ඉදිරි දිගහැරුම… (XXI) | Rio 2 ඉගිල්ලිලා යන්න යං…
පියාඹන්න බැරි ගිරවෙක් ගැන කතාවක් 2011 බැලුවා මතකද? අර ඒ වර්ගයෙන්ම ලෝකෙට ඉතුරු වෙලා ඉන්න එකම ගිරවා බව සත්ත්ව විද්‍යාඥයෙක් විසින් හඳුනාගැනිලා, ඉන් පස්සෙ ඔහු ළඟ ඉන්න ඒ වර්ගයේ එකම ගිරවිය සමග ගළපලා ඒ ගිරා ප්‍රභේදය සංරක්ෂණය කරන්න උත්සාහ ගත්ත කතාව. අයියෝ මතක නැති වෙන්නෙ කොහොමද? ඒක කළෙත් Ice Age Franchise සහ ‘The Croods (2013)’ කරපු Blue Sky Studios‘මනේ. කලින් කිව්වනෙ ලෝකයේ දෙවැනි සවාරිය යන්නට කෲඩ්ස්වරු ලෑස්ති වෙන එක ගැන. මේ තවත් එකක්. පෙනෙන විදිහට මේ සජීවීකරණ සිනමා නිෂ්පාදනායතනය හදන හදන එක හිට් වෙනවා.
එහෙම නොවෙන්නට ‘Rio (2011)’ ට පසුව Rio 2 හදන්න හිතාවියෑ. Rio වෙනුවෙන් හඬ දායකත්වය සැපයූ කට්ටියම ආපහු එක්වෙනු ඇතිලු මේ දෙවැන්නත් වෙනුවෙන්. ඒ අතරෙ හුරු පුරුදු Anne Hathaway/ Jamie Fox කියන නම් දෙකත් තියෙනවා. මේකේ කතාව පළමුවැන්න හා සබැඳුණු එකක් බවයි දැනගන්නට තිබෙන්නේ. පළමු වැන්නෙහි සිද්ධ වෙච්ච හරිය දන්නා අයට මේක පහසුවෙන් වැටහෙන බව නිසැකයි. මොකද ගියපාර මේ වඳවී යාමේ අවසන් කොණේ ඉන්න, ගිරා වර්ගයා රැකගන්නට සොබාදහමට බොහොම හිතැති මිනිසුන් දෙදෙනෙකු දැරූ ප්රයත්නය මල් පළ දරලා මේ පාර.
ලෝකෙටම දෙන්නෙක් විතරක් බවට පත් වෙලා තිබුණු ගණන මෙදා පාර පහක් වෙලා. 😀 අර 2න්නට ළමයි 3 දෙනෙක්ම හම්බවෙලා. පියාඹන්න බැරුව හිටපු බ්ලූ’ටත් දැන් පියාඹන්න පුළුවන්නේ. ඒක නිසා ඔහුගේ ප්‍රියාවියගේ අදහස තමන්ට උරුම සොබාවික වාස භූමියට දරුවන්ව හුරු කළ යුතු බවයි. මෙවර ඔවුන්ගේ ඉලක්කය මහා ඇමසෝන් වනය කරා යන්නටයි. නමුත් ගියවර හතුරන් මෙවරත් ඔවුන්ගේ මග හරස් කරනවා. මතකනේ අර සත්ත්ව ජාවාරම් කාරයින්ගේ නපුරු කොකටුවා…
හරි එහෙනම්; ඔන්න ඔය විදිහටයිලු කතාව ගොඩැනැගෙන්නේ. ගියපාර එක බැලුවානම්; මේ පාරත් අර කෙළ පෙරන බලු නාම්බායි, අර රැප් කරන චුට්ටි කුරුල්ලයි දෙන්න හෙමත් ඉන්නවා. මේකනම් හැබෑම විනෝදාත්මක කතාවක් බව ඔබට මතක ඇති නේ එහෙම කිව්වහම. ඉතින් දෙවැන්න ගැන තව කුමන කතාද?
තිරරචනය Carlos Saldanha, Don Rhymer දෙදෙනාගෙන්. Don Rhymer‘ගේ අවසාන තිරරචනය වන්නේ මේක. හේතුව ඔහු 2012 නොවැම්බර් 28 වෙනිදා අභාවප්‍රාප්ත වූ නිසා. කලක් පිළිකාවකින් පීඩාවිඳි ඔහු මෙම තිරපිටපත අවසන් කරමින් සිටින අතරතුරේ මිය ගියා. අධ්‍යක්ෂණය කලින් විදිහටම Carlos Saldanha. 2011 වසරේ “හොඳම නැවුම් ගීතය(Best Original Song)” වෙනුවෙන් ‘Rio (2011)’ අඩංගු වූ ‘Real in Rio’ ගීතය ඔස්කා නාමයෝජනා ලැබුවායින් පසුව තමයි මේ දෙවැන්න ගැන තීරණය කෙරුණේ.
Saldanha මෙම චිත්‍රපට බෙදා හරින 20th CenturyFox හා වසර 5ක ගිවිසුමකට එළඹ ඇති බවත් හෙළි වනවා, ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව. ඒ අතරතුරේ Blue Sky Studios සහ 20th Century Fox සැලැස්ම වෙන්නේ 2014 බ්‍රසීලයේදී ඇරඹෙන ලෝක පාපන්දු ශූරතාවයට මාස කිහිපයකට පෙර මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරන්නටයි. ගියවර $ 90m‘කින් හෙවූ මුදල වන $ 484.6m ඒ අයුරින්, මේ වර අභිබවා යන්නට හැකි වේ යැයි කියන අපේක්ෂාවත් ඔවුන්ගේ හිත් තුළ ඇති.
තිරයට එන දිනය: 2014 අප්‍රේල් 11
Machan 2 comment eka magen harida,
Api Balan ennawa film eka enakan
ela……….
Jaya wewa
maxxa uda lipi nam patta