Revolution යළි කියවනු පිණිස…
අපි මින් පෙර දිනක Revolution කතා මාලාවේ චරිත ස්වාභාවයන් ගැන කතා කළා. මම අද මෙන්ම, හෙටද Revolution හඳුන්වන්නේ, කල දුටු කල වල ඉහ ගන්නට ගෙනා පොම්පයකින්, ළිං ඉසීමේ ව්‍යාපාරයක් කරගෙන යාම ලෙසයි. මම එහෙම කියන්නෙ ඇයි කියලා, කලින් ලිපිය කියවපු ඔබ දන්නවා. ලෝක විනාශය මාකට් කරලා, ඉන් පස්සෙත් ඒ මාර්කට් එක දිගින් දිගටම පවත්වා ගන්න ඔවුන් සමත් වෙලා තිබෙනවා. මාස කිහිපයක නිහැඬියාවකට පස්සෙ සැප්තැම්බර් මස 25 වනද සිට ඔන්න ඉතිං ආයෙත් අපිට Revolution ගැන කතා කරන්න පුළුවන්.
මාස කිහිපය නිහැඬියාවෙදි පවා, ඔවුන් මේ කතා මාලාව මිනිසුන්ට අමතක වෙන්න ඉඩ හැරියෙ නෑ. හැම වෙලාවමක යාවත් කාලීන කිරීම් සමඟ ඉඟි ලබා දුන්නා. ප්රේක්ෂකයො නොදැනුවත්වම මේ ඉඟි ඔස්සෙන් කළ අනුමාන කිරීම් වලින් පිට පැනීම තමයි අධ්‍යක්ෂක වරයා ගේ සහ තිර රචකයාගේ උවමනාව. ඒ වාසිය තව තවත් ප්‍රයෝජනයට ගන්න මේ season එකෙත් මාස 6 ක් skip කරන්න අධ්‍යක්ෂකවරු තීරණය කරනවා.
සාමාන්‍යයෙන් නිර්මාණය වෙන්නෙ අනාගතය වුණත්, අතීතය නිර්මාණය කිරීමේ කාර්යයකයි මේ නිර්මාණ කරුවන් සිටින්නෙ. අතීතය නිර්මාණය කිරීම අනාගතය නිර්මාණය කිරීමට වඩා හාත් පසින් ම වෙනස්. වර්තමානයේ සිට අනාගතයට පියවර තැබීම තුළින් තමයි සමාන්‍යයෙන් අනාගතය නිර්මාණය වෙන්නෙ. හැබැයි පවතින වර්තමානයට හේතු පාදක වන අතීතය නිර්මාණය කළහොත්, ඒ අතීතයට හැකියාව තියෙනවා වර්තමානය skip කරලා අනාගතයට යන්න වෙනමම ආරකින්.
මේ කරුණු සියල්ල මතකයේ තබා ගන්නෙ නැතුව අපිට බැරි වෙයි ඉස්සරහට මේ කතාව විචාරය කරන්න.
Season 2 පළමු කථාංගයෙන්, අපිට සංරාංශයක් සපයනවා, මාස 6 කට පෙර අතීතය ගැන. රැන්ඩිල් දිවි නසා ගන්නවා. නැවත විදුලිය විසන්ධි වෙනවා. න්‍යෂ්ටික බෝම්බ වැටෙනවා. උත්සාහයන් බොහෝමයක් ව්‍යර්ථ වෙනවා. සියල්ලම පාහේ. විදුලිය , මොන්රෝ ගෙ මරණය , ඩැනී මේ හැම දේම වීරයන්ට නොලැබීම් ගණයට වැටෙන්නෙ. අතීතයේදී ප්රතිවීරයාගෙ චරිතයෙන් වීරයාගෙ චරිතයට පැමිණීමට උත්සාහ කරන මයිල්ස් season 2 හීදී තමන්ගෙ ප්‍රතිවීරත්වය තුළින් සම්පූර්ණයෙන්ම මිදිලා වගෙයි. ඒ වෙනුවට දැන් ප්රතිවීරත්වයෙන් මිදීම අරඹා තිබෙන්නෙ මොන්රෝ. එකම අරමුණක් වෙනුවෙන් දෙයාකාර මෙහෙයවීමක් අපට කතාව ඉදිරියේදි දැක ගන්න පුළුවන් බවට දැන් බලාපොරොත්තු ලැබෙමින් පවතිනවා.
මොන්රෝ සහ චාලිගේ එක්වීම
මෙය ප්‍රශ්න බොහෝමයකට මෙන්ම, විසඳුම් බොහෝමයකටත් ඉඩ සාදන බන්ධනයක් වේවි. මොන්රෝ චාලිව රකින්නේ ඒ තම මිත්‍රයාගෙ දියණිය නිසයි. බොහෝ විට මොන්රෝගෙ දිවි යම් දිනක රැකෙන්නේ හෝ, ඔහුගේ මරණය ශෝකි වන්නේ චාලි ඔහුගේ මාමාණ්ඩිය වූවොත් පමණයි.
චාලි
ඇය දැන් බොහොම නරක් වෙලා. ඇය ඇගේ අම්මා වගේ. ඇය ඇසුරෙන් ඇගේ මවගෙ තුරුණු විය බොහොම අපූරුවට ප්‍රතිනිර්මාණය කෙරෙනවා. චාලිගේ ඉලක්කය වූ මොන්රෝ සමඟ දැන් චාලිට සිටින්න පුළුවන්. චාලිට හැම වෙලාවෙම මුහුණ පාන්න වෙන්නෙ එකම ගේ ගැටලු වලට. ඉලක්කය ළං වීම සහ අවසානය දුර වීම. හරියට පහන ළඟයි ආලොකෙ දුරයි වගේ. මෙතනදි දැනට අපිට හැම වෙලාවෙම ලොකේෂන් තුනක් තියෙනවා. ඒ මයිල්ස් ඇරොන් රේචල් සිටින පැත්ත, චාලි සහ බැස් ගමනේ යෙදෙන ඉසව්ව. නෙවිල් සහ ජේසන් සිටින ඉසව්ව. නුදුරු අනාගතයේ එය දෙකක් බවට පරිවර්තනය වේවි.
දේශප්‍රේමින් කරගෙන යනු ලබන සටන, කොහොම එකක් වේවිද කියලා තවමත් අපිට හරියටම කියන්න බෑ. මොනා වුණත් මේ හැම දේකම අරමුණ ඇමරිකාව සමස්ත බල කේන්ද්‍රය බවට පත් කරගැනීම. ඒ හැදෑරීම අපිට දෙවන ලෝක යුද්ධය සහ මේ කතාවේ ගොඩ නැගීම එක්කම පසුව සාකච්ඡා කළ හැකි වේවි.
පරමාණු වලට එහා ගිය න්‍යෂ්ටික අවි භාවිතය ගැන ඔබට දැනුවත් කමක් තියෙනවා නම්, හිතා බලන්න මේ අති සුපිරි නැනෝ තාක්ෂණය ගැන. එදා 12 වන මහල පිපිරීම සමඟ සියලු ජීවී ක්‍රමාංකනය කළ නැනෝ සෛල සමූහයක් ඇරොන් ට ඇතුළු වෙලා. ඔහුයි එහි නිර්මාතෘ. ඔහු මිය නොයන්නේත්, පර සිත් සමඟ එකතු වීමේ ඥාණය සහ අතීත සිද්ධී ප්‍රති රූ ගැන්වීමේ ඥාණය ඔහුට එමගින් ලැබුණු අතුරු ඵල විය හැකිය. කොහොම වුණත්, වීරයන්ට මේක අනාගතේ සෑහෙන්න වැදගත් වේවි.
ඉවසගෙන ඉන්න.. ආයෙ නුදුරේම අපි කතා කරමු.. ලෝක යුද්ධ සහ රෙවලූෂන් යළි කියවීමක් ගැන.
[youtube]http://www.youtube.com/watch?v=40OGwV5rPw0[/youtube]
season 2 digatama denawada?? kawadda patan ganne?
season 2 digatama denawada?? kawadda patan ganne??
hoda ideas thiyena article ekak…ohoma yamu yaaluwaaa
කමෙන්ට් එකට ස්තූතියි ගිහාන්
අපි ඉක්මනට අලුත්ම ලිපියකින් හමු වෙමු
ලිපියට ගොඩක් ස්තුතියි
හ්ම්.. නියම අදහ්ස් ටිකක් දීලා තියෙන්නෙ. මේ චරිත අපි හිතනවාට වඩා ගැඹුරුයි.
ලිපිය නියමයි!
ස්තූතියි
හොද ලිපියක්.
Pingback:Revolution [S2E05 - One Riot, One Ranger] | සතුරු මිතුරු හමුව…… [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්
නියමයි පැතුම් දිගටම බලන්න..
මං නම් මේක පටන් ගත්ත දවසේ ඉදලා බලනවා,,මගේ හිතට අල්ලලාම ගිය එක කිව්වොත් හරී..ඉස්සරහටත් බලන්න තමයි හිතන් ඉන්නේ..
ස්තූතියි තිසර
නෑ නෑ, මටත් හිතෙන්නේ ඒක ආදර සම්බන්ධයක් කියල නෙමෙයි තමා.. නමුත් මොකක් උනත් දැන් ඒ දෙන්නගේ මුණ ගැහීම, ඒ දෙන්නා ගණුදෙනු කරන ආකරයට මම කැමතියි.
පට්ට සහි…මැක්සා…
දැනටනම් මටනම් මොනවත් මේ ගැන කියන්න තේරෙන්නේ නැහැ…
ස්තූතියි පැතුම් අරෝෂණ
Revolution එකේ සීසන් එකෙත් එපිසෝඩ් 16ක් වගේ බැලුවෙ අක්කෙ මම
සීසන් 1 ලග තිබුනත් බලන්න හිතෙන් නෑ වැඩිය
මට ටිකක් කම්මැලී එක
The Walking Dead
Hannibal
The Blacklist (2013)
Marvels Agents of S.H.I.E.L.D (2013)
Arrow
Touch
ඒ ටීවී සීරීස් බලනව මේ ටිකේ
කොහොම උනත් ඔයා කියන දේට මාත් එකග වෙනව ලෝක විනාශ ගැන ඇතිඋන උණුසුමත් එක්ක ඒක මාකට් කරන්න හදපු ටිවි සීරීස් එකක් මේක.
ඒකේ වරදකුත් නෑ අතීතයේ විදියට ජීවත් වෙන්න ලැබෙනව කියන දේ වෙනස්ම අත්දැකීමක් නිසා ප්‍රේක්ශකය එකතුවෙනව මේක වටා
ඒත් හිතුවට වඩා රේටින්ග් අඩු උනා කියල හිතෙනව. ඒකට හේතුව හිතාගන්න බෑ මටනම්.
මට වගේම අනිත අයටත් කම්මැලි ටිවී සීරීස් එකක් කියල හිතුනද දන් නෑනේ !
අක්කගෙ විචාරය අනර්ගයි
ෆිල්ම් ගැනත් මේ වගේ විචාර ඉදිරිපත් කරන්නකො
Rashômon (1950) වගේ ෆිල්ම් වලට
මට ඒක ගැන මෙලෝ අදහසක් ඔලුවට එන්නේ නැනේ !!
තැන්ක්ස් නංගෝ
ස්තූතියි ඉෂ්
මීයන් මිය ගියෙ ඇයි? මියන් මිය යන්නෙ යම් කිසි විශක් හේතුවෙන්.. සමහර විට ඒ විශට හේතු දෙකක් දැනට තියනවා. මී ලේ වලින් අර කාන්තාවගේ ලේ සුද්ධ කළාද? එහෙම නැත්තං අර විද්‍යානුකූල නැනයිට් නිසා මුන් මැරුණද? අපි ඉස්සරහට හොයා බලමු
නියමයි අක්කියෝ!!!!!
බලන්න කසුන් මල්ලි ඕක නරක නෑ..
මේ දවස් වල බලන ෆස්ටම ටීවි සීරිස් එක මේක..
මීයන්ට මොකක් වෙනව කියලද හිතන්නෙ.
මම තාම බලන්න ගත්තේ නෑනේ
ස්තූතියි විකී
ස්තූතියි හර්ෂන
නියම විචාරයක්. කතාවනම් ඉස්සරහට වෙන්නෙ මොනවද කියල හිතාගන්න බෑ. කොහෙන් මොන කෙන්ගෙඩියක් පාත් වෙයිද දන්නේ නෑ මේකෙදිත්. දිගටම බලනවා මොනවා උනත්. 🙂
නියමයි බලමු නේ කොහොම වෙයිද කියල
මේකනෙ සහෝ ඔය නැනෝ න්‍යෂ්ටික අංශු ඔක්කොම ක්රමාංඛණය කිරීමේ තියරිය තිබුණෙ ඇරොන් ළඟ. ඒවා සියල්ලට පිවිසිය හැකි ෂෝට් කට් එකක් එයාට තිබුණා. එයා ඒක නැවත වරක් ක්‍රමාංකනය කරනවා. ඒ එක්ක විදුලිය දෙනවා. ඒත් අර බෝම්බ නවත්තන්න හදිස්සියෙ එයාලාට සිදු වෙනවා. නැවත විදුලිය විසන්ධි කරන්න. එතනදි සියලුම මැෂින් හදිස්සියෙ පුපුරනවා. ඔතනදි ක්‍රියා කරු වූ ඇරොන්ට සහ එයට ආරෝපණය වූ යම් බලපෑමක් තියෙනවා.
හැබැයි විද්‍යානුකූලව නම් ටිකක් ස්ථතික විදුලියෙන් හෙවත් තරංගාකාර සම්ප්‍රේෂණයකින් ක්‍රියාත්මක වන පරිපථ සහිත නැනයිට් බිලියන් ගාණකට, විදුලිය උරා ගන්න හැකිද? එසේ නම් ස්වාභාවික අකුණු කෙටීමකදි නැනයිට්ලා බර්න් වනවාද?.. පෘතුවියේ චුම්භක ගෝලයෙනුත් ස්ථතික විදුලියක් නිපදවෙන නිසා … ඒකෙන් මෙයට බලපෑමක් නැතිද…?… ඒකද ලක්ෂ වාරයකට එකක් ලෝකය දැවීමට අවස්ථාවක් දෙන්නෙ. ඔය ප්‍රශ්න විද්යාත්මකයි.. අපි බලමු.. ඊළඟ පාර මේවාට විසඳුම් නොදුන්නොත් කතාව අනාථ කරන්න.
පට්ට සහි…මැක්සා…
දැනටනම් මටනම් මොනවත් මේ ගැන කියන්න තේරෙන්නේ නැහැ…
මටත් හිතෙන්නේ ඇරොන්ට වෙන දේවල් එක්ක මේ මොන මගුලක්ද වෙන්නේ කියලා වොතරයි…
අපි බලමුකෝ මක්කද වෙන්නේ කියලා…
දිගටම අපිව දැනුවත් කරන්න..ස්තුතියි…
මම හිතන්නෙ කතෘ ඒක ආදර සම්බන්ධයක් වෙන්නෙ නෑ.. බොහෝ විට ඔය ජේසන් ගෙ හැබෑ පියා. මට එහෙම හිතෙනවා.
ඇත්තටම මම රෙවලූෂන් ප්‍රමෝට් කරන්නෙ, ඒකෙ මාකටිං තියරියට වලට ආසා නිසා. නැතුව රෙවලූෂන් මම දුටු හොඳ ටීවී සීරිස් එක වත් ඒකට මම ඇබ්බැහි වෙලාවත් නෑ.. මම ඒකෙ රසිකයෙක්. ඒක හරි
තදින්ම ඇබ්බැහිවුන “Revolution” රසිකාවියකගේ ලිපියක්
දැන් කතාවේ මට නම් හිතට අල්ලලාම යන කොටස තමා චාලී සහ මොන්රෝගේ සම්බන්ධය. ඒක කොහෙට පෙරලෙයිද කියන කුතුහලයට මම හරි කැමතියි. 🙂
ඔව් අප්පා. ඔය ටික දකින කොට නම් මට හිතුනේ මේකත් සුපර්නැචුරල් කතාවක් වෙන්න එනවදෝ කියලා…
ඒ නැනෝ තාක්ෂණයෙන් සිදු වුණ සොබා දහම් විපර්යාසයක් බව දැනට හිතමු. ඒත් ඒ ඒකත් නෙවෙයි.. පැහැදිළි කරන්න අමාරුයි.
නියමයි!. අර කහපාට කණාමැදිරි මටත් මාර ප්‍රශ්ණයක් 😀