Vijay රඟපාන අළුත්ම දමිල චිත්රපටියක්…
Thuppakki (2012)
ඔබත් දමිළ චිත්රපටි ලෝලියෙක් නම් Vijay කිව්වම නොදන්නවා වෙන්න බැහැ. දමිල සිනමාවේ සුපිරි තරුවක් වන Vijay රඟපාන අළුත්ම දමිල චිත්රපටියක් මේ වසරේ දීපාවලී දින (නොවැම්බර් 13) නිකුත්වීමට නියමිතයි. නමින් Thuppakki කියලා හැඳින්වෙන මෙම චිත්රපටියේ නමේ සිංහල තේරුම “තුවක්කුව“ කියන එකයි. මෙහි ප්රධාන නිලිය විදිහට රඟපාන්නේ Kajal Aggarwal . එමෙන්ම මෙහි විකට නලුවා ලෙස Jayaram රඟපෑමෙන් දායක වෙනවා. Kalaipuli S. Dhanu විසින් නිශ්පාදනය කල මෙම චිත්රපටියේ අධ්යක්ෂණය සහ තිර රචනය A. R. Murugadoss නම් සුපිරි අධ්යකවරයායි. ඉන්දියානු රුපියල් කෝටි 70ක වියදමක් දරා නිපදවා ඇති මෙම චිත්රපටියේ සංගීත නිර්මාණය කර ඇත්තේ Harris Jayaraj විසිනුයි. මුම්බායි නගරයේ ජීවත් වන පවුලක සිටින තරුණයෙක් ගන්න යම් තීරණයක් හේතුවෙන් හදිසියේම ඔහුන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් වීමේ සිද්ධියක් වටා මෙහි කතාව ගෙතී තියෙනවා.
දැනටමත් IMDb රේටින් 7.6/10 ක් අරන් තියෙන මෙම චිත්රපටිය ඉන්දියානු රුපියල් මිලියන 6500 ඉක්මවූ ආදායමක් ලබාවියැයි මේ වන විටත් ගණන් බලා තිබෙනවා, ඒ වගේම ප්රධාන මෙහි නලුවා සිගරැට්ටුවක් දල්වා සිටීමේ ඡායාරූපයක් හේතුවෙන් මෙහි පළමු පෝස්ටරය තහනමට ද ලක් උනා. හරිම ලස්සන ගීත කිහිපයක් ද මෙම චිත්රපටියට ඇතුලත් වී ඇති අතර මේ වන විට එම ගීත අන්තර්ජාලයට එකතු කර තිබෙනවා. ඒ වගේම මෙම අවුරුද්දේ දකුණු ඉන්දියාවේ Most Awaited flim හෙවත් නිකුත් වෙනතුරු වැඩිපුරම පිරිසක් බලා සිටින චිත්රපටියද මෙම චිත්රපටියයි.
~ලිපිය දිනිදු සම්පත් සහෝගෙන්~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නළුවා රගපැම නම් හොද උනත් මේ හාදයා ලංකාවට කපලා කථා කරපු දා ඉදන් හිත හදාගෙන මේයාගේ මුවි එකක් බලන්න හිතෙන්නේ නැ. 😛
Elaz. Wije koti supporter kenek Unata eyage film maru.. ehema baluwoth lankawe deshapalaneth thama koti innawa..
මම ආසම නලුවා.. මේ ෆිල්ම් එකේ පෝස්ටරටක් මම දැක්කා වීඩියෝ ෂොප් එකක දාලා තියෙනවා. දැන් නිකුත් වෙන දවස ගැන දන්න නිසා. නිකුත් උනාට පස්සේ නෙට් එකෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්නවා.. මේ කරන වැඩේ හොඳ වැඩක්.
woow meka nam ela
tamil films me vage upload karanna…….
http://www.youtube.com/watch?v=pirNKF0A72E
Vijay Tamil Speech: We will Wipe Sri Lanka Off The Map [English Subtitles]
ela,ela dhigatama Tamil films dhenna,ilagata enna thiyena..
patta para
patta macho