Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 6)

හනෙ හප්පේ… 6 වැනි පිටුව අරං එන්ඩ ටිකක් කල් ගියා නෙව. ටිකක් නෙවෙයි සෑහෙන කලක් ගියා. හෙට හම්බෙමු කිව්වට වෙන වැඩ හින්දා ඉඩක් ලැබුණෙ නෑ නෙව 🙁

හරි හරි ඒකෙන් කමක් නෑ දැන්! බලමු මේ පාර මොකක්ද කියන්නෙ කියලා. මේ පාර නවසීලන්තයේ තැනින් තැනට යන හැටි තමා වැඩිපුර තියෙන්නේ. රූගත කිරීම් ස්දහා තෝරාගත් ස්ථානයන් තිබෙන්නේ නවසීලන්තය පුරා විසිරිලා. ඉතින් ඒවාට යන හැටි ඒ තැන්වල තිබෙන විශේෂත්වයන්. පරිසරය සුරකින්නට ඔවුන් දරන වෑයම, විහිළුවෙන්-තහළුවෙන්ම වැඩ කෙරෙන හැටි. උයන-පිහන හැටි කන-බොන හැටි, රූගත කිරීම්වලදී නොසිතූ පරිදි මුහුණ දෙන්නට සිදු වූ හදිසි තත්ත්වයන්. ඒ විතරක් නෙමෙයි; පෙතිබමනයානා(Helicopter) යොදා ගෙන රූගත කළ යුතු ක්‍රියාකාරී රේඛාව ගැන නිර්ණයකට ආ හැටි සහ රූගත කරන හැටිත් දැකගත හැකියි. ඒ වගේම කිව යුතුයි මෙවර අඩංගු වෙන්නේ THE HOBBIT-PART 2 ‘හි රූගත කිරීම් ගැන විස්තර බව 😉

එහෙමනම් ඉඩක් තිබුණොත් තව එක කොටසක්වත් දෙන්ඩ බලන්නම් අද… කියන්ඩ බෑ හරියටම. ඒත් මේවා දුටුවහම ඔබට හිතෙන දේ අපට දැනගන්ඩ පුළුවන්නම් ඔබේ අදහස පහළින් සටහනක් දාන්ඩ කියලා ඉල්ලීමක් කරනවා මම. හිතනවා එහෙම කරයි කියලා… 😀

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!