Homeland – Game On (3 x 4) – නැවතත් හරි පාරට…
කොටස් තුනක්ම හැල්මේ ගලාගෙන ගිහින් ඔන්න දැන්නම් නියම ට්‍රැක් එකට වැටුනා කියලා හිතෙනවා. “Game On” කතාංගයේ අවසානය අපි කවුරුත් නොහිතපු තැනකට ගෙනාවා නේද..
හැබැයි මට නම් හිතෙන්නේ ඒකට ගත්තු කාලය නම් වැඩියි වගේ. මොකද හෝම්ලෑන්ඩ් කියන්නේ කොටස් 12 ක් පමණක් තියන කතා මාලවක්නේ. ඉතින් ඒකෙන් 1/4 ක්ම අපරාදේ කාලය කා දැමීමක් කලාදෝ කියල හිතෙනවා. හැබැයි මේ තැනට ප්‍රවිෂ්ඨ වෙන්න නම් මෙතෙක් ගලා ගියාවගේ යම් වටපිටාවක සැරිසැරීම කලයුතුයි තමා. හැබැයි ඒක මීට වඩා කුතුහලය ගෙන දෙන විදියට අපට ගෙනාවනම් තමා මීට වඩා වටින්නේ. මොකද මේ වෙනකොට සමහර ප්‍රේක්ෂකයන් හෝම්ලෑන්ඩ් කියන කතා මාලාව තමන්ගේ බැලීමේ ලිස්ට් එකෙන් අයින් කරලත් ඇති කියල මට හිතෙනවා. (හැබැයි මම නම් නෑ 🙂 )
මානසික රෝහලෙන් පිටවීම සඳහා අනුමැතිය දීමට යන ක්‍රියාපටි පාටිය දක්වා කැරී ඉතා බැරෑරුම් කර්තව්‍යක් කලා. ඒක ලොකු කැප කිරීමක්. යම් අසනීප තත්වයක් තිබ්බත් ඒකට අදාල බෙහෙත් ලබා ගනිමින් ඊට වඩා දරුණු රෝගී තත්වයක් මවා පාමින් ඇය එහි ගත කල කාලය අවසන්ව නිවසට යන්නට සූදානම් වීම, ඊට පසු තමන් වටා යම් ඉහල බලවේගයක් කැරෙකෙමින් ඉන්නා බව පසක් කර ගැනීම, ඒ බලවේගය තමන්ගේ අරමුණ කරා යොමු කරගැනීම (එහෙම නැත්තනම් ඔවුන්ගේ අරමුණ තුලට ඇය රිංගීම), එහි අවසන් ප්‍රතිපලය ලෙස ඒ අදාල බලවේගය මුණ ගැහීමට යන මාවත එලි කර ගැනීම දක්වා ඇය ඉතා විශාල කැපකිරීමක් කලා. මෙතෙක් අවසන් උන කොටස් 4 පුරාම ගොනාට අන්දවාගෙන හොම්ලෑන්ඩ් තුල අපව රඳවාගෙන හිටිය ආකාරය, සෝල් සිනාසෙන මේ පහල පිංතූරෙන්ම හිතාගන්න පුලුවන් නේද…
නමුත් කැරී නම් මේ වෙනකොට හොඳටම හෙම්බත් වී සිටින්නේ. ඇයට තවත් දුර නම් මේ ගමන යන්න බැරි වගක් තමා පෙන්නෙන්නේ. නමුත් ඇගේ හයියය වන සෝල් ඇගේ පසු පසින් ඉන්න තාක් ඒක වෙන එකක් නෑ.මේ සෝල්ගේ සහ කැරීගේ සැලසුම ගැන ඉඟියක් අපට දුන්නා නේදෝ කියලා දැන් හිතෙනවා, ක්වීන් විසින් සෝල්ට කියනව මතකයි CIA එක කැරීට සලකන ආකාරය ගැන ඔහුගේ එතරම් පැහැදීමක් නෑ කියල. එවිට සෝල් විසින් කියනවා, “අපි යම් දෙයකට යොමු වෙලා ඉන්නේ. ඒක ඉතා වැදගත් එකක්. ඒකෙන් අපි බලාපොරොත්තුවෙන අරමුණට යන්න පුලුවන් වේවි. එතෙක් ඉවසන්න” කියා. ඒ කිව්වේ මෙන්න මේ කැරීගේ සහ සෝල්ගේ රඟපෑම ගැන තමා නේද..
මේ අතරේ ඩෝනා බ්‍රෝඩී අවසානයේ මිනීමරුවෙක් සමග සම්බන්ධ වී ඇතිබවක් තමා පේන්න තියෙන්නේ. තාත්තා ගැන අහිතකින් සිටින මොහොතේ ඇය අන්තිමේ පැටලිලා තියෙන්නේ ඊට වඩා බයානක දේකට වගේ.
මේ අතරේ නැවතත් බ්‍රෝඩිගේ මිතුරා, ජෙසිකාගේ පෙම්වතා නැවතත් මතු වෙලා. ඔහු බ්රෝසි පවුලට විශාල හයියක් මේ වෙලාවෙදි. මොකද ජෙසිකා මේ වනවිට මුහුණ දෙන ජීවිතේ එතරම් සුන්දර එකක් නෙමෙයිනේ.
ඔක්කොමත් හරි, බ්‍රෝඩි නැවතත් කතා මාලාව තුල හැංගුවා මේ කොටසේදි. ගිය සතියේ කොටසේදි ඔහු ගැන වැඩි කාලයක් වෙන්කරලා තිබ්බා. නමුත් මේ කොටසේ දී නිකමටවත් දැක්කේ නෑනේ.. බලමු අපි ලබන කොටසේ දී කොහොම වෙයිද කියලා… කැරීගේ සහ සෝල්ගේ සැලසුම කොයි පැත්තකට කැරකේවිද ? බ්‍රෝඩිගේ තත්වය කුමක්ද ? ඩෝනා යම් අනතුරුදායක තත්වයකද ඉන්නේ ? යන කාරණා වලට අපට ලබන කොටසේ පිලිතුරු ලැබෙයි මම හිතන විදියට.
හොද වැඩේ උබට :p
ane දෙයියනේ එච්චර දේවල් වෙලාද..
මට තාම බලන්න උනේ නැහැ,,
මගේ නෙට් මගුලට පින් සිද්ද වෙන්න…
තාම බෑවෙනවා..
බාලා බලලා මමත් මක්ක හරි කියන්නම් හොදේ…
අනික මේ කතාව බලන එක අතාරින ඒකා මහා පිස්සෙක් වෙන්න ඕනේ…