Thor අලුත් චිත්‍රපටියේ Avengersලා කෝ?

Thor The Dark World

කොයි මේ ඇවෙන්ජ(ර්)ස්ලා.. අලුත් Thor: The Dark World එකේ පේන්නවත් නෑනේ. කවුරු හරි කෙනෙක් මේ ඇවෙන්ජ(ර්)ස්ලාගෙන් කවුරුන්වම හරි දැකල තියෙනවද? Iron Man, Caption America, අඩුම ගානේ Hulk වත්. මෙහේ තනියම ලන්ඩන් බේරගන්න Thor සටන් වදිනවා. මෙයාලගෙන් කවුරුවත්ම උදව්වට නෑ. මේ Thor චිත්‍රපටිය එලිදක්වන දවසේ මේ ප්‍රශ්ණේ ඉදිරිපත් වුනාහම මේ වගේ උත්තරයක් තමයි ලැබිලා තියෙන්නේ.

Jaimie Alexander and Chris Hemswo
Jaimie Alexander හා Chris Hemsworth

“මම දන්නේ නෑ, එයාලා අනිවාර්යෙන්ම IHOP එනේ හරි වෙන කොහේ හරි පෑන්කේක් කකා ඇති.” මෙහෙම තමයි Thor චිත්‍රපටියේ Sif කියන චරිතයට පණ පොවන Jaimie Alexander කිව්වේ. කොහොම වුනත් Thorගේ චරිතය නිරූපණය කරන Chris Hemsworthටනම් තිබ්බේ වෙනත් අදහසක්. එයා කිව්වේ, “කැප්ටන් ඇමෙරිකා ෂොපින් කරනවා ඇති, අයන් මෑන් එයාගේ ඇඳුම සකසනවා ඇති, එතකොට හල්ක්.. මම හිතන්නේ එයා කොහේහරි නිවාඩුවකට ගිහින් ඇති.” කියලයි.

මේ සිඳුවීම් නිසා Marval Studio එකේ ප්‍රධානියෙක් වන Kevin Feigeගෙන් ඇවෙන්ජ(ර්)ස්ලා ගැන අහපුවාහම එයා කිව්වේ වෙන කතාවක්. “ඔවුන්ට ලන්ඩන් වල ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ.” කියලයි කෙවින් කිව්වේ. තව දුරටත් හිතුවොත් අධ්‍යක්ෂක Alan Taylor විස්තර කරා මේ චිත්‍රපටියට යම් විදිහකින් විරෝධයක් ඇතිවුනොත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ චිත්‍රපටියේ තැනක් තියෙනවා තෝර්ගේ යාලුවා Thunder දෙවියන්ට උදව් කරන්නේ නැති. අන්න ඒ සිද්ධියට Taylor කියලා තියෙනවා, ” එතන තියෙන්නේ විනාඩියක හෝ දෙකක සංවාදයක්. දෙවියනේ, කොහෙද මේ අයන් මෑන්?” කියලා.

Agents of S.H.I.E.L.D.' Doing 'Thor 2

ඒවගේම Tylor කියන විදිහට යම් සිඳුවීම් මේ චිත්‍රපටියේ සිදුවුන දේවල් ගැන ලන්ඩනයේ බලධාරීන්ට දන්වන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ කියලත් කියනවා. තියෙන අපවාදය තමයි Kat Dennings තමයි S.H.I.E.L.D. රූපවාහිණී කතා මාලාවේ අන්තර්ජාතික ඔත්තුකාරිය. ඉතින් මෙයාව මේ චිත්‍රපටියේ නියමිත ආකාරයට යොදවලා නැහැකි කියලා පොඩි පොඩි කැත කතා වගයක් ප්‍රචාරය වෙනවා. Feige කිව්වේ, Marval චිත්‍රපටි දෙකක් කාරා, එකක “The Dark World” කියන එක අඩංගුයි, හරියට “Iron Man 3” වගේ සහ “Caption America: The Winter Soldier” එකේ වගේ හැම සතුටක්ම ඉක්මනින්ම ලඟාවෙන විදිහටලු මොවුන් මේ දේවල් කරගෙන යන්නේ. කොහොමත් ඇත්ත තමයි මේ Iron Man 3 චිත්‍රපටියත් The Dark World චිත්‍රපටියත් කියන දෙකම සමගාමී වශයෙන් අධ්‍යක්ෂකගේ තීරණයන් මත යැපෙනවා කියන එක.

ඉතින් අවසානෙට Feigh කියපු විදිහටනම් ඊලඟ අවුරුද්දේදී Captain America: The Winter Soldier සහ S.H.E.L.D. කියන සිනමාවන් ගොඩක්ම කාර්යබහුල වෙයි කියලයි.

Thor: The Dark World මේ වන විට සිනමාහල්වල ප්‍රදර්ශණය ආරම්භ වී ඇත.

චලිදු දේශන් (10 Posts)


7 thoughts on “Thor අලුත් චිත්‍රපටියේ Avengersලා කෝ?

  • November 13, 2013 at 8:02 PM
    Permalink

    ෆිල්ම් එකේ එක තැනක තෝර් ගේ සහෝදරයා කැප්ටන් ඇමරිකා වගේ රූපේ මාරු කරගෙන තප්පර ගානක පොඩි ආතල් එකක් දෙනවා.. හෙහ් හෙහ් ..

  • November 12, 2013 at 9:52 PM
    Permalink

    පස්ටයි ආ

  • November 12, 2013 at 5:08 PM
    Permalink

    පට්ට කිනෝ…

  • November 12, 2013 at 9:40 AM
    Permalink

    me pic eka agents shiled eke issarahata enna thiyena kotasaka pic ekakda bn

  • November 12, 2013 at 9:02 AM
    Permalink

    ela ela saho…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *