Justice League හී ස්නයිඩර් පිටපත ඔබ හමුවට පැමිණීමට නියමිතයි…!

DC Extended Universe, මේ නම නම් කොමික් ප්‍රේක්ෂකයෝ නොදැන ඉන්න විදිහක් නෑ. 2008 සිට නැගී ආ මාර්වල් සිනමා විශ්වය හෙවත් MCU වලට තරඟයක් දීමට Warner Bros. ආයතනය ගෙන ආ විශ්වය තමයි DCEU කියන්නේ. මේකට පදනම දැමුවේ 2013 පැමිණි සුපර්මෑන් පාදක කොටගත් Man Of Steel චිත්‍රපටයයි. එතැන් පටන් DC කොමික් විශ්වයේ මූලිකම චරිත වූ බැට්මෑන්, ෆ්ලෑෂ්, වොන්ඩර්වුමන්, සයිබෝර්ග්, ඇක්වාමෑන් හා සුපර්මෑන් මෙන්ම සුයිසයිඩ් ස්කෝඩ් චරිතත් පාදක කරගෙන අනාගතයේ ඒමට නියමිත අති දැවැන්ත චිත්‍රපටයක් ඉලක්ක කරගෙන මේ විශ්වය ගඩොලින් ගඩොල ගොඩනැගුණා. ඊට පදනම වුණේ සිනමාවේ දැවැන්තම අධ්‍යක්ෂකවරයෙක් වුණු සැක් ස්නයිඩර් මහත්මයායි

Justice League (2017) පෝස්ටර් එක
මේ විදිහට ඔහු අතින් සිනමාපට කිහිපයක්ම නිමැවුණා. ඒ අතරින් Batman Vs Superman: Dawn Of Justice මදක් වියවුල සහගත ප්‍රතිචාර ලැඹුණු, නමුත් කැපී පෙනෙන නිර්මාණයක් වුණා. නමුත් සැක් ස්නයිඩර්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙත් ලොකුම බලාපොරොත්තුව වුණේ 2017 ප්‍රථම වරට මේ චරිත සියල්ලක්ම එක්කාසු වීමට නියමිතව තිබූ Justice League (2017) චිත්‍රපටයි. ප්‍රේක්ෂකයින් තවත් ඇද බැඳ ගනිමින් මෙහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුණා. ඒකෙන් තවත් බලාපොරොත්තු වැඩි වුණා.
නමුත් නොසිතූ අයුරින් සැක්ගේ ජීවිතය තුළ ඉතා දුක් බර සිදුවීමක් සිදු වුණා. මේ හේතුවෙන් ඔහු Justice League චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු අතර මැදදී චිත්‍රපටයෙන් ඉවත් වෙනවා. පස්සේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා Warner Bros. ලගේ තේරීම වෙන්නේ ඒ වෙද්දී බිලියනය පසු කළ Avengers (2012) සහ Avengers: Age Of Ultron අධ්‍යක්ෂණය කළ Joss Whedon නුයි.
නමුත් DC ප්‍රේක්ෂකයන්ට කෙතරම් බලාපොරොත්තු මතත් අවසානයේ ලැබුණේ කොමික් චිත්‍රපටයක සිට අධ්‍යක්ෂණය දක්වා අසාර්ථක චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් අඩි තාලමක් යොදා සාර්ථක අයුරින් ගෙන ගිය විශ්වයකට සිදු වූ දැවැන්ත පහරකට සමාන දෙයක් තමයි Justice League මගින් සිද්ද වුණේ. නමුත් ප්‍රේක්ෂකයින් තුළ ස්නයිඩර් වෙත තිබුණු බලාපොරොත්තුවේ අඩුවක් නම් සිද්ද වුණේ නෑ.
ප්‍රේක්ෂකයින් එක් වෙලා #ReleaseTheSnyderCut හෑශ්ටැග් එකේ ඉදන් ඔන්ලයින් පෙත්සම් දක්වා විශාල සටනක් ගෙන ගියා. මේක නවත්වන්න හිතාගෙන Warner Bros. ස්ටුඩියෝව ස්නයිඩර් කට් ලෙස හැදින්වූ ස්නයිඩර් අධ්‍යක්ෂණය කළ පිටපත ජෝස්ගේ පිටපතට වඩා අසාර්තක බව දැනුම් දුන්නා. ඒ වගේම මේකට පිලියමක් ලෙස ස්නයිඩර්ගේ 2019 නිකුත් වීමට නියමිතව තිබුණ Justice League Sequel ප්‍රොජෙක්ට් එකත් කැන්සල් කළා. එතනින් නොනැවතී ස්නයිඩර්ගේ අනිත් DC ප්‍රොජෙක්ට් ටිකත් කැන්සල් කරලා දැම්මා. අවසානයේදී Warner Bros. ආයතනය වීරයින්ගේ තනි චිත්‍රපට නිර්මානය යොමු වුණා.
සැක් ස්නයිඩර්
නමුත් තවමත් ප්‍රේක්ෂකයින් ස්නයිඩර් කට් එක ඉල්ලලා සටනක අරන් ගියා. මේ වෙනකොට රැල්ලට ආපු ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් නිර්මාණට Warner ස්ටුඩියෝවත් බැස්සේ. ඔවුන් DC Universe ස්ට්‍රීමින් සර්විස් එක පටන් ගත්තා. ඒ වගේම ආයතන මේ වෙද්දී ඔවුන් සතු Game Of Thrones, The Wire වැනි ඉතා ජනප්‍රිය කතා ප්‍රේක්ෂකයින් වෙත ගෙන ආ HBO (Home Box Office) නාලිකා සමූහයෙනුත් WB එක වැඩක් ගන්නයි හදන්නේ. මේ වෙනකොට ඔවුන් HBO Max නමින් ස්ට්‍රීමින් සර්විස් එකක් පටන් අරන්. මේ වෙනකොට HBO Max සදහා වැඩසටහන් සමූහයක්ම නිර්මාණයට එලඹී අවසන්. (මේ අතර DC කතා මාලා කිහිපයක්ම තියෙනවා.)
පසුගිය සතියේ HBO Max තුළින් මාතෘකාවක් පටන් ගත්තා. මේක නම් DC ෆෑන්ස්ලට හොඳ මාතෘකාවක් වේවි. 2017 සිට ස්නයිඩර් කට් වෙනුවෙන් සටන් කළ ප්‍රේක්ෂකයින්ට 2021 දී ඔවුන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න HBO මේ වෙද්දී එළඹී තියෙනවා. මේ දවස්වල පැතිරී යන COVID-19 නිසා සිනමාවට මතුසම්බන්දවීමක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා HBO දැවැන්ත ප්‍රොජෙක්ට් කිහිපයක්ම නතර වෙලා. අලුත් ස්ට්‍රීමින් පැට්ෆෝර්ම් එකක් නිසා ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා ප්‍රේක්ෂකයෝ ගැනත් හිතලා HBO සමාගම මේ තීරණය අරන්.
දැනට සදහන් වෙන විදිහට නුදුරු 2021 වසරේ අපිට Justice League: Snyder Cut දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඊට සම්භන්ද පින්තූර කිහිපයක්ම මේ වෙද්දී අන්තර්ජාලයට නිකුත් වෙලා. ඒ පින්තූරවලින් හොඳටම පේනවා සැක්ගේ පිටපත කොච්චර හොඳ එකක්ද කියන එක. 
Snyder Cut සම්බන්දයෙන් සැක් ස්නයිඩර් දමා තිබූ ට්විටර් පණිවිඩය. මේ ඡායාරූපයේ සිටින්නේ ඩාර්ක්සයිඩ්. ඒ කියන්නේ අපිට Justice League තුළින් ඩාක්සයිඩ් හමුවීමටත් ඉඩ කඩ තියෙනවා.
මේ සම්බන්දව ස්නයිඩර් මේ විදිහට ප්‍රකාශයක් දුන්නා:
“මම HBO Max සහ Warner Brothers ලට ස්තූතිවන්ත වෙනවා මේ වගේ නිර්භීත තීරණයක අරන් කලාකරුවන්ට ඔවුන්ගේ හැබෑම දැක්ම ලබාගන්න ඉඩ දුන්න එකට. ඒ වගේම මම SnyderCut එක වෙනුවෙන් සටන් කරලා ඒක හැබෑවක් කරලා දුන්න හැම කෙනෙක්ටම ස්තූතිවන්ත වෙනවා.”
වසර තුනක් පුරා සමස්ත කොමික් ප්‍රේක්ෂකයින්ම බලා සිටි අරමුණ දැන් හැබෑවක් වී අවසන්. පෞද්ගලිකව මමත් ආසම නැතුව හිටිය චිත්‍රපටයක් තමයි Justice League. ඇත්තටම කිවුවොත් මං ආසාවෙන්ම බලන DCAMU චිත්‍රපටවලින් ඒ චිත්‍රපටයට ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. අනික Justice League කියන්නේ DC ලයිව් ඇක්ෂන් විශ්වය තුළ තිබුණු විශාලම ක්‍රොස්ඕවර් ඉවෙන්ට් එක. නමුත් එහෙම ක්‍රොසෝවර් එකක් දැවැන්තම විදිහට අසාර්තක වුණ එක තමයි දුක. පෞද්ගලිකව මම Marvel ලට කැමති කෙනෙක්. නමුත් මං ආසම බැට්මෑන්, සුපර්මෑන් වගේ චරිත හුඟක් තියෙන්නේ DC ළඟ. ඉතිං මං ආසම චරිත හුඟක් ඉහල අයුරින් සිනමාවට ගේන්න තිබුණු අවස්ථාව නැති කරපු එක නම් හරිම දුකක්. නමුත් ආයෙත් බලාපොරොත්තුවක් ලැබිලා තියෙන්නේ. ළඟදීම අපිට Original ම Justice League අත් දැකීම අරගන්න අවස්තාවක් ලැබිලා. ඒ වගේම අපිට ඩාර්ක්සයිඩ් පවා දැක ගැනීමට ඉඩ කඩ තියෙන බවට දැන් ස්තීර වී හමාරයි. මේකත් සුපුරුදු විදිහට DC බලාපොරොත්තුවක්ම නොවී හැබෑවක් වේවායි ප්‍රාර්ථනා කරමු.
එහෙනම් අදට මං ගියා.
෴෴සුබ දවසක්…!෴෴
සචින්ත කල්හාර (16 Posts)


2 thoughts on “Justice League හී ස්නයිඩර් පිටපත ඔබ හමුවට පැමිණීමට නියමිතයි…!

  • May 31, 2020 at 1:21 PM
    Permalink

    බොහොම ස්තුතියි ලිපියට! 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!