Sleepy Hollow දෙවන කතා සමයක් සදහා අවසර…..

මේ වසර පරණ සිනමා කෘතීන් අලුත් මුහුණුවරකින් පණ ලැබුව වසරක්. උදාහරණ නම් අපි බයිස්කෝප් වෙතින්ම ඔබට සිංහල උපසිරැස එක්ක ගෙනාව  Bates Motel හා Hannibal වගේ ටෙලි නාටකන්. ඒ වසර මුල දැන් මේ අවසාන සාමයේ තවත් එවන් පැරණි යමක් පණ ලබලා අපිත් එක්ක සතියෙන් සතිය හමු වෙනවා මේ කියන්න යන්නේ ඒ ගැන තොරතුරු ටිකක්… 

Sleepy Hollow මුලින්ම මහජනයා අතරට එන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ ලේඛකයෙකු වන Washington Irving ගේ  The Legend of Sleepy Hollow ග්‍රන්ථය මගින්. අදක ඊයෙක නම් නෙමෙයි ඒ 1820 වගේ බොහොම ඈත කාලයේ. ඉතින් ඔහොම ආව මේ පොත වේදිකාව, සිනමාව තුල බොහොම වාර ගණනක් සැරිසරා තියනවා. මුල්ම සිනමා ආගමනය 1920 නිහඩ සිනමා පටයකින්. හිතාගන්න හැකිනේ මේකේ තරම. නමුත් මෙතුවක් Sleepy Hollow සාර්ථකම නිමැවුම බිහි වුනේ 1999 එදා අධ්‍යක්ෂකවරයා වුනේ Tim Burton ජොනි ඩෙප් තමයි ඉකොබෝඩ් ක්රෙයින් බවට පත් වුනේ. ඊළගට තමයි අපි දැන් සතියක් පාසා නරඹන ටෙලි කතා මාලාව නිර්මාණය FOX නාලිකාව ආරම්භ කලේ.

මුල් කොටස ඇමරිකාව තුල මිලියන 13.6 වගේ විශාල පිරිසක් නැරඹු එකෙන් FOX ආයතනය එතෙක් 2001 24 කතා මාලාව තබා තිබ්බ වාර්තාව බිද දැම්මා. ඉතින් එහෙම අවධානය ලක් වුන හොද ප්‍රේක්ෂක පාදමක් තියන මේ කතා මාලාව දෙවන කතා සමයක් දක්වා ගෙන යන එක විතරක් නෙමෙයි ඔවුන් කර තියෙන්නේ.. මුල් කතා සමයේ කොටස් 13 ලෙසනේ පැවතුනේ ආරම්භයේදී දැන් ඒක කොටස් 22 දක්වා දීර්ඝ කරන්න යනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ…. 

මේකෙන් පෙන්නේ FOX ආයතනය තමන්ගේ වැඩ සටහන් සඳහා තරුණ පරපුර ඇද ගන්න දරන වෙහෙස තමයි. මොකද මේ හා තරග වදින The Walking Dead හා Sons of Anarchy වගේ ටෙලි කතා ලබාගෙන තියන ප්‍රසිද්ධිය හා ප්‍රේක්ෂක පාදම සුළු පටු නැහැ නෙව. නමුත් කථා 22 දක්වා දීර්ඝ කල බව ප්‍රකාශිත වුනත් අප ඔබ වෙත ගෙනාව The Following කතා මාලාවේ ඔවුන් ඒ ගත්ත තීරණය වෙනස් කරලා ආයෙත් කතා 15 කින් මුල් කතා සාමය අවසාන කළා. දෙවන කතා සමයකට මේ වසරේ අග හෝ ලබන වසර මුල රයන් හාඩි ඇතුළු නඩය නැවත කැන්දාගෙන එන බලාපොරොත්තුවෙන්. බලමු මේ කිව්වා වගේ මේකෙත් කතා 22 වෙනකම් යාවිද කියලා. නමුත් මේ ප්‍රසිද්ධියෙන් නම් FOX ආයතනය උපරිම වැඩ ගනීවි. 

සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

සමීර කරුණාරත්න has 84 posts and counting. See all posts by සමීර කරුණාරත්න

One thought on “Sleepy Hollow දෙවන කතා සමයක් සදහා අවසර…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!