~”Korra සූදානම්…” තව සති 03යි!!! ඔබ සූදානම්ද???~
හෙක් හෙක් 😉 මොන මොට්ට ප්රශ්නයක් ද ඇහුවේ? ඕක ආය අහන්ටත් දෙයක්යෑ… නැද්ද? මතකයිනේ මේකේ පළමු කතාවාරය අපේ ‘වා.මු. නිලන්ත පියසිරි’ සහෝගේ උපසිරැසි රසයෙන් මත්වුණ හැටි. ඉතින් මේ වතාවෙත් අපි ඔහුට ආරාධනය කර සිටිමු, ඉදිරියේදී විකාශය වන කතා ටිකත් ඔහුගේම මනබඳින වදන් මුසුවෙන් හැඩ කරලා අරගෙන එන්ඩ කියලා! ඔන්න එහෙනම් නිලන්ත අයියටත් දැම්මා වෙට්ටුවක්! හරිනේ… 😛
Avatar: The Legend of Korra ටෙලිමාලාව ඇරඹුණේ ඊට පෙරාතුව Niklodeon නාලිකාවෙන් විකාශය වෙමින් අති මහත් ජනබැඳියාවක් ලද Avatar: The Last Airbender වෙත එක්කෙරෙන දිගුවක් ලෙසින්. (ඒකත් අපේම පුබුදු සුපුන් සහෝ මුළුමනින්ම සිංහල ගන්වා අහවර කළා ඔබට මතක ඇති! 😀 ) ඒ කියන්නේ මේක මුල්වරට නිර්මාණය කරද්දී ඔවුනගේ අරමුණ වුණේ Avatar කතාමාලාවටම ඈඳෙන අතුරු කතාවක් ලෙසින් සුළු-ටෙලිමාලාවක් ඉදිරිපත් කිරීම. එයින් ඉදිරියට යන්නට ඔවුනගේ හිතක් තිබුණේ නෑ එතකොට.
නමුත් කෝරා අවතාර් ඈන්ග් වගේම ජනප්රිය වීම සහ පොඩිහිටි වැඩිහිටි දෙපිරිසම මීට වහ වැටීම කියන හේතු නිසා Niklodeon නාලිකාවට මෙය බොහොම වටිනා රූමාලාවක් බව වැටහී ගියා. එනිසාවෙන් ඔවුන් තීරණයක් ගත්තා Brian Konietzko සහ Michael Dante DiMartino හට මෙහි තවත් කතාවාර 03ක් දක්වා ඉදිරියට ගෙනයන්නට ඉඩ සලසන්න. ඒ බව අපි ඔබට බොහොම ඉහතදී විස්තර හෙළි කළා මතක ඇති!
කෝරා දෙවැනි පොත පෙරළන්න දැන් සූදානම්! මෙය නම් කර ඇත්තේ “Book Two: Spirits” යන නමින්. පැහැදිලිවම ගියවර කතාවාරයේ අවසානය සමග මේ ප්රාණ ලෝකය ගවේෂණය කරන්නට හොඳ පසුබිමක් අවතාර් කෝරා හට උදාවුණා. ඔය ඉහතින් දැක්වෙන්නේ 02 වැනි කතාවාරය ගැන නිකුත් කර තිබෙන පෙරපටය තමා…
නමින්ම හැඟවෙන පරිදි මෙවර කතාවට පාදක වන්නේ ප්රාණ ලෝකයයි. මින් පෙරත් අපි දැක තිබෙනවා අවතාර් කෙනෙකු ප්රාණ ලෝකයට පිවිසෙන ආකාරය. ප්රාණ වේශයට අවතීර්ණ වෙලා මනසින් පමණක් අවතාර් මංපෙත දිගේ, ප්රාණ ලෝකයට පිවිසෙනවා අපි දුටුවට; මෙවර කෝරා ප්රාණ ලෝකයට යන්නේ භෞතික සිරුරින්මයි කියලයි කියැවෙන්නේ. ඒ වගේම ප්රාණ ලෝකයේදී අඳුරු ප්රාණයන් හා ගැටෙන්නටත් කෝරාට සිදුවෙන බවක් දැනගන්නට ලැබෙනවා. නමුත් මේ කිව් අඳුරු ප්රාණයන් කෙබඳු ඒවාදැයි දැනගන්නටනම් ක්රමයක් නෑ මේ අලුත් කතාවාරය විකාශය ඇරඹෙන තුරා.
මේ වසරේ සැප්තැම්බර් 13 වන සිකුරාදා දින සිට සෑම සිකුරාදාවකම කෝරා’ගේ දෙවැනි වටයේ සටන සිදුවෙනවා.
ඉතින් කතාවේ රසය සහ සිරිය ගැන අමුතුවෙන් කියා දිය යුතු නැති නිසා අපි හැමෝම අපේ නිලන්ත පියසිරි සොයුරාට ආදරයෙන් ආරාධනා කරමු මේකත් සහ ඉදිරියේදී එන 03 සහ 04 කතාවාරයනුත් හිතට දැනෙන විදිහට රසවිඳගන්නට අප වෙනුවෙන් සිංහල ගන්වන්නට කියලා. එහෙම හොඳා නේ…?!
පලි: ‘කතාවාරය’ කියන වචනය මම හොරකම් කළේ අපේ කැළුම් රණවක සහෝගෙන්. ඒ වචනය ගැන ඔහුට තුති! 🙂
3 වැනි කතාවාරය තවම විකාශය වෙනවා නිකලෝඩින් නාලිකාවේ. ඉතින් අලුත් එපියක් ආ ගමන් පුබුදු සහෝ සබ් එක දෙනවා. ඒක නිසා හැම සිකුරාදාවකින්ම පස්සේ හෝදිසියෙන් ඉන්න ලැබෙනකම්.
4 පටන් ගන්නේ 3 ඉවර වූ පසුව නිසා. ඒක බලන්න නම් තව ටිකක් ඉවසාගන ඉන්නම වෙනවා. 🙂
korrage kathawe seosan 3 wala episode 7 idala season 4 iwarawenakal nene. please ithuru tika dannako
ලැබෙයි සහෝ, ළගදිම ලැබෙයි! දැන් ඒක කෙරීගෙන යනවා. එකවර කොටස් දෙකක් නිසා ටිකක් ප්රමාද වුණොත් ඒ ගැන කමාකරලා ඉවසලා ඉමු! අනිවා දෙනවා අපේ කොල්ලෙක්! ඒක ඉර හද වගේ… 😉
ඔන්න දැන් දෙවෙනි වටය පටන් ගත්ත.
මේක දෙනවද? නැද්ද?
තර්ජනයක් එහෙම නෙමේ ඕන්.
අනේ මේකට සිංහල උපසිරසිදෙනවනම් ලොකු දෙයක්.
තවත් ඉවසන්න බැරියෝ.
thank you
9 days more!!
yes yes yes….:D 😀 😀
pasta…enakam inne……