මාවල් නිවසින් Runaways වෙත ඉඩක් ලැබෙන ලකුණු….
Drew Pearce කියන නම අහලා ඇති සමහරුන් නම්. නමුත් මම හිතන්නේ මේ නමින් දන්නා අයට වඩා ඉන්නේ ඔහුගේ වැඩ වලින් ඔහුව දන්නා පිරිස. කට්ටියට මතකද දන්නේ නැහැ මේ වසරේ $1,214,613,036 වගේ පොඩි මුදලක් හෙව්ව දිදුල සහෝ උපපිරැස දුන්න Iron Man 3 කියන සිනමා නිර්මාණය. අන්න එක මුලින් හැඩ වුනේ මොහුගේ පෑන් තුඩෙන්.
නමුත් වැඩේ කියන්නේ Drew Pearce ට මාර්වල් විශ්වයේ දොර ඇරුනේ යකඩ මිනිහට පණ දෙන්න උදව් වෙන්න නම් නෙමෙයි.බ්‍රිතාන්‍ය රුපාවාහිනි සුපිරි වීර නාටකයක් කරගෙන ගිය Drew Pearce වැඩ දැක්ක මාර්වල් විශ්වය ඔහුව ගෙනාවේ Brian K. Vaughan හා Adrian Alphona අතින් නිර්මිත මාර්වල් විශ්වයේ සම්මානනීය චිත්‍ර කතාවකට පණ දෙන්න. ඒ තමයි Runaways අද ඊයේ නෙමෙයි 2012 වගේ කොටින්ම කියනවා නම් ඒ වසරේ මේකේ රුගත කිරීම් පවා පටන් ගන්න සුදානම් වෙලා තිබුනා. නමුත් Avengers කරලියට ඒමත් එක්ක මර්වල් විශ්වය Runaways ටිකකට පැත්තකින් තිබ්බා. ඔන්න දැන් Drew Pearce සුදානම තමන් ආව වැඩේ ඉවර කරන්න.ඔහුට දැන් ඒ වෙනුවෙන් හොද වටපිටාවක් ගොඩ නැගිලා තියනවා.
යකඩ මිනිසා ලැබූ සාර්ථකත්වය එක්ක මාර්වල් විශ්වයේ ඔහුට තියන තැන ප්‍රයෝජනයට අරගෙන Runaways ඉරිදියට ගේන්නයි ඔහුගේ සුදානම. සුපිරි වීරයන් වෙන්න කවුරුත් කැමති නේ, කුඩා කාලේ සිට විවිධ හැකියාවන් සුපිරි බලයන් තියන තරුණ පිරිසක් වටා තමයි මේ Runaways ගොඩ නැගෙන්නේ. ඔවුන් දැනගන්නවා තමන්ගේ දෙමව්පියන් සුපිරි දුෂ්ටයන් බව, නමුත් ඔවුන්ගේ සුදානම ඒ පාරේ යන්න නෙමෙයි තමන් උපතින් උරුමකරගත් සුපිරි බලයන් යොදාගෙන ලෝකයට හොදක් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් ගෙදරින් පලායන සුපිරි ගැටවු හට මාර්වල් විශ්වය කෙසේ පණ දේවිද යන්න තමයි ඊලග ප්රශ්නය.
චිත්‍ර පටයක් ලෙසින් හෝ රුපවාහිනි ටෙලි කතා මාලාවක් ලෙසින් එලියට එන Drew Pearce ගේ අතින් හැඩ වුන මේ පලා යන්නන්ගේ වික්‍රම අපිට ලගදීම දැනගන්නට ලැබේවි. එතකම් බයිස්කෝප් මංසල අවධියෙන්. තොරතුරු ලැබුන වහාම තවත් ඔබව දැනුවත් කරන්නම් මේ ගැන.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
mcn Runaways hadanda baa Marverl Civil War 1ka Create kranakan…..k
Marvel Civil War 1ka Kiyanne Avengers la Mara ganna 1k
Iron Man Team Vs Captan America Team
Anika Runaways X men Mutant set 1k
Runaways Haduwot Hard Comic Fans{මං වගේ} la Comic book walin ma Stan Lee ta ghala Maranawa…………..
Comic Pizzo Lankawe Sahenda Adui Innawanam mta Email 1k dahan k [email protected]
Facebook : https://www.facebook.com/sameera.ruwan
උබලගේ උත්සාහය අගය කරනවා සහෝ………..:P
thank you