Alien | ඒලියන්

ආයුබෝවන් හැමෝටම,

වසර කීපයක නිහැඩියාවෙන් පස්සෙ තවත් ලිපියක් උස්සං ආවා ඔයාලට. මේ ලිපියත් සතුටින් බාරගනී කියලා මම හිතනවා. වැඩි බයිලා ඕන නෑ, පයිමු කෙලින්ම කතාවට.

මගේ ප්‍රියතම කතා මාලාවක් වන Alien කතා මාලාවේ මේන් විලන් ගැන තමා මම අද ඔයාලට කියන්න යන්නෙ. 1979 වසරේ පලමු Alien සිනමා පටයේ සිට අද දක්වා අපිට විවිධ ආකාරවලින් මේ ජීවියා දැකගන්න පුලුවන්.

කතාව නොබලපු අයට කතාව බලන්න ලේසි ක්‍රමය මම පහතින් දක්වන්නම්.

  • Prometheus (2012)
  • Alien:Covenant (2017)
  • Alien (1979)
  • Aliens (1986)
  • Alien 3 (1992)
  • Alien: Resurrection (1997)

මේ පිලිවෙලට කතා ටික බැලුවොත් ඔයාලට ගොඩක් දුරට කතාව පැහැදිලි වෙයි.

Alien නැතහොත් Xenomorph යන නමින් හදුන්වන මෙම ප්‍රබන්ධ සත්වයාව නිර්මාණය කලේ සුවිස්ටර්ලන්ත ජාතික H. R. Giger විසිනි. ඒ Dan O’Bannon හා Ronald Shusett විසින් රචිත Alien තිරපිටපත සදහාය. මෙයට Ridley Scott අධ්‍යක්ෂණයෙන් දායක විය.

SPOILERS AHEAD

Black Goo

Prometheus කතාව බලපු අයට මතක ඇති Dr. Shaw ඇතුලු පිරිස සොයා ගන්නා යානය ඇතුලේ සිලින්ඩරාකාර බදුන් ගබඩාකර ඇති  කුටියක්. මේ සිලින්ඩරාකාර බදුන් ඇතුලේ තමා මේ goo, black liquid එහෙමත් නැතිනම් A0-3959X.91 – 15 කියන රසායනය රඳවලා තියෙන්නෙ. මෙම රසායනය නිර්මාණය කරන්නෙ engineersලා.

ජීව ආයුධයක් හා නව ජීවින් නිර්මාණය කිරීමේ අරමුණු ඇතිව නිපදවූ මෙම රසායනිකය එහි ඇති ඉක්මන් ප්‍රතික්‍රියතා හැකියාව නිසා තමා සීල් කරන ලද සිලින්ඩරාකාර බදුන්වල දාලා ගබඩා කලේ. ඉතින් ඇයි මම මුලින්ම මේ ගැන පැහැදිලි කලේ. මොකද මේ රසායන ද්‍රාවණය තමා අපි අද කතා කරන ජීවින්ගේ මූලාරම්භයට හේතුව.

Prometheus

වර්ශ 2089 දී පුරාවිද්‍යා කැණීම් කරන එලිසබෙත් ශෝ කියන කෙනා හොයා ගන්නවා තරු සිතියමක්. මෙයාලා හිතනවා ඒ සිතියම මිනිස් වර්ගයා නිර්මාණයකරවූවන්ගේ (ඉංජිනේරුවන්ගේ) ආරාධනාවක් කියලා. ඉතින් මේ එලිසබෙත් ශෝ කියන කෙනා “Weyland” කියන ආයතනයේ උදව් ඇතිව මෙම තරු සිතියමේ දක්වලා තිබෙන තැනට ගමන් ආරම්භ කරනවා “prometheus” කියන අභ්‍යවකාශ යානයෙන්.

            කතාව බලපු අයට මතක ඇති සිලින්ඩරාකාර බදුන් ගබඩා කර ඇති කුටියෙ එම බදුන් උෂ්ණත්වයට නිරාවරණය වූ පසු එම බදුන් අසල සිටින පනුවන් දගලන දර්ශනය. ඉතින් ඒ තමා අපිට දකින්න ලැබෙන පලමු සාක්ශිය black goo ජීවින්ට ආසාධනය වෙන. අසාධනයෙන් විකුර්ති වූ පසු පනුවන්ගේ පෙනුම සර්පයන්ට සමාන පෙනුමක් ගන්නවා. මේ විකුර්තිකයව හදුන්වන්නෙ hammerpede කියලා.

දෙවෙනි ආසාධනය අපිට දකින්න ලැබෙන්නෙ Dr.shaw ගෙ පෙම්වතාගෙන්. Prometheus කතාව බලපු ඔයාලට මතකද David කියන android සිලින්ඩරාකාර බදුනක් යානයට ගෙනගොස් පරීක්ශන කරනවා. මෙහිදි පරීක්ෂණ සාම්පලයක් ලෙස David විසින් black goo නියැදියක් Dr.shawගේ පෙම්වතාට ශරීර ගත කරනවා. ශරීර ගත වීමෙන් අනතුරුව Dr.shaw හා ඇයගෙ පෙම්වතා ලිංගිකව එකතු වෙනවා. ආසාධනයේ ප්‍රතිඵලයක් ලෙස Dr.Shawගේ පෙම්වතා විකුර්ති වී ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම Dr.Shaw ගැබ්බර වෙනවා. මෙය අසාමාන්‍ය ගැබ්බර වීමක් කියලා දැනගන්න Dr.shaw ශල්‍යකර්මයක් මගින් දරුගැබ ඉවත් කරන්නවා.

නමුත් දරුව විකුරති ජීවියෙක් වෙලා.  මේ ජීවියව හදුන්වන්නෙ trilobite කියලා.  මේ සත්වයාට පරිණාමය වෙන්න ධාරකයෙක් අවශ්‍ය වෙනවා. ඒක නිසා trilobite කියන ජීවියා engineer කෙනෙක්ව ධාරකයා විදියට තෝරගන්නවා. ධාරකයා තුල වැඩෙන මීලග සත්වයා හදුන්වන්නෙ  deacon විදියට.

ඔයාලා බලනවා ඇති එකම කතාව තුල සතුන් ජාති කීපයක් මොකද කියලා. මේකට හේතුව තමා මේ black goo කියන රසායනය. මේක ජීවී සිරුරකට ඇතුලත් වූ පසු එම ජීවීයාගේ DNA සමග සම්බන්ධ වී ඉතා ඉක්මනින් පරිණාමනය වීමයි.  සාමාන්‍යයෙන් ශරීරයකට බැක්ටීරියාවක් ඇතුලත් වූ පසු ශරීරය තුලින්ම එයට ප්‍රති බැක්ටීරියාවක් නිර්මාණය කරනවා. නමුත් මෙහිදී සිදු වන්නෙ black goo, DNA තුලට සම්බන්ධ වී විකුර්ති ජීවයක් නිර්මාණය වීමයි.

Prometheus කතාව තුල alienලා දකින්න ලැබෙන්නෙ ඔපමණයි. කතාවේ අවසාන ගැලවුම්කාරයා වන Dr.Shaw හා David ඉංජිනයර්ස්ලගේ අභ්‍යවකාශ යානයක නැගී ඉංජිනියර්ස්ලගෙ මව්ග්‍රහලොව සොයා යන තැනින් තමා prometheus කතාව අවසන් වෙන්නෙ.

Alien:covenant

Prometheus සිද්ධියෙන් වසර 11කට පසුව Covenant කියන යටත්විජිතකරණය උදෙසා Origae-6 කියන ග්‍රහලොවට ගමන් කරන යානයක් සිදුවන අභ්‍යවකාශ අනතුරක් නිසා එහි හිමායනය වී සිටින කන්ඩායමෙන් කීප දෙනෙක් පියවි සිහියට පැමිනෙනවා. ඒ අතර ඔවුන්ට හදුනා නොගත් රේඩියෝ පණිවුඩයක් ලැබෙනවා. ඒ වෙත යන ඔවුන් නැවතත් black goo වෙත නිරාවරණය වෙනවා.

නිරීක්ශන කන්ඩායමේ දෙදෙනෙකුට ආසාදනය වෙලා එහි  පතිඵලයක් ලෙස අපිට neomorph කියන ජීවීන් දෙදෙනා දක්නට ලැබෙනවා. විශාල ක්‍රියාන්විතයකින් පසුව නිරීක්ෂණ කන්ඩායම සමත් වෙනවා එක් neomorph ජීවියෙක් විනාශ කරන්න. එක් ජීවියෙක් පැන ගන්නවා.

මේ අතර මේ කන්ඩායමට හමුවෙනවා prometheus කතාවේ දිවි ගලවාගත් David කියන androidව. Davidගේ මගපෙන්වීම යටතේ කට්ටිය පැරණි පන්සලකට වැනි තැනකට neomorphගෙන් බේරෙන්න යනවා.

(David කියන්නෙ දියුණු AI සහිත රොබෝවක්. ඉතින් මෙයා මනුස්ස අන නොතකා ක්‍රියා කිරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස engineersලගෙ ග්‍රහලොවේ සියලු දෙනා black goo වලට නිරාවනය කොට මරා දමා  Dr.Shawව ධාරකයෙක් ලෙස යොදා ගන්නවා පරිපූර්ණ වූ ජීවයක් නිර්මාණය කිරීමේ කටයුත්තට. මෙහිදි මෙයා black goo කියන රසායනය විවිධ අයුරින් වැඩිදියුනු කරනවා.)

ඉහත කාරනාව ගැන නොදැන Davidගේ චාටු බස් වලට රැවටෙන කන්ඩායමේ කැප්ටන්ව ධාරකයෙක් ලෙස යොදා ගන්නවා පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න. අපිට පලමු වතාවට දැක ගන්න පුලුවන් බිත්තරයකින් facehugger කෙනෙක් ධාරකයව තෝරාගෙන ශරීරය තුල කලලය තැන්පත් කොට ජීවයක් නිර්මාණයට සැරසෙනවා. ඉතින් මේ දාරකයකයගෙ පපුව පලාගෙන එන්නෙ Praetomorph කියන ජීවියා. පරීක්ශන මට්ටමේ සිටින ජීවියෙක්. (මේ Praetomorph කියන ජීවියා Xenomorph කියන ජීවියට මොහොම සමානයි.) Praetomorph හා දරුණු සටනකින් වූව පරාජය කොට ඉතිරි වන සුලු පිරිස නැවතත් covenant යානයට පැමිණෙනවා. මෙහිදීත් නොසිතූ ලෙස තවත් පුද්ගලයෙකුගෙ පපුවෙන් Praetomorph ජීවියෙක් එලියට එනවා. ඌවත් මරණ කට්ටිය නැවත හිමායන නින්දට යනවා Origae-6 නම් ග්‍රහලොව බලා.

අවසාන දර්ශනයෙන් අපිට බලා ගන්න පුලුවන් David කියන android, යානය තුලට ඔහුගේ පරීක්ෂණ නියැදි ලෙස face hugger ලා දෙදෙනෙක් රැගෙන විත් ශීතකරණයක බහාලනවා.

Alien

වර්ෂ 2122 දී පෘථිවිය බලා එන අභ්‍යවකාශ යානයකට හදුනානොගත් රේඩියෝ සංඣාවක් නිසා ගමන අතරමග නතරකොට ඒ පිලිබඳ සොයා බැලීමට අපි කවුරුත් දන්න රිප්ලි ඇතුලු පිරිස LV-426 ග්‍රහලොව වෙත යනවා.

ග්‍රහලොව වෙත ගොඩබාන පිරිසෙන් පුද්ගලයෙකු face huggerකෙනෙකුට නිරාවරණය වෙනවා. මෙයින් කලබල වෙන කට්ටිය නැවත මව් යානයට එනවා. Face hugger ප්‍රහාරයෙන් සුවවෙන ඔහු කෑම වේලකට වාඩි වී ඉන්න මොහොතක ඔහුගේ පපුව පලාගෙන xenomorph නම් ජීවියා එලියට එනවා.
විශාල සටනකින් පසුව රිප්ලි ජීවිතය බේරා ගත්තද අනෙක් සියලු සගයන් මරණය වැලද ගන්නවා. නමුත් අවසානයේ රිප්ලි xenomorph නම් ජීවියාව අභ්‍යවකාශයට තල්ලු කොට ඌව මරා දානවා.
අවසානයේ රිප්ලි හිමායනයට වැටෙනවා දක්වමින් කතාව අවසන් වෙනවා.

Aliens

රිප්ලිගෙ පලමු සිද්ධියෙන් වසර 57කට පසුව රිප්ලිව අභ්‍යවකාශයේ පාවෙමින් තිබියදි සොයා ගනු ලබනවා. පියවි සිහිය ලැබීමෙන් පසු පසුගිය සිද්ධින් පැවසුවත් කිසිවෙකු එමකතා විශ්වාස කරන්නෙ නෑ.
මේ අතර තුර වෙන සිද්ධිය නම් weyland ආයතනය විසින් LV-426 නම් ග්‍රහලොව ජනාවාස කොට තිබීමයි. රිපිලිගෙ හමුවීමත් සමගම ග්‍රහලොව හා ආයතනය සමග තිබු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටෙන අතර ඒ පිලිබඳ අධ්‍යනයට මිලිටර් කන්ඩායමක් යවන අතර එම කන්ඩායමට රිප්ලිද අකමැත්තෙන් එක් වේ.

(මේ වන විට LV-426 ග්‍රහලොවේ සියලු දෙනා xenomorph ප්‍රාහාරයට ලක් වී ඇත)

ග්‍රහලොවට ගොඩ බහින රිප්ලි ඇතුලු පිරිසට දැක ගන්න ලැබෙන්නෙ විනාශ වූ කොලනිය හා xenomorph විසින් ග්‍රහනයට ගෙන කෝශ ලෙසට හැරවූ කොලනි වාසීන් ය. ග්‍රහලොව තුල තිබු බිත්තර වලින් බිහි වූ විශාල xenomorphලා ප්‍රමානයක් සමග සටන් කරන කන්ඩායම ඉතාමත් සීමිත ප්‍රමාණයකට අඩුවේ.

විශාල සටනකින් පසුව පැන යන්න හදන මොහොතේ රිප්ලිට දැකගන්න ලැබෙන්නෙ xenomorph රැජිනක් විසින් alien බිත්තර දමන බවයි. රිප්ලි විසින් රැජින විනාස කොට අභ්‍යවකාශයේ නැගී ආවද නොසිතූ ලෙස alien රැජින එයින් බේරී අභ්‍යවකාශ යානයට නැගී ඇත. රිප්ලි හා alien queen අතර ද්වන්ධ සටනකින් රිප්ලි ජයග්‍රහනය කරන අතර නැවත වරක් පෘතුවිය බලා ගමන් අරබා හිමායන නින්දකට වැටේ.

Alien 3

Aliens කතාමාලාව අවසානයේ රිප්ලිගෙ දැනුමින් තොරව යානය තුල alien බිත්තර දෙකක් ආරක්ශිතව පෘථිවියට රැගෙන යාමට Bishop නමැති android කටයුතු කරනවා. (මෙය පෞද්ගලික මතයකි.)
නමුත් අවාසනාවකට බිත්තරයක් තුලින් face hugger එකෙක් රිප්ලි හිමායන නින්දේ සිටිද්දිම ධාරකයෙක් බවට පත් කරනවා.

නොසිතූ ලෙස යානයේ සිදුවන අනතුරක් නිසා ස්වයං ක්‍රියාකාරී life pods යානයෙන් ගැලවී පිටතට විසිවී Fiorina 161 නම් ග්‍රහලොවට වැටෙනව. එමෙන්ම යානයේ සුන්බුන්ද එම ග්‍රහලොවට වැටෙනවා. මෙහිදී අනෙක් alien බිත්තරයේ සිටින face hugger
ධාරකයෙක් ලෙස එහි සිටින සුනඛයෙක් තෝරාගෙන වැඩෙනවා. එමගින් ජනිත වන ජීවියා Dragon නමින් හදුන්වයි. සම්පූර්ණ ලෙස වැඩුණු මෙම ජීවියා සුපුරුදු පරිදි මිනිසුන් දඩයමේ යෙදේ.

මෙය දැන ගන්න රිප්ලි මිනිසුන්ගේ උදව් ඇතිව ජීවියා දඩයමේ යයි. මේ අතරතුර ජීවියා හා රිප්ලි මුහුනට මුහුණ මුන ගැසුනද රිප්ලිට කිසිදු හිරිහැරයක් නොකොට ජීවියා පිටව යයි. මෙයට හේතුව ලෙස රිප්ලි දැනගන්නවා තමන් ධාරකයෙක් වී හමාර බව.

කෙසේ නමුත් විශාල සටනකින් අනතුරුව ජීවියාව මරුතුරුලට යවන අතර රිප්ලිද තමාගේ ජීවිතය විනාශකර ගනී. ඒ තමාගේ ශරීරය තුල තිබෙන alien සත්වයා විනාශ කිරීමේ අරමුණින්.

Alien: Resurrection

රිප්ලිගෙ මරණින් වසර 200කට පසු එනම් 2379 දී විද්‍යාඤ්ඤයන් විසින් රිප්ලිගෙ ලේ සාම්පලයක් මගින් පරිපූර්ණ වූ ක්ලෝනයක් නිර්මාණය කොට ශරීරය තුල වැඩුනු xenomorph queen  ජීවග්‍රහනයෙන් අල්ලා ගෙන වැඩෙන්නට හැර උගෙන් බිත්තර ලබාගෙන තවත් එවැනි පරිපූර්ණ වූ ජීවින් ලබාගනී.

මේ අතරතුර සිදුවන අනතුරකින් මෙම සතුන් කූඩු වලින් එලියට පැන යානයේ සිටින  මිනිසුන් දඩයමේ යයි. නැවතවරක් ක්‍රියාත්මක වෙන රිප්ලි පුද්ගල කන්ඩායමක උදව් ඇතිව සියලු xenomorph ජීවින් විනාස කිරීමට පටන් ගනී. සටනේ අතරතුර රිප්ලි xenomorph ග්‍රහනයට නතු වන අතර ඇයව alien queen වෙත රැගෙන යයි. රිප්ලිට දාව වැඩුන alien queen බිත්තර දැමීම වෙනුවට කලලයක් තුලින් පැටවුන් බිහි කිරීම සිදු කරයි. දෙමුහුන්ව උපත ලබන මෙම alien තමාට උපත ලබා දුන alien queen මරා දමා රිප්ලිව මව යැයි හදුනා ගනී.

දෙමුහුන් ජීවියාගෙන් බේරි පලායන රිප්ලී බේරුණු පිරිසත් සමග අභ්‍යවකාශ යානයක නැගී පෘතුවිය වෙසට පැමිණේ. නමුත් අවාසනාවකට දෙමුහුන් alien සත්වයා මෙම යානවට ගොඩවේ. දවන්ධ සටනකින් අනතුරුව තමාගේ ජාන සහිතව ඉපදුනු දෙමුහුන් ජීවියාව මරා දමා අවසානයෙ පෘථිවියට ලගා වේ.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරිණි)

ඉතින් කතාව මෙතනින් අවසාන නෑ. Alien විශ්වය තුල තවත් සිනමාපට තියෙනවා. Predator, Alien Vs Predator වගේ.

තවත් වැදගත් කරුණ නම් මේ විශ්වයේම BladeRunner නම් කතා මාලාවත් තිබීමය. ඉතින් ඔයාලට මේ පිලිබඳ ගැටළු තියෙනව නම් පහතින් කමෙන්ට් කරන්න. ඉදිරි ලිපියෙන් මම ඔයාලට් ඒවාට පිළිතුරු අරන් එන්නම්.

මාව සම්බන්ධ කරගන්න පහත ලින්කුවෙන්. 👇

https://www.facebook.com/shereef.perera

Shereef Perera (19 Posts)

මා සමග සම්බන්ද වෙන්න


Shereef Perera

මා සමග සම්බන්ද වෙන්න

Shereef Perera has 19 posts and counting. See all posts by Shereef Perera

One thought on “Alien | ඒලියන්

  • May 12, 2020 at 8:43 PM
    Permalink

    ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!