ටර්මිනේටර්වරයාගේ පස්වන ආගමනයට ආර්නෝල්ඩ් සූදානම්….

මේ හමුවෙන්න යන්නේ සිනමාලෝලි ඔබ හැමෝම බලා සිටින තවත් චිත්‍රපටයක ආරංචියක් ගෙන එන්න. ඒ ටර්මිනේටර් පස්වන දිගහැරුම ගැනයි. අපි මෙසේ කීවත් තවම මේ චිත්‍රපටයට නිළ වශයෙන් නාමයක් යෝජනා වී නැහැ. කෙසේ වෙතත් මේ ඊයේ දිනයේ ලැබුන තොරතුර ආරංචි උනේ ඔස්ට්‍රේලියාව තුල පැවතී 21 වන ශතවර්ෂ මූල්‍යමය අධ්‍යාපනික සමුළුවට  සහභාගී වූ හැට පැන්න වීරයා වන ආර්නෝල්ඩ් ස්වාසර්නේගර්ගේ මුවින්මයි.  මෙහෙම තමයි මහළු වීරයා ඔහුගේ රසිකයන්ට පිළිතුරු දීලා තියෙන්නේ,

“මම ගොඩක් සතුටුයි පැරමවුන්ට් ස්ටුඩියෝස් සමාගමට මාව ටර්මිනේටර් 5 චිත්‍රපටයට ටර්මිනේටර් වශයෙන් රඟපාන්න තෝරාගත් එකට. ඒ වගේම එහි රඟපෑම් කටයුතු 2014 ජනවාරි මාසයේ ආරම්භ කිරීමටත් දැනටම සියල්ල සූදානම් කර අවසානයි. තව මම  King Conan සහ තවත් චිත්‍රපට දෙකක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා මම පොඩි ආඩම්බරයකින් වගේ ඉන්නේ මේ චිත්‍රපට වල රඟ පාන්න ලැබීම ගැන.”

දැනටමත් තහවුරු වෙලා හමාරයි මේ සුපිරි වීරයා තවත් වීරකතාවක වයසට සරිලන චරිතයකට පණ දෙන බව. ඒ Conan the Barbarian  චිත්‍රපටයේ. ඒ වගේම අපි මේ කතා කරන චිත්‍රපටයේ ආර්නෝල්ඩ් රඟ දක්වන්න යන්නේ Skynet ආයතනයට එරෙහිව නැගී හිටින්න ඉදිරිපත් වන මනුෂ්‍ය හිතවාදී T-800 ටර්මිනේටරයෙකුගේ චරිතයක්.

ඊට අමතරව කලින් තිරගත වු The Last Stand(2013) සහ තිරගත වීමට නියමිත Escape Plan චිත්‍රපටයේ දකින්න ලැබුණු සහ ලැබෙන මහළු චරිත වෙනුවට පස්වන ටර්මිනේටර් ආගමනය තුල නවීන තාක්ෂණයේ මහිමයෙන් මේ මහළු වීරයා නැවත තරුණ වියට එළඹෙනවා නිසැකයි. මොකද රොබෝ වරයෙකුට මහළු පෙනීමක් ගන්න කොහෙත්ම අවශ්‍යතාවක් නැති නිසා.  මෙවැනි තාක්ෂණික ප්‍රයෝග දැනටමත් භාවිතා කර තිබෙනවා The Hobbit: An Unexpected Journey (2013) චිත්‍රපටයේ රඟපෑ Elijah Wood සහ Ian Holm යන චරිත දෙකට. 

ඒ නිසා කිසිම අවිනිශ්චිතභාවයක් නැහැ එම විශේෂ ප්‍රයෝග 1983 කරලියට ආ ආර්නෝල්ඩ් ස්වාසනේගර් නමැති හැදී දැඩි සිරුරකින් හෙබි ටර්මිනේටර් වරයා නැවත 2014 පසු එළඹෙන දිනයක නැවත තිරයට ගෙන ඒම සඳහා.  එහෙනම් නොබෝ දිනකදී නැවත මේ ගැන තව තොරතුරු සමඟ එකතු වෙන තුරු හැමෝටම ජයෙන් ජයම පතනවා !!!

 

හසන්ත වික්‍රමරත්න (66 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 66 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

7 thoughts on “ටර්මිනේටර්වරයාගේ පස්වන ආගමනයට ආර්නෝල්ඩ් සූදානම්….

  • June 18, 2013 at 8:34 AM
    Permalink

    එළනේ ආනෝර්ඩ් අයියා..

    දිගටම අළුත් ‍මුවි කරන්න.. 😀 😀

    ස්තුතියි හසන්ත අයියා නියම ලිපිය..

  • June 17, 2013 at 6:36 PM
    Permalink

    ආයේ පට්ටනේ…
    නියමයි..එනකම් නම් ඉවසුමක් නැති වෙයි…
    නියමයි හසෝ…

  • June 17, 2013 at 6:52 AM
    Permalink

    ela ela

  • June 17, 2013 at 10:36 AM
    Permalink

    patta patta machan

  • June 16, 2013 at 2:34 PM
    Permalink

    එල එල ෆිල්ම් එක එනකම් මග බලන් ඉන්නේ. ආනොල්ඩ් ඉන්නවනම් ඉතින් සුපිරියටම තියේවි… බොහොම ස්තුතියි හසන්ත අයියා මේ වගේ hot news ගෙනාවට!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *