Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 5)

මෙවර 5 වැනි පිටුවේ අරමුණ චිත්‍රාගාරය තුළ සිදුකරන මූලික රූගත කිරීම් වලින් පසුව නවසීලන්තයේ දර්ශනතල කරා යන ගමන ගැන කතා කරන්නටයි. 240ක් තරම් වන වාහන සංඛ්‍යාවක් රැගෙන දර්ශනතලයන්හි රූගත කිරීම් සාර්ථක කරගැන්මට වුවමනා සෑම දෙයක්ම සහිතව යා යුතු ගමනක් මේ. මේ සදහා සහභාගී වන මිනිස් බලකාය ගැන සිතුවත් ඔවුනගේ ආහාර, විවේකය, විනෝදය පමණක් නොවෙයි සනීපාරක්ෂක අවශ්‍යතා ගැනත් නොමද සැලකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.

මේ වගේ නිර්මාණයකදී අමතකවීම්, මගහැරීම්වලට ඉඩක් නෑ. එක් චරිතයකට යොදාගන්නා එක් රැවුලක් අමතක වුවත් එය මුළු කාලසටහනම අවුල් කර රූගත කිරීම් කඩාකප්පල් කිරීමට තරම් හේතුවක් විය හැකියි. එනිසා මේ ගමන ලෙහෙසි පහසු වගකීමක් නොවෙයි. ඒ හැරුණහම හොබිට් ගමට ඕනි කරන සතුනුත් අරගෙන යන්නෙ මේ ගමන්ම තමයි.

හොබිට් ගමට ගියාම ඒ දකින විදිහට ගම සකස් කරන්නට වසර දෙකක් තිස්සේ තවත් ශිල්පීන් පිරිසක් වෙහෙස වූ බව ඇසුවහම, මේ නිර්මාණ ත්‍රිත්ත්වය වෙනුවෙන් ඔවුන් කරන කැපකිරීම, වියදම කෙතරම්දැයි ඔබට වැටහේවි. LOTR ත්‍රිත්ත්වය රූගත කළ තැන්වලම ඒ දර්ශනතලම යොදාගෙන ඒ එකිනෙක මැදලොව දර්ශන කැමරාවට හසුකරගන්නට දරන අප්‍රමාණ වෙහෙස කෙබදුදැයි සිතේවි. LOTR හොබිට්වරයා Elijah Wood ගේ අදහස් කිහිපයකුත් මෙහි දැක්වෙනවා.

එහෙමනම් ආයෙම හෙට!මෙහෙම හොදයිනේ…

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!