Besharam (2013) – [ලැජ්ජාවක් නැති ඒකා….]
ඔන්න තවත් සුපිරි හින්දි චිත්‍රපටයක් ගැන කියන්න තමා මේ සුදානම මේක එසේ මෙසේ එකක් නෙමෙයි ඇක්ෂන් කොමඩි ලව් ස්ටොරියක්. මේකේ නැත්තේ හොල්මන් පාට් එක විතරයි වගේ… 😉 හැබැයි ඕක නෙමෙයි නියම කාරණේ මේක සින්දු විමානයක්… වැඩිය නැහැ සින්දු 13 නෙව තියෙන්නේ… පිස්සු හැදෙනවා නේද? චිත්‍රපටයේ දාවන කාලය වෙන්නේ මිනිත්තු 142 එකෙන් එහෙම පිටින්ම මිනිත්තු 50 කට අදික කාලයක් තියෙන්නේ සින්දු.
ඉන්දියානු රුපියල් කොටි 50 වියදම් කරලා එහෙම නැති නම් ඇමරිකානු ඩොලර් මිලියන 7 වියදම් කරලා මේ නිර්මාණය කරලා තියෙන්නේ අභිනව් කාශ්‍යප් විසින්. මතක ඇතිනේ අර Dabangg (2010) චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂණය වගේම පිටපත නිර්මාණය කල හාදයා… පිටපතත් මෙයා එක්ක සුදානම් කරලා තියෙන්නේ ඉතින් රජීව් බරන්වාල් කියලා අලුත් කෙනෙක්. හැබැයි ඉතින් අපි දකින මුහුණු නම් බොහොම ජනප්‍රියයි. මේක ඔන්න කපුර් තාත්තලා පුතාලා ඉන්නවා, වැඩේ ඕක නෙමෙයි නෙතු සිංග් කියන නිළියත් මේකේ ඉන්නවා නේ. දන්නෝ දනිති ඇය අරන්බිර්ගේ අම්මා කියලා. 😀 කපුර් රන්බීර්. එයාගේ තාත්තා රිශිත් මේකේ ප්‍රධාන පෙලේ චරිතයකට පන දෙනවා. මේ වසරේ ආව රන්බිර්ගේ තවත් හිට් එකෙක් වේවි කියල තමයි මේක ගැන දැනටම මත පල වෙලා තියෙන්නේ. ප්‍රධාන නිළිය වෙන්නේ පල්ලවී ශාරදා. දන්නවද දන්නේ නැහැ. අර My Name Is Khan (2010), Love Breakups Zindagi (2011) වගේ ඒවායේ හිටියේ ලස්සන කෙලි පොඩිත්තක්. අන්න එයා අමතක අය පහල පින්තුරේ බලන්න.;)
කතාව වෙන්නේ මෙහෙමලු, බාබිල් කියන්නේ ආනාත මඩමක ඉන්න කොල්ලෙක්. හැඩකාරයා වගේම පොතේ පතේ දැනුම කෙසේ වෙතත් පාරේ මිනිහා පරදන්න හැකි පණ්ඩිතයෙක් නැහැ. ඒ වගේම මෝටර්රථ යාන්ත්‍රික ශිල්පියෙක්. මෙයා බොහොම පරිපුර්ණ ජිවිතයක් ගෙවන්නේ. තමන් ඉන්න නැත මඩමට සහය වෙන්න මෙයා වාහන පවා හොරකම් කරනවා අවුල කියන්නේ මේ කොලුවට හොද නරක ගැන අවබෝධයක් නැති එක. නමුත් වැඩේ තේරෙන්නේ තමන්ගේ ජිවිතයේ ආදරය වන තාරාට වේදනාවක් දුන්න වෙලේ. නමුත් ඉතින් මේ හොරා පොලිසියෙන් ගලවෙන්නය, බැහැ නේ මෙයා පස්සෙන් එන්නේ පොලිස් ජෝඩුවක් අවසානයේ…..
අම්මෝ ඔය ඇති කතාව කිව්වා නැති නම් සින්දු 13 එක්ක මේ මේ චිත්රපටයඋපසිරැස කරන හාදයා මට දෙස් තියයි. ඒ කෙනාටත් බුදු සරනම පතමින් මම යනවා ආයේ මොකක් හරි හින්දි එකක් ගැන හොයාගෙන එනකම් මේ පුරවා ප්රචාරක පටය බලලා ඉන්න.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
අනේ මන්දා බන් උබත්
එහෙනම් උබ උබටම බුදු සරණයි කියලා පතගත්තා නෙහ්……
උපසිරැසි කරන හාදයා උඹම වුනොත් තමයි හොඳ.
නියම ලිපියක්.බොහෝම ස්තූතියි හොඳේ.