හැදෙන හැටි…IX : Turbo (2013) | හෙමින් ගමන්….
මේ ටිකේ කට්ටියම කතා වෙන්නේ අවුරුද්ද මුල හරියේ කතා වුන ධාවන තරගය ගැන නෙමෙයි නේ… මේ වෙනකොට අපේ විමා අපි ඔක්කොම ගොළුබෙල්ලෝ තරග වදින ධාවන තරගයක් වෙත ගෙනත් තියනවා… ලේසි නැහැ දැන් බලනකොට මේ ලෝකේ කිසිම එකක් ඉතුරු වෙන්නේ නැහැ මේ ත්රිමාන සජිවිකරණයේ දියුණුවත් එක්ක… ඕනෙම දෙයක් අපි බලන්න කැමති වෙන හැටියට ගොඩනගන්න ඒ උදවිය සමත් වෙනවා…. නමුත් ඉතින් මේ සලරුව නම් ඇමරිකාව තුල DreamWorks Animation ආයතනය සිතු තරම්ම සාර්ථක වුනේ නැහැ… කොටින්ම $ මිලියන 135 වැය කරලා උපයාගන්න සමත් වෙනා තියෙන්නේ $ මිලියන 83 කට ආසන්න වෙන ගණනක්… ඔහොම තමයි ඉතින් හැම ඉලක්කයක්ම සර්ථක වෙන්නේ නැහැ නෙව.. නමුත් කතාව මට නම් වරදක් නැහැ… යන්තම් ලෝකේ පුරාම මිලියන $ මිලියන 163 උපයා ගත්ත නිසා මුළු එකතුව වෙන මිලියන 246 ක මුදලෙන් ජාමේ බේරාගන්න සමත් වෙලා තියනවා…
වෙනදා වගේ තිරයේ පිටු පස ගෙන්න කියන්න ඒ තරම් දේ නැහැ මොකද මේක ත්රිමාන සජීවී කාරණයක් නිසා.. කොහොම වුනත් DreamWorks Animation ආයතනය මේ සලරුව නිර්මාණය කරලා එහි හඬ කවන කාලයේ තමන්ගේ ස්ටුඩියෝවේ පිටත IndyCar ගෙනත් තියලා තියනවා හඬ නළු නිළියනට වටයක් දෙකක් ගිහින් ඒ ඇසුරෙන් ගත්ත ගැම්මෙන්ම කතාවට සාධාරණයක් ඉටු කරන්න… බලන්නකෝ එහෙනම් ඔවුන් හඬ මුසු කිරීම හා ඒ ආශ්රිත ක්රියාකාරකම් ඇතුලත් තිරයේ පිටුපස වීඩියෝව…
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
ඊයෙ බැලුවෙ
පට්ට ෆිලිම් එක
ඊලග ලිපියෙන් සමීර කොල්ලම එකත් අරන් එයි සහෝ 😀
අහ්.. නියමයි. ඒ ත් කොහොමද සහෝ මේකෙ රුප රාමු එහෙම හදන්නෙ?