X-Men: Days of Future Past [2014]

Pic A

සුපිරි Marvel කොමික් රසිකයන්ට 2013 වගේම ඉදිරි වසරත් කාර්යබහුල වර්ෂයක් බවට පත් කිරීමට Marvel මව් සමාගම කටයුතු සුදානම් කරලා.ඒ Guardians of the Galaxy ,Captain America 2, X-Men: Days of Future Past වැනි සුපිරි නිර්මාණයන් රැසක් පෙළ ගැස්විමෙනුයි.ඒ අතරින් 2014 මුල් කාර්තුවේ තිරගත වීම් අරඹන Captain America හි දෙවන සිනමා ආගමනය ගැන පසුගිය ලිපියෙන් විස්තරාත්මක ලෙස පැහැදිලි කළා.එහි උණුසුම මැකී යාමටත් කලින් 2014 වසරෙහි මැයි මස 23 වන දින තිරගත කිරීමට සුදානම් කර ඇති X-Men: Days of Future Past හි පළමු Trailer 1ක පසුගිය දිනක අන්තර්ජාලය වෙතට Twentieth Century Fox සමාගම විසින් නිකුත් කරනු ලැබුවා.

Pic B

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bryan Singer විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙය මෙතෙක් නිපදවුණු දැවැන්තම X-Men සිනමා නිර්මාණය ලෙස අවිවාදයෙන් සදහන් කල හැකියි.A.K.A Wolverine (Hugh Jackman) සුපුරුදු ලෙසම මේ වසරෙහි සාර්ථකව තිරගත වූ The Wolverine පසු මෙහිදීද ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබනවා.එසේම මෙහි අලුත් චරිතයන් රැසක් ද එක් කිරීමට මෙහි තිරපිටපත් රචකයන් වන Jane Goldman, Matthew Vaughn, Simon Kinberg කටයුතු කර තිබෙනවා.මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ අතීත(1970)-අනාගත (2023) X men සියල්ලම මේ නිර්මාණය තුල අඩංගු වීමයි.එසේම මෙ ‘X-Men: Days of Future Past’ නිර්මාණය කොට ඇත්තේ 1981 දී Marvel කොමික් ප්‍රකාශයට පත් කරන ලද Chris Claremont විසින් රචිත ‘Uncanny X-Men’ නම් කොමික් පොත් දෙක පාදක කර ගෙනයි.

මෙහි කතාව ගෙතී තිබෙන්නේ 2023 දී වන විට ලොව සිටින Mutant ජනගහනය ඉතාම සුළු පිරිසකට සීමාවෙනවා.ඒ ඇමෙරිකානු රජය ගෙනයන Mutant ජනතාව දඩයම් කිරීමේ වැඩසටහන නිසා.ඒ වන විට Original X-Men කණ්ඩායමෙන් ඉතුරුව සිටින්නේ Wolverine සහ Charles , Magneto, Storm පමණි.එසේම මිනිස් – Mutant යුද්ධය නිසා ලෝකය දැඩි ලෙස විනාශයයන්ට ලක්වෙනවා.මේ විනාශය නැවත්වීමට විසදුම් සෙවීමට X men කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දරනවා.ඒ සෙවීමේදී ඔවුන් සොයා ගන්නවා අතීතය වෙත යා හැකි කාලයාන්ත්‍රනයක්.ඔවුන් හට එහිදී ගැටළුසහගත තත්වයක් මතුවන්නේ අතීතය වෙත ගොස් කෙසේද සිදුවීම් හට බලපෑම් කරන්නේද යන්න සහ එහිදී සිදුවන සිදුවීම් කෙසේ අනාගතය වෙත බලපෑම් කරන්නේද යන්න. Wolverine ව අතීතය වෙත යවන්නේ Kitty Pryde (Ellen Page) විසින් ඇගේ මානසික බලය යොදා ගෙන Wolverine ගේ මනස 1970 අතීත සිරුර වෙත යැවීම මගිනි.මේ සිදුවීම ඉතා තාත්විකව Days of Future Past හි දැක්වෙන බව අධ්‍යක්ෂක Singer විසින් පවසා තිබෙනවා.

Pic C 2

ඇත්තෙන්ම ඇයි Wolverine අතීතය වෙත යවන්නේ …………Mystique (Jennifer Lawrence) සියලුම X men රසිකයන්ට අමතක නොවන චරිතයක්.ඇය විසින් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඝාතන කිරීම වලක්වාලීම තමා Wolverine ගේ මෙහෙයුම වන්නේ.එසේම ප්‍රථම වතාවට තිරයට ගෙන එන Bolivar Trask (Peter Dinklage) ගේ නිර්මාණයක් වන Sentinels නමැති යෝධ රොබෝවන් නිපදවීම කඩාකප්පල් කිරීමත් මෙහි තවත් අරමුණක්.

Pic C 1
Sentinels යනු Mutant ජනවර්ගයා විනාශ කර දැමීම සදහා නිපදවනු ලැබූ දැවැන්ත රොබෝවන්ය.ඔවුන් ද සුපිරි ආයුද වලින් සන්නද්ධ අතර සමහරක් හට Mutant ලා වැනිම සුපිරි බලයන්ගෙන් යුක්තය. එසේම නවතම mutant ලා ලෙස Bishop(Omar Sy) ලෙසත් Sunspot(Adan Canto), Warpath(Booboo Stewart ) සහ Blink(Fan Bingbing) නව X-men නිර්මාණයෙන් ඔබට දැකගතහැකිය.

Pic D

AKA Quicksilver(Evan Peters) ලෙස X-Men: Days of Future Past හි රංගනයෙන් දායකත්වය ලබාදුන්නත් The Avengers: Age of Ultron [2015] හි Quicksilver ලෙස රංගනයෙන් දායක වන්නේ වෙනත් නළුවෙකු වේ.
මෙයට ප්‍රධානතම හේතුව වන්නේ Mutant ලා රුපවාහිනීයේ හෝ සිනමාවේ පෙන්නීමේ නීතිමය අයිතිය ඇත්තේ Twentieth Century Fox [Fox] සමාගම සතුවය. ඒ නිසාම ABC Marvels Agents of S.H.I.E.L.D තුල mutant ආගමනයක් කිසිදා සිදු නොවේ. 

Sameerabuwa (15 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

Sameerabuwa

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

Sameerabuwa has 15 posts and counting. See all posts by Sameerabuwa

4 thoughts on “X-Men: Days of Future Past [2014]

  • February 18, 2014 at 1:15 PM
    Permalink

    milagata monawa witha ///?????????????????????????

  • November 10, 2013 at 6:45 PM
    Permalink

    thanks saho

  • November 8, 2013 at 8:51 AM
    Permalink

    thanks saho post 1kt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *