Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 7)

ඔන්න 7. දිනපොතේ තවත් පිටුවක් මේ ගමන්ම දෙන එක හොදයි කියලා හිතුණා, නැතිනම් වෙලාවක් වෙන්නෙ නැති නිසා. තරහ නෑ කියලා හිතනවා දින කිහිපයක් ප්‍රමාද වුණාට; ඒ හේතුවත් ඉදිරියේ දවසක ඔබ අතට පත්වෙන නිසා…

මේ පිටුව තවත් එක පුදුමාකාරම පිටුවක්. මොකද මේකෙ දැක්වෙන්නේ, රූගත කිරීම් සිදුකරන චිත්‍රාගාරය ගැන විස්තර. ඔබට දැනගන්නට ලැබෙයි වැඩ පහසුවට් සහ නියමිත පරිදි කරගන්නට වගේම කාර්යක්ෂමතාවත් වෙනුවෙන් එකිනෙක කාර්යයාංශයන් වර්ග කරල බෙදලා ඒ ඒ වැඩ කටයුතු ඒ ඒ ඒවාට පවරලා තිබෙන විදිහ. නිෂ්පාදන අංශය/ කළමණාකරණ අංශය/ සැලසුම් අංශය/ කැමරා අංශය/ සහාය අධ්‍යක්ෂක අංශය/ නළු-නිළියන්ට වෙන්කොට ඇති ඉඩ කඩ/ වෙස්ගැන්වීමේ අංශය/ඇදුම්-පැළදුම් අංශය/ ආයුධ-ආභරණ අංශය/ තාක්ෂණ අංශය/ පසුතල නිර්මාණ අංශය/ සිතුවම් අංශය/ ආකෘති අංශය සහ ආදේශක යෙදවුම් යනාදිය සහ ඒවායේ කටයුතු කෙරෙන ආකාරය මෙහිදී දැනගන්නට ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි; පටිගත කිරීම් කිරීමේදී අවශ්‍ය පරිදි සැමදේම නියමිත අයුරින් ග්‍රහණය කරගන්නට හැකිවන ලෙස ආලෝකය, ශබ්දය හසුරුවන හැටි සහ රූපගත කිරීම් සදහා භාවිත කළ දැවැන්ත හරිත තිරය(Green Screen) ගැනත් දැනගන්නට ලැබෙනවා. කවුරුත් බාඅපොරොත්තු නොවන දේ තමයි එකම චරිතය ප්‍රමාණ දෙකකින් එකවර දැකීම… ඒකත් මේකෙ තියෙනවා. හේතුව මේ සදහා යොදාගත් ආදේශක නළුවන්. අවශ්‍ය සැම චරිතයකටම සරිලන පරිදි කුරු මිනිසුන් හෝ කුඩා සිරුරු සහිත උදවිය නළුවන් වෙනුවට ඇතැම් අවස්ථාවල යොදා ගැණුන නිසායි ඒ. ඒකත් හරිම අගේ ඇති; දකින්ඩ වටින දෙයක්.

එහෙනම් අදට ඇති වගේ… ආපහු හෙට දිහාට බලමු. 😛

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!