“කුපිත කුරුල්ලෝ” තම සටන තිරයට ගෙන ඒමට සැරසෙති…
විනෝදෙට වගේ Google වලින් Angry Birds ගහපු නැති කෙනෙක් නැතුව ඇති මම හිතන්නේ! නෙහ්? ඒ දිසිරූ ක්රීඩාව කොච්චරනම් ජනප්රිය වුණාද කිව්වොත්; මේ වෙද්දි ලෝක වාර්තාවන්ට පවා හිමිකම් කියනවා. ඒ වුණත් මේ ක්රීඩාව බිහි වුණ හැටි වැඩි දෙනෙක් දන්නැතිව ඇති.
”ෆින්ලන්ත දිසිරූ ක්රීඩා නිෂ්පාදන සමාගමක් වන Rovio Entertainment මගින් තමයි මේ ක්රීඩාව ඉස්ඉස්සෙල්ලාම නිකුත් කරන්නේ. ඒ 2009 වර්ෂයේදී, Apple සමාගමේ iOS කියන දුරකථන මෙහෙයුම් පද්ධතිය සඳහා සකස් කළ ක්රීඩාවක් ලෙසින්. මෙහි අඩංගු වෙන්නේ තමන්ගේ බිත්තර හොරා ගැනීම ගැන ඌරු රැළක් එක්ක කුපිත වුණු තටු නැති කුරුල්ලෝ වගයක් ඒ බිත්තර යළි ලබා ගැනීම සඳහා ජීවිත කැප කරමින් කරන සටනක් ගැන වන කතාවක් හා සම්බන්ධ ක්රීඩාවක්. මෙය මුලින්ම නිකුත් කළ පසුව පිටපත් මිලියන 12ක් ඉක්මවා App Store හරහා මිලට ගැනුණු බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් වෙනත් ස්පර්ශතිර-සහිත උපකරණයන්ටත් සරිලන ලෙස මෙය නිකුත් කිරීමට නිෂ්පාදකයන් කටයුතු කළා. Androids/ Symbian/ Windows Phone වැනි දුරකථන මෙහෙයුම් පද්ධතීන්ටත් සරිලන ලෙස මෙය නිර්මාණය කෙරුණා.
ඉන් පසුව ක්රීඩා පද්ධති සහ ගෘහස්ථ පරිගණකයන්ටත් ඔබින ලෙස ප්රතිනිකුතූන් සිදු කෙරුණා.මේ සියලුම ආකාරයන්ගෙන් බාගත කිරීම් බිලියන 1.7 ඉක්මවා යමින් “මේ වනවිට තිබෙන වඩාත්ම සාර්ථක මුල්-පෙළේ ක්රීඩාව” බවට පත්ව තිබෙනවා. එපමණක්ද නොවෙයි “ලොව මේතාක් අත්දුටු අති දැවැන්තම දුරකථන නියැලුම” වන්නේද මේ කිවූ Angry Birds’ම තමයි.”
මේ විස්තර කිව්වහම බලනවා ඇති අපි දැන් බයිස්කෝප් මංසලෙන් දිසිරූ ක්රීඩාවන් ගැනත් කියන්ඩ අරගෙනද? කියලා. නෑ නෑ මේ ටික කිව්වෙ මෙම යෙදවුම අත්කර ගත් ඉමහත් සාර්ථකත්වය ගැන විස්තර බිඳක් හුවා දක්වන්නටයි. කාරණේ ඒක නෙමෙයි. ඔන්න මේ තම බිත්තර හොරකම් කිරීම නිසා කේන්තියෙන් වියරු වැටිච්ච කුරුල්ලෝ රොත්ත බිත්තර බේරගන්ඩ ඌරො පස්සෙ එළවන ගමනෙ රිදී තිරයටත් ගොඩවදිනවලුනේ…
3මාන සජීවීකරණ චිත්රපටියක් බවට පත්වෙලා සිනමා තිරයටත් ඇවිදින් මේ කේන්තිකාර සටනේ වගතුග හැමෝටම කියන්ඩ ඕනි කියල මේ කුරුල්ලො දෙන වදයෙන් බේරෙන්ඩම බැරි වුණ තැන දිසිරූ ක්රීඩා නිෂ්පාදන සමාගම වන Rovio Entertainment ආයතනය ඒ කෙරෙහි අවධානය යොදවලා. මෙය ලොව වටා බෙදා හැරීමේ අයිතිය Sony Pictures විසින් දැනටමත් අත් කරගෙන හමාරයි. තිරගත වීම ආරම්භ වන්නට නියමිත දිනය ලෙස දැක්වෙන්නේ 2016 ජුලි 01. මෙය Rovio සමාගමේ පළමු 3මාන සජීවීකරණ චිත්රපට නිර්මාණ තැත ද වනවා. Despicable Me නිෂ්පාදක John Cohen සමග LucasFilm Animation‘හි Catherine Winder නිෂ්පාදන දායකත්වයෙන් සහ Iron Man නිෂ්පාදක David Maisel විධායක නිෂ්පාදනයෙන් මගපෙන්වන නිසා එතරම් කාරියක් වෙන එකක් නැතිලු මේ වැඩේ ඔවුනට. තිබෙන තොරතුරුවලට අනුව The Simpsons රචනා කණ්ඩායමේ සාමාජිකයෙක් වන Jon Vitti තමයිලු තිරපිටපත ලියන්නට බඳව ගෙන තියෙන්නේ. ඔහු ගැන කියැවෙන්නෙ, “අපේ කාලයේ විනෝදශීලීම රචකයෙක්” විදිහටයි. The Simpsons‘හි කොටස් දුසිම් ගණනක් ලියාපු කෙනෙක්ලු මෙයා. ඒ වගේම The Simpsons Movie සහ Alvin and the Chipmunks/ Alvin and the Chipmunks: The Squeakquel දෙකත් මෙයාගෙම තිරරචනාවන්ලු.
මේ චිත්රපටියට කතාවක් ගොඩනගන එක එතරම් අමාරු වෙන එකක් නෑ’යි කියන්නෙ; -දැනටමත් කතාවක් සඳහා ඇවැසි පදනම ක්රීඩාවෙන් සපයා ඇති නිසා- / -දැනටමත් ඒ හරහා විවිධාකාර විනෝදවත් චරිත හඳුන්වා දී ඇති නිසා- සහ -තුරුණු පරපුර අතර මහත් ජනප්රියත්වයක් දිනා ඇති නිසා- කියලයි දැනගන්ඩ තියෙන්නේ. ඒ මොනව වුණත් ක්රීඩාවේ තිබෙන කතාව ඒ විදිහටම මෙහි අඩංගු නොවීමේ සම්භාවිතාව බොහොම ඉහළයි. එහි ඇති මූලික තේමාව සහ කතාව පමණක් එලෙසම තබාගෙන සිනමාවෝචිතව අලුත් නිර්මාණයක් ගෙන එන්නට හැකි වනු ඇතැයි කියන එකයි බලාපොරොත්තුව.
ඉතින් ඔබ මොකෝ හිතන්නේ? මේ වගේ ක්රීඩාවන් ආශ්රිතව හදන කතා එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැහැ මෑත භාගයේ… ඒ වුණත් මේ ක්රීඩාව සෙල්ලම් කරල තියෙන අය විදිහට ඔබේ අදහස කොයි වගේද මේ ගැන? කියමුද බලන්ඩ නිකමට… 😉
niyamai na super ,thanks uda aiya for this post
cartoon series ekakuth yanawa!
දිගටම ලියන්න උදා මේවා නම් පට්ට ලිපි
maru lipiyak
එළකිරි කොල්ලා
පට්ට මචං
ela ela..game 1k wgma film 1kt fatta wei
මේකෙ පූර්ව ප්රචාරක පටයක් එහෙම තියෙනව මම දැක්ක
ඒකත් මෙතෙන්ට එක්කාසු කොලානම් මල් හතයි උදෝ 😉