 200 වෙනි ලිපියටත් මගෙන් සුභ පැතුම්. ඒ වගේම ධනික අයියා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය සිංහල භාෂාව සයිබර් අවකාශය තුල ප්‍රචලිත කරන්න නොමිලේම කරන සේවය ගොඩක් අගය කරනවා.එහෙනම් බයිස්කෝප් මංසලට සහ භාෂා ආයතනයට ජයෙන් ජයම වෙන සුභ අනාගතය.

  • November 25, 2013 at 5:31 PM
    Permalink

    supiri mey site aka nam machan

  • November 25, 2013 at 5:30 PM
    Permalink

    පට්ටම සයිට් එක මේකත් බයිස්කෝප් එක වගේ තමා අනිවා සෑහෙන්න වැදගත් අපිට
    දිගටම දෙන්න

  • November 25, 2013 at 5:21 PM
    Permalink

    එළකිරි..
    එළකිරි…
    මටත් පොඩිම පොඩි ආඩම්බරයක් තියෙනවා මමත් ලිපි දෙක තුනක් හරි දීලා පොඩි හවුල්කාරයෙක් උන එක ගැන…
    තව ඉස්සරහට යමු, අලුත් අලුත් දේවල් අතරින්..
    ජය වේවා මන්සල..

  • November 25, 2013 at 3:38 PM
    Permalink

    සුභ පැතුම්,,,තව තවත් ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා,,,

  • November 25, 2013 at 2:29 PM
    Permalink

    මංසල මලයාට මගෙන් උණුසුම් සුභපැතුම්. ඒ වගේ ම ධනික සහ ඔහුගේ පිරිසටත් ගොඩක් ස්තුතියි මංසලට දෙන දායකත්වයට.

  • November 25, 2013 at 2:27 PM
    Permalink

    Api nm Baiscope ekka ekathuwela thawama masa 2k wage thami. etha a masa 2 athulatha mansalen igena gaththa ewa emati. Mansale hamotama hugakma sthuthiyi, e wagema godak pin. jaya wewa…!!!

  • November 25, 2013 at 2:06 PM
    Permalink

    ‍ආ……….‍ඒ ‍ව‍ගේ‍ම ‍උ‍දා ‍ස‍හෝ‍ගේ 200 ‍වෙ‍නි ‍ලි‍පි‍ය‍ටත්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍……

  • November 25, 2013 at 2:04 PM
    Permalink

    ‍මන්‍‍ස‍ල ‍ම‍ගින්‍ ‍අ‍පි‍ව ‍සි‍න‍මා‍ව ‍පි‍ලි‍බ‍ද‍ව
    ‍ක‍ල ‍දැ‍නු‍වත්‍ ‍කි‍රීම්‍ ‍අ‍සී‍මි‍ත‍යි .
    ‍ඒ ‍කාර්‍ය‍ය ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න‍ට ,
    ‍ශක්‍‍ති‍ය ‍හා ‍වා‍ස‍නා‍ව ‍ල‍බේ‍බා!
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍මේ ‍ස‍ද‍හා ‍ලි‍පි ‍ස‍ප‍ය‍මින්‍ ‍දා‍ය‍කත්‍‍ව‍ය ‍ස‍ප‍ය‍න ‍සි‍ය‍ලු
    ‍දෙ‍නා‍ට‍ම ‍ඉස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍මී.
    ‍ඒ ‍අ‍ය‍ට ‍දි‍ග‍ට‍ම ‍මෙ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍තු‍ති!!!!!!!!!!!!!!!!!
    ‍ස‍දා ‍වැ‍ජ‍බේ‍බා!!!!!!!!!!!

  • November 25, 2013 at 11:42 AM
    Permalink

    ජයෙන් ජයම පතනවා!!!!!!

  • November 25, 2013 at 11:21 AM
    Permalink

    අනිවා සහො මංසල නිසා ගොඩක් නොදන්න දේවල් දැන ගන්න ලැබුනා හැමදාම බයිස්කෝප් ආවම මංසලටත් ගොඩවැදිලාම තමයි යන්නෙ 😀
    ඒවගේම මංසලට සහය දක්වන හැමෝටම මේවැඩේ ඉදිරියට ක‍රගෙන යන්න ශක්තිය ලැබේවා 😀 😀 : D

  • November 25, 2013 at 11:00 AM
    Permalink

    ගොඩක් සතුටුයි මංසලත් කඩ ඉමකට ආපු එක ගැන. ඒ වගේම මේ සයිට් එක මෙච්චර කලක් මෙහෙම කරගෙන ආවේ උදා තනියම කරපු කැපවීම නිසා. හැමෝටම දැක ගන්න පුළුවන් අද තමයි උදාගේ 200 වෙනි ලිපියත්. මොකද උදා එහෙම දෙයක් නොකලා නම් අද අපි තාම ලිපි 300 ඉන්නේ. ඒ නිසා මේ කඩ ඉමේ වැඩි බරපැනක් දරලා තියෙන්නේ උදා සහෝදරයා. කොහෙන් හරි වටිනා දෙයක් හොයලා ඒ ගැන අතීතයත් අවුස්සලා වර්තමානයේ වෙන දේවලුත් හරියටම හොයලා අන්තිමේ අනාගතේ ගැන අංජනම් එලියකුත් බලලා ලස්සන විස්තරයක් හැම ලිපියකම අන්තර්ගත කරන්න පුළුවන් හැබෑම දක්ෂයෙක් ඔහු. ඒ නිසා මම මේ අවස්ථාව මංසලට වැඩිය උදාට සුබපතන්න අවස්ථාවක් කර ගන්නවා. ඊළඟ කඩඉම වන ලිපි 1000 තුල උදාගේ නමින් ලියවුන ලිපි 500ක් අන්තර්ගත වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!! ජයවේවා මචෝ!!!

  • November 25, 2013 at 10:57 AM
    Permalink

    නියමයි .ජය වේවා!සුබ පැතුම් ……අලුත් ලිපි නැවුම් තොරතුරු ලියන්නට

  • November 25, 2013 at 10:42 AM
    Permalink

    නියමයි නියමයි.
    හදවතින් සුභ පතනවා හැමෝටම.
    1000ත් ගහමු මෙච්චර කල් නොයනවා.
    ජයවේවා!!

  • November 25, 2013 at 10:40 AM
    Permalink

    ආ……. ඒවගෙම උදාගෙ 200 වැනි
    ලිපියනෙ මේක ඒකටත් සුභ පතමු නෙහ්

  • November 25, 2013 at 10:39 AM
    Permalink

    මංසලෙන් ගොඩක් දේවල් දැනගත්තා
    ඒ වෙනුවෙන් කැපවුනු ඔක්කොටම තුති
    විශේෂයෙන් ධනිකටත්
    ඉක්මනටම ලිපි 1000කුත් දෙමු
    සබට තුති
    ඔබට ජය…

  • November 25, 2013 at 9:30 AM
    Permalink

    මංසලෙන් අපිට ගෙනාපු දැනුම අසීමිතයි.

    මංසලට සදා ජය වේවා!

    එවගේම උදාටත් ලිපි 200 වෙනුවෙන් සුභ පතනවා

    ඉදිරියටත් දිගටම මේ වගේ සුපිරි ලිපි ටිකක් ගෙන්න වාසනාව ශක්තිය ලැබේවා!
    ජය වේවා!

  • November 25, 2013 at 9:20 AM
    Permalink

    all the best

  • November 25, 2013 at 9:17 AM
    Permalink

    cngrtzzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!