Rush (2013) – [අධි වේගී ධාවන තරගය…]
මේ වසරේ මුල් භාගයේ පැමිණි FF6 එක්ක බොහොම වාහන පිස්සුවක් ඇති වුනානේ ලෝකේ පුරාම. ඒ වගේ කාණ්ඩයකට අයිති නැති වුනත් මේ වන විට විචාරක පැසුසුම ඉහලින්ම ලබාගෙන තිබෙන දැනට ඇවිත් ටික දිනක් වෙන චිත්රපටයක් ගැන තමයි මේ කියන්න සුදානම… මේ වසරේ සැප්තැම්බර් මාසයේ 02 වනදා මුල් වරට ටොරොන්ටෝ සිනමා උළෙලේදී එක ප්රදර්ශනය කල මෙම චිත්රපටය මහජන ප්රදර්ශනයට නිකුත් වෙන්නේ සැප්තැම්බර් 13 වනදා. ක්රියාදාමනයන්ගෙන් සපිරුණ මේ චිත්රපටය ලෝකයේ ඇත්තටම වුන සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
ඔස්කා සම්මාන දෙකක් දිනාගත් සුප්රසිද්ධ අධ්යක්ෂක වරෙයන් වෙන Ron Howard තමයි මෙහි අධ්යක්ෂකවරයා වන්නේ. ඔහු තමයි A Beautiful Mind (2001) නම් ලොව සුපතල නිර්මාණය කල පුද්ගලයා වෙන්නෙත්. පිටපත නිමවෙන්නේ Peter Morgan අතින්. ප්රධාන නළුවන් වන්නේ Chris Hemsworth හා Daniel Brühl යන දෙදෙනායි. ඔවුනට අමතරව Olivia Wilde, Alexandra Maria Lara, Pierfrancesco Favino, Natalie Dormer හා තවත් විශාල පිරිසක් එකතු වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 38 ක වියදමක් දරා නිර්මිත මේ සලරුව මේ වන විට ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 90 ඉක්මවූ ආදායමක් ලබාගෙන තවමත් තිරගත වෙනවා. මේ වන විට ලබාගෙන ඇති IMDB මනාපය 8.3 ක් වෙනවා. දැනට IMDB Top 250 තුල මෙය පසුවන්නේ 170 වන ස්ථානයෙයි.
කතාව වෙන්නේ මෙහෙමයි, ජේම්ස් හන්ට් හා නිකි ලවුඩ් යනු ෆෝමියුලා 1 මෝටර් රථ ධාවන ශුරයන් දෙදෙනෙක්. නමුත් මොවුන් දෙන්න අතර කාලෙක ඉදලා බොහොම තද පොරයක් තියනවා. ඒ පොරය ආම්භ වෙන්නේ 1970 ෆෝමියුලා 3 ධාවන පථයෙන්. ඒ එංගලන්තයෙ Crystal Palace ධාවන පථයෙන්. කොහොම හරි මොවුන් දෙන්න බොහොම ඉදිරියට තමන්ගේ ගමන ලොවෙහි නමක් දිනාගෙන යනවා, නමුත් ඔවුන්ගේ මේ එදිරිවාදිකම නම් අඩුවක් නැහැ. කොහොම කොහොම හරි ඔහොම මේ දෙන්න එනවා 1976 ලෝක සවාරියට, එය අදටත් හැදින් වෙන්නේ ලොව මෙතෙක් පවතී අකාරුනිකම තරග සමයක් ලෙසින්, ඒ ඇයි? මේ කොහොම තරගයක් ද? මේ ඔක්කොම දැනගන්න නම් හොඳ පිටපතක් එන්න සිංහල උපසිරැස ලබා දෙනකම් ඉන්නම වෙනවා.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Naiyaandi eke sinhala sub aka nane methana. Sub file eka denwada
ade ikmanata diyanko bn. meda dan nc eket na neda
නියමයි අයියේ. උපසිරැස එක්ක බලන්න පුලුවන් වෙයි
thanx thanx saho… enakm iwasillak na ithin…