HBO Max: නවතම ස්ට්‍රීමින් සර්විස් එක

HBO නැත්නම් Home Box Office කියන නම නම් ඔබට නුපුරුදු එකක් වෙන්න බෑ. පැය විසි හතරම හොලිවුඩ් සිනමාපට විකාශය කරන නාලිකා අතරින් ඉහළින්ම තියෙන නාලිකාව තමයි HBO කියන්නේ. මේ නාලිකාව Warner Bros. ලට අයත් WarnerMedia Entertainment ලා සතු ආයතනයක් විදිහටයි පවතින්නේ. ඒ වගේම HBO කියන්නේ තනි නාලිකාවක් නෙවෙයි. HBO නාලිකාව තවත් කිහිම ආකාරයකින් බෙදෙනවා. ඒවා තමයි HBO Signature, HBO Family, HBO Hitz ලෙසයි. ඊට අමතරව Cinemax කියන්නෙත් HBO නාලිකා සමූහයට අයත් නාලිකාවක්.

HBO මුලින්ම ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙන්නේ 1972 වර්ෂයේදියි. ඒ මුදල් ගෙවා නැරඹිය හැකි, නැත්තම් Pay Television නාලිකාවක් විදිහටයි. මේ වෙද්දී HBO කියන්නේ දැවැන්ත වත්කමක් හිමි නාලිකාවක්. ඒ වගේම ඔවුන් කැනඩාව, ඉන්දියාව වැනි රටවල් වලත් තමන්ගේ නාලිකා පිහිටුවා අවසන්. එමෙන්ම සැටලයිට් හා IPTV හරහා ලංකාවේ ඉඳලත් HBO නරඹන්න පුලුවන්.
HBO ලාංඡනය
අනිත් පැත්තෙන් ගත්තම HBO ලා තමන්ගෙම රූපවාහිනී කතා මාලා පවා නිෂ්පාදනය කරනවා. ඒවා අතරින් Game Of Thrones, Westworld, The Wire, True Detective කියන්නේ ලෝකෙ තියෙන ජනප්‍රියම කතා මාලා ලෙස වැජඹුණු ඒවායි. ඒ වගේම ඔවුන් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා දැඇන්ත වියදමක් දරනවා. කොටින්ම කිවුවොත් Game Of Thrones සම්පූර්ණ කතාමාලාව සඳහා ඔවුන් දරා ඇති වියදම ඩොලර් බිලියනයකටත් වඩා වැඩියි.
කොහොම හරි දැන් චිත්‍රපට ප්‍රේක්ෂකයින් රූපවාහිනියට වඩා වෙනත් දෙයක් සඳහා කෙමෙන් කෙමෙන් යොමු වෙමින් සිටිනවා. Streaming Service කියන්නේ අන්න ඒ යොමුවීම. මේ වෙද්දී Netflix, Amazon Prime Video හා Hulu යන ස්ට්‍රීමින් සර්විස් වෙත ප්‍රේක්ෂකයින් වඩා වැඩියෙන් යොමු වෙමින් සිටිනවා. ඒ වගේම මේ වෙනකොට Netflix ලංකාව තුළත් ඉතා ජනප්‍රියයි. මේ වෙද්දී අනිත් ආයතන පවා සට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් ආරම්ඹ කිරීමට ලහි ලහියේ වැඩ කමින් ඉන්නේ. Fox මිලට ගැනීමත් සමඟ Hulu ද අයත් කරගත් Waly Disney ආයතනය ඉන් සැහීමකට පත් නොවී Disney+ (ඩිස්නි ප්ල්ස්) නමින් ස්ට්‍රීමින් සර්විස් එකක් පසුගිය වසරේ ආරම්ඹ කළා. ඒ වගේම මේ වෙනකොට පෙනීගෙන යන විදිහට Disney+ ස්ට්‍රීමින් පතාක යෝධයා විදිහට සලකන Netflix එකටත් ලොකු අඹ්හියෝගයක් වෙයි වගේ. එමෙන්ම ඊට අමතරව Apple සමාගමත් Apple+ TV නමින් ප්ලැට්ෆෝර්ම් එකක් 2019 දී ඇරඹුවා. එමෙන්ම ලෝකයේ දැවැන්තම කොමික් සමාගම් අතරින් එකක් වන DC ද DC Universe ස්ට්‍රීමින් සර්විස් එක 2018 ප්‍රේක්ෂකයින් අතරට අරන් ආවා. 
මේ විදිහට බලද්දී HBO ලට තිබුණු ලොකුම අඩු පාඩුව වුණේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එකක්. ඊට පිලියමක් වශයෙන් මීට දින කිහිපයකට කලින් HBO ලා අති දැඇන්ත නවීනතම ස්ට්‍රීමින් සර්විස් එකක් ආරම්ඹ කළා. එය නමින් HBO Max. (ඕනෙ නම් ඔයාලට මෙතනින් ගිහින් HBO Max වෙත පිවිව්සෙන්න පුලුවන්.) මේ සර්විස් එක පටන් ගත්තේ මැයි 27 (2020) වෙනිදා. HBO Max තුළ අනෙකුත් HBO නාලිකා සතු සියලුම වැඩසටහන් අන්තර්ගත වෙනවා. මුලින්ම මේ ගැන ආරංචි වුණේ 2018 ඔක්තෝබර් 10 වෙනිදා WarnerMedia ඔවුන් විසින් HBO ස්ට්‍රීමින් සර්විස් එකක් පටන් ගන්න බවට දනුම් දුන්නට පසුවයි.

HBO Max

WarnerMedia කියන විදිහට පැය 10,000 ක් පමණ නැරඹිය හැකි වැඩසටහන් සමූහයක්ම ඔවුන් ආරම්ඹයේදී මැක්ස් එකට අන්තර් ගත කරලා තියෙනවා. ඒ වගේම ඒ අතර HBO Max ලා විසින්ම නිෂ්පාදනය කළ කතාමාලා, වාර්තාමය වැඩසටහන් වගේම Warner Bros. සමාගම සතු වත්කම් විදිහට ගන්න Warner Bros. Pictures, New Line Cinema, DC Entertainment, TBS, TNT, CNN, The CW, Cartoon Network ඇතුලු සමාගම් වල චිත්‍රපට, රූපවාහිනී කතාමාලා අන්තර්ගත වෙනවා. ඒ වගේම පටන් ගත්ත දවස තුළ චිත්‍රපට 2,000 කට ආසන්න සංඛ්‍යාවක් HBO Max තුළට ඇතුලත් කර තිබෙනවා. ඒ වගේම Warner Bros. සමාගමට අමතරව ගිවිසුම් ඔස්සේ අනිකුත් සමාගම් වෙන Universal, 20th Century (Fox) වගේ සමාගම්වල චිත්‍රපට හා කතාමාලාත් Max තුළින් දැකගත හැකියි. නමුත් සඳහන් වෙන විදිහට HBO Max තුළ අනෙකුත් HBO නාලිකාවල සහ ඔවුන් සතු Cinemax නාලිකාවේ Original ප්‍රෝග්‍රෑම්ස් (ඔවුන් විසින්ම නිෂ්පාදනය කළ) ඇතුලත් වී නැහැ. කොහොම හරි Cinemax ලත් කාලයක් තිස්සේ HBO ලා මඟින් නිෂ්පාදනය කළ කතා මාලා Cinemax Original ටැග් එක යටතේ අප අතරට අරන් ආවා. Banshee, Strikes Back, Warrior ඒ අතරින් හුඟක් ජනප්‍රියයි. නමුත් HBO ආයතනය විසින් නැවත Cinemax Original Series අරන් එන්නෙ නැහැ. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ HBO Max ස්ට්‍රීමින් සර්විස් එකේ කතා මාලාවට වැඩි අවදානයක් දීමට අවශ්‍යතාවය යන්නයි.
HBO Max ලාංඡනය
කොහොම හරි අපිට HBO Max ලගේම වෙබ් සිරීස් දැකගන්න පුලුවන්. මේ වෙද්දී Max Originals බැනර් එක යටතේ ප්‍රොජෙක්ට් කිහිපයකටම ඔවුන් යොමු වී අවසන්. කොහොම හරි පළමු වසර වෙනුවෙන් කතා මාලා 31 ක් සහ ඊළඟ අවුරුද්ද වෙනුවෙන් කතා මාලා 50 ක් ඔවුන් සැලසුම් කරලා. නමුත් මේවා පැතිර යන වෛරස තත්වය නිසා අඩාල වෙලා. ඒ වගේම HBO Max ඔරිජිනල් කතා මාලා විදිහට Looney Tunes කාටූන් වැඩසටහන් වගේම Justice League Dark ඇතුලු Live- Action කොමික් කතා මාලාද අනාගතයේදී දැකගන්න පුලුවන්. ඒ වගේම 2021 වසරේදී අපිට Justice League (2017) චිත්‍රපටයේ සැක් ස්නයිඩර්ගේ Snyder Cut නම් වන ඔරිජිනල් පිටපත HBO Max තුළින් නරඹීමට අවස්තාව ලැබෙනවා.
මේ වෙද්දී අලුත්ම ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එක වුණු HBO Max ඉතා ජනප්‍රිය වෙලා. කොහොම හරි Netflix, Disney+ ලට HBO Max තරඟයක් වෙනවා ෂුවර්. තවමත් මේ ප්ලැට්ෆොර්ම් එක ලංකාවට ලැබිලා නැහැ. ඒත් අනාගතයේදී අපිට මේක රසවිඳින්න පුලුවන් වේවි. එතකම් ඉවසල ඉන්නකෝ.
අද මම ඔයාලට අරගෙන ආවේ නවතම ස්ට්‍රීමින් සර්විස් එකේ පුවතක්. හැමෝම ලිපියට ආස වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට HBO Max ගැන හිතෙන දේත් පහළ comment box එකේ කොටාගෙනම යන්නකෝ. එහෙනම් මං අදට ඔබෙන් සමුගන්නවා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.
෴෴සුබ දවසක්…!෴෴
සචින්ත කල්හාර (16 Posts)


One thought on “HBO Max: නවතම ස්ට්‍රීමින් සර්විස් එක

  • June 1, 2020 at 4:40 PM
    Permalink

    ලිපියනම් මහන්සි වෙලා හොඳටම ලියලා තියෙනවා.
    දිගටම මෙහෙම අලුත් තොරතුරු ලස්සනට ලියමු.
    ජය… ✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!