Drishyam දෙවන දිගහැරුමකට සියල්ල සූදානම්!

ඊයේ දිනයේ ලාලෙට්ටන්ගේ උපන්දිනයට සමගාමීව කවුරුත් පුදුම කරමින් Drishyam 2 සිනමාපටය පිළිබඳව විස්තරයක් එළියට ආවා. ජිතු සහ මෝහන්ලාල් විටින් විට මේ ගැන ඉඟි පලකළාට මෙහෙම එකපාරටම Official Announcement එකක් දෙයි කියලා කවුද හිතන්නේ ඉතින්ලාලෙට්ටාන් විසින්ම Title වීඩියෝවක් එළිදක්වපු නිසා කේරළ රසිකයෝ හැමදෙනාම හිටියේ බොහොම පුදුමයට පත්වෙලා!

ඒක පුදුමයට කාරණයක් නෙමෙයිමොකද Drishyam කියන්නේ අවුරුදු ගාණක් එකදිගට මලයාලමේ Industry Hit වුණු සිනමාපටය…

හින්දිදෙමළකන්නඩතෙළෙඟුසිංහල සහ චීන භාෂාවලට ප්රතිනිර්මාණය වෙමින් දකුණු ඉන්දියාව තුළ වැඩියෙන්ම ප්රතිනිර්මාණ ප්රමාණයකට ලක් වුණු සිනමාපටය…

ඉන්දියානු සිනමා ඉතිහාසයේ චීන ප්රතිනිර්මාණයකට ලක් වන පළමු සිනමාපටය…

සම්මාන 32කට අධික සංඛ්යාවක් දිනාගනිමින් කාලයක් ඉන්දියාව ඇතුළේ වැඩිම කතාබහට ලක් වුණු නිර්මාණය…

ඉතින් මෙහෙම සිනමාපටයක sequel එකක් එනවා කියනෙකම ඉන්දියානු සිනමාවම හොල්ලපු කාරණාවක්!

අපි දන්නවා Drishyam සිනමාපටය අවසන් වුණේ අලුත් පොලිස් පරීක්ෂකවරයෙක් ගමට පැමිණිමත් සහ වරුන්ගේ දෙමාපියන් මේ සිද්ධියෙන් ඈත් වීමත් එක්කයි. එතනින් කතාව අවසාන වුණා නම් දැන් තියෙන ලොකුම ගැටළුව තමයි Jeethu ආයෙ පාරක් මේ කතාව ගොඩ නංවන්නේ කොහොමද කියන කාරණාව! එක්කො අලුත්ම ස්ටෝරියක් රීබූට් වෙයිද නැත්නම් මේ කතාවම දිගටම ගලාගෙන යයිද කියන එක දැන් ගැටළුවක්. දිගටම කතාව අරගෙන යන්න නම්වරුන්ගේ අම්මලා ආයෙ පාරක් මේ ප්රශ්නෙට මැදිහත් වීම වගේ පොයින්ට් ගන්න පුලුවන්. නැත්නම් පළවෙනි චිත්‍රපටියෙන් හැංගුණු සුලු සුලු කාරණා ආයෙ පාරක් ඉස්මතු කරලා ගන්නවා වෙන්නත් පුලුවන්. සමහර විටමේ වෙලාවේ තිරපිටපතේ තියන්නේ අපි හීනෙන්වත් හිතන්නැති කතාවක් වෙන්නත් පුලුවන්. Jeethu වගේ මනුස්සයෙක්ට මේ කතාව දිගටම ගෙනියන්න හොඳ පොයින්ට් එකක් හොයාගන්නෙක අමාරු වැඩක් නෙමෙයි. මිනිහා කොයි ජාතියේ වැඩ්ඩෙක්ද කියලා අපි හැමෝම දන්නවනේ. 

කොහොමත් Drishyam 2 ෆිල්ම් එකෙනුත් ඔරිජිනල් කාස්ට් එකම අපිට දැකගන්න ලැබෙන විත්තිය දැනට විශ්වාසදායක ආරංචි මාර්ග සනාථ කරනවා. මොකද අධ්‍යක්ෂකවරයාම එක සම්මුඛ සාකච්ඡාවකදි කියනවා මේ සීක්වල් එකෙන් ඔහු ජෝර්ජ් කුට්ටිගේ පවුලේ කතන්දරයම නැවතත් ප්‍රේක්ෂකයාට ගෙනත් දෙන බව. එහෙනම් මීනා ප්‍රමුඛ මුල් චිත්‍රපටියේ නලු නිළි සෙට් එකම තවත් අලුත් කැරැක්ටර්ස් කීපයක් සමඟ අපිට දැකගන්න ලැබේවි.

ඒ ඉඟියත් එක්ක අපිට හිතාගන්න පුලුවන්, Drishyam 2 සිනමාපටයෙන් පළවෙනි චිත්‍රපටියට අසාධාරණයක් නොවෙන්න ඒ සිදුවීම් මාලාව අවසාන වුණ තැන ඉඳන් චිත්‍රපටිය ගොඩ නඟයි කියලා. අනිත් කාරණය තමයි Title එක. ඉදිරියට Title එක වෙනස් කරයිද නැත්ද කියලා අපි දන්නෙ නැහැ. ඒත් දැන් තියෙන නම තමයි Drishyam 2. අලුත්ම ටයිට්ල් එහෙකින් ෆිල්ම් එක එළියට දාන්නේ නැතිව ඩ්‍රිශ්‍යම් නමම පාවිච්චි කළේ, කතාන්දරය පළවෙනි ෆිල්ම් එකේ අවසානයේ ඉඳන් ගලායන නිසාද දන්නෙත් නැහැ. මොනවා වුණත් Drishyam වගේ නමක් භාවිතා කලා කියන්නේ ජීතු සතුව ලොකු වගකීමක් තියෙනවා, පළවෙනි චිත්‍රපටියෙන් උද්දාමයට පත් වුණු සිනමා රසිකයන්ගේ බලාපොරොත්තු නැති වෙන්නැති විදිහේ සීක්වල් එකක් කරන්න. ලාලෙට්ටාන්ගේ තාරකා ගුණය නිසා ඔහුව ඉස්මතු කරන්න වගේ ගිහින් වැඩේ අනාගත්තොත් චිත්‍රපටිය වගේම අධ්‍යක්ෂකවරයවත් ඉන්දීය රසිකයන්ට එපා වෙන්න පුලුවන්. මොකද, Drishyam කියද්දි සිනමා රසිකයන් බලාපොරොත්තු වෙන්නේ තවත් එක ඇක්ෂන් ෆිල්ම් එකක් නොවන නිසා! ජීතුගේ සිනමා භාවිතය ගැන කතා කරන්න තරම් ලොකු විස්තරයක් මන් දන්නැති නිසා ඒ ගැන කතා නොකර ඉන්නම්.

නමුත් මෝහන්ලාල් එක් තැනකදී මනෝරමා නිව්ස් වෙබ්අඩවියට මෙහෙම කියනවා,

“I have read the script of Drishyam 2. It is more thrilling than the prequel. After lockdown, shooting might begin”

ඩ්‍රිශ්‍යම් වගේ දැවැන්ත චිත්‍රපටියක් ගැන ලාලෙට්ටාන්ම මේ විදිහට සුබ අනාවැකි කියනවා කියන්නේ අපිටත් හොඳ වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්න පුලුවන් කියනෙකයි. හැබැයි පහුගිය අවුරුදු දෙකතුන ඇතුළේ ජීතුගෙන් අපි බලාපොරොත්තු වුණු ජාතියේ වැඩකිඩ එළියට ආවෙ නැති බව තමයි මගේ පෞද්ගලික අදහස නම්. Adhi ෆිල්ම් එකෙන් පස්සේ ජීතු පුරුදු විදිහට මල්වෙඩි පත්තු කරගෙන ආවේ නැතත් මේකෙන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට නැවතත් ලොකු කම්බැක් එකක් ගන්න පුලුවන් වෙයි. මොකද මේ වන විට රෑගතකිරීම් අඩාල වෙලා තියෙන RAM සිනමාපටයත් Jeethu-Mohanlal මාස් කලබරේෂන් එකක්. Action Thriller ශානරයට අයත් වන එම සිනමාපටයෙන් තමයි දමිළ නිළි ත්‍රිෂා, ලාලෙට්ටන් සමඟින් තමන්ගේ පළවෙනි මොලිවුඩ් ආගමනය සනිටුහන් කරන්නෙත්.

– අධ්‍යක්ෂක ජීතු සහ මෝහන්ලාල් –

පළවෙනි චිත්‍රපටියෙදි වගේම, මේකත් ප්‍රොඩියුස් කරන්න කේරළයේ හයි-බජට් ප්‍රොජක්ට් අල්ලගෙන ඉන්න දැවැන්තම Production Company එක, Ashirvad Cinemas එකතු වෙනවා. ඒ කියන්නේ වෙනදා වගේම, ආශිර්වාද සිනමාස් හි අයිතිකාරයා Antony Perumbavoorගේ කැමියෝ එකකුත් අපිට බලාගන්න පුලුවන් වෙයි. පළවෙනි සිනමාපටයේ ජනප්‍රියත්වය වගේම, ආදායම් සහ විචාරක පැසසුම් පැත්තෙන් අතිශය සාර්ථක වීම නිසා ඇන්ටනීත් ලෝබ නැතුව ලොකු හයි-බජට් එකක් මේ වෙනුවෙන් වියදම් කරනෙක ෂුවර්. මෝහන්ලාල්ගේ සිනමාපට නිෂ්පාදනය කිරීම වෙනුවෙන්ම පිහිටවපු  Ashirvad Cinemas ප්‍රඩක්ෂන් කම්පැනි එක මේ වගේ නිර්මාණයකට ලෝ-බජට් එකක් වෙන් කරන්න කවදාවත් හිතන්නෙ නැහැ. එනිසා, Production Quality පැත්තෙන් හොඳ ගුණාත්මක නිර්මාණයක් අපිට දැකගන්න ලැබේවි.

Music පැත්ත කතා කළොත්, සාමාන්‍යයෙන් ජීතුගේ ෆිල්ම්ස්වල මියුසික් පැත්ත හැන්ඩ්ල් කරන Anil Jonsonම මේ චිත්‍රපටිය වෙනුවෙනුත් වැඩ බාර ගනීවි බොහෝ දුරට. මොකද ඩ්‍රිශ්‍යම් පළවෙනි සිනමාපටයත් නිර්මාණය වුණෙත් ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය යටතේයි. එහෙම වුණොත් අනිල්ටම ආවේණික හොද Background Score එහෙකින් මුලු කතාවම නග්ගලා ගනීවි. හැබැයි මේ ආරංචිය ඔෆීෂියල් අනවුන්ස් කරලා නැහැ. ඒත් මුල් සිනමාපටයට දායක වුණු Crew එකම දෙවෙනි සිනමාපටය නිර්මාණය කරන්නත් එකතු කරගත්තේ නැත්නම් තමයි පුදුම…

Drishyam 2 ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි මේ ආටිකල් එකෙන් මන් බලාපොරොත්තු වුනේ. මේකේ තියෙන සමහර කාරණා මගේ පෞද්ගලික අදහස්. ගැළපෙන්නේ නැති තැනක් තියෙනවා නම් හොඳම දේ තමයි තමන්ට හිතෙන දේත් කමෙන්ට් කරන එක. මොකද Drishyam චිත්‍රපටයට ආපහු සංවාදයක් ගොඩ නඟන්න මේක තමයි හොඳම වෙලාව… බොහෝ වෙලාවට 2022 මුල භාගයේදී වගේ අපිට ඩ්‍රිශ්‍යම් 2 බලාගන්න පුලුවන් වේවි! 

– Drishyam මුල් සිනමාපටය සහ එහි ප්‍රතිනිර්මාණ –

 

ඉන්දියාවම රත් කරන මලයාලමේ අලුත් වැඩක් වෙනුවෙන් මඟ බලාගෙන ඉඳිමු එහෙනම්!

Kavinu Weerakkody (17 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!