ඉදිරි දිගහැරුම… (XXVIII) | Expendables 3’වැනි ක්රියාන්විතය!
ඔන්න තවත් සුපිරි එකක විස්තර ගේන්ඩයි හදන්නේ. සුපිරි කිව්වට ඉතින් සුපිරිමත් නෙමෙයි. අති සුපිරි කිව්වනම් තමා වඩා හරි 😛 දෙවතාවක්ම වැඩ පෙන්නපු අපි කවුරුත්ම වගේ දන්න බානි රොස් ඇතුළු කොල්ලො ටික; තව වතාවක් ලොකු ගේමකට ඔට්ටුවෙන්ඩයි ලෑස්තිය. හැබැයි මේ පාර කලින් වගේ නෙමෙය්, ඊට වඩා මහා ලොකු අංගරයක් අල්ලන්ඩ වෙනවා සිකුරුයි අපේ කට්ටියට. අර මොකෝ?
හේතුව වැඩ-කිඩවලටම නම ගිය තුන්දෙනෙක් එකතු වෙනවා නරකයෝ විදිහට. තුන්දෙනෙක්? ඔව් ඔව්. තුන්දෙනෙක් කිව්වම ඉතින් මොළකාර, වැඩකාර, හයිකාරයො තුන්දෙනෙක්. ඒ තුන්දෙනා කවුද කියල දැනගන්ඩත් කැමති ඇතිනෙ. නම් ටික කියලම ඉන්නම්! Harrison Ford, Mel Gibson, Wesley Snipes කියන තුන්දෙනා තමා ඒ. සුපිරි බඩු තුනක් බව අමුතුවෙන් කියාදෙන්ඩ දෙයක් නෑනෙව නම් දැක්කහම. 😀
ඒත් හැබැයි; කලින් කටකතාවලින් කියැවුණු විදිහට Jackie Chan, Mila Jovovich කියන තරු දෙක මේ වෙනුවෙන් එක්වෙන එකක් නැතිලු. ඒ වගේම කලින් වතාවක් Tool ලෙසින් එක් වූ Mickey Rourke සහ දෙවතාවක් Church ලෙසින් එක් වූ Bruce Willis යළි දැකගන්නට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ හැරුණහම අනිත් පුරුදු කට්ටිය ඒ විදිහටම ඉන්නවලු. හැබැයි Sly වතාවක් කියලා තිබුණා වගේම, අලුත් ක්රියාදාම-තරු යුගයක් බිහිකරන්නට මෙය ඔහු තෝතැන්නක් ලෙස යොදාගනීවි. ‘Immortals (2012)’න් හමු වූ Kellan Lutz, MMA තරුවක් වන Ronda Rousey සහ වෙල්ටර්වෙයිට් බොක්සින් ශූරයෙකු වන Victor-Ortis සමගින් Glen Powell(TDKR) තමා තුන්වැනි මෙහෙයුම වෙනුවෙන් එක්වන නවමු තරු.
Ronda Rousey Victor-Ortis Kellan Lutz
හරි එහෙනම්; චිත්රපටිය ගැන විස්තර ටිකක්! Patrick Hughes මේ වෙනකොට බල්ගේරියාවට වෙලා ඇක්ෂන්-කට් වැඩේ කරගෙන යනවලු. නිෂ්පාදනය Lionsgate සමගින් Millenium Films. මෙවරත් ප්රධාන අවධානය බානි රොස් ඇතුළු ප්රමුඛයින් පිරිසටමයි. මේ වතාවෙත් කතාව ලියද්දි, බානිත් දායක වෙලා. හැබැයි මේ පාර කතාව ලියලා තියෙන්නේ, සුපිරි ඩබලක්! අපි කවුරුත් ඇස් දෙක නළලේ තියාගෙන බලපු ‘Olympus Has Fallen (2013)’ ලියමින් 90 දශකයේ ජාතිප්රේමීත්වය, සිනමාවට යළි කැන්දූ Katrin Benedick සහ Creighton Rothenberger කියන දෙන්නා එක්කයි මෙවර කතාව ලියලා තියෙන්නේ.
“මේ පාර බානි(Sly), ක්රිස්මස්(Stath) සහ සෙසු පිරිස කොන්රඩ් ස්ටෝන්බෑන්ක්ස්(Gibson) සමග සෘජු ගැටුමකට මැදි වෙනවා. ඔහු අවුරුදු ගනණාවකට ඉස්සර Expendables ක්රියාන්විතයේ සාමාජිකයෙක්. ඒත් දැන්; දරුණු ගණයේ ආයුධ ජාවරම්කරුවෙක්. ඒ වගේම බානිගෙන් මැරුම් කෑ යුතු කෙනෙක් බවටත් පත්වෙලා ඉවරයි. ඔහු අර අඳින්නේ තමන් හා එක්ව වැඩකළ Expendables කට්ටිය ඉවරයක් කරලාම දාන්ඩ. මොකද ඔහුගේ වැඩවලට හරහට ඉන්ඩ පුළුවන්කම තියෙන එකම කට්ටිය තමයි මේ පැරැණි සගයෝ ටික. මේ වැඩේට ඔහුට ලොකුම ලොකු වාසියක් වෙන්නේ මේ කට්ටියගෙ ප්රබලතා-දුබලතා සේරම වගේ ඔහු දන්න එක. ඉතින් පරණ අයට මෙදා පාර වැඩේ වරදින්ඩයි යන්නේ. ඔන්න එතකොටයි බානි තීරණය කරන්නේ මේ සතුරාට අලුත් කට්ටියක්ව මුණගස්සවන්ඩ. 😛 “
ඉතින් දැන් පැහැදිලියිනේ කොහොමද සහ මොකද අලුතින් සාමාජිකයන් පිරිසක් එක්කාසු කරගෙන තියෙන්නේ කියන එක! 😉 මෙතෙක් අපි දුටුව ගැටුම් දෙකටම වඩා බොහොමත්ම පුද්ගලික පරාසයේ ගැටුමක් මෙවර දිගහැරෙන බවට සිකුරුයි. ඉතින් මේක ගැන බලාපොරොත්හු දල්වගෙන බලං ඉන්න උදවිය හුඟ දෙනෙක් හිතනවා පසුගිය චිත්රපටවලට දුටුවාට වඩා වඩාත් අනර්ඝ පෙළගැස්වීමක් සහිත සුපිරි ක්රියාන්විතයක් එක්ක මෙය සිනමාහල් වෙත පිවිසෙනු ඇති කියලා. එහෙමනම් තව එක දෙයයි කියන්ඩ තියෙන්නේ. දිනය විතරයි…
තිරයට එන දිනය:- 2014 අගෝස්තු 15
ochchcara kohoma baln innada thawa auruddak?
good move
maxxxxa maxxxxa….. .
patta macho
නියමයි උදා ලිපිය නම් !
මේක 3ත් එනවා එකියන්නේ
ජය වේවා!