The Forgotten Army AKA Azaadi Ke Liye (2020) පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග

The Forgotten Army-Azaadi Ke Liye කියන්නේ එතෙක් මෙතෙක් ඉන්දියානු වෙබ් කතාමාලා ඉතිහාසයේ වැඩිම කතාබහට ලක්වුණු නිර්මාණයක්. හැමදාම බලන ඇක්ෂන් ත්‍රිලර්ස් වෙනුවට හරිම කලාතුරකින් හමුවෙන WAR කැටගරියේ වැඩක්. මෙම වසරේ ජනවාරි 24වනදා, ඇමසෝන් ප්‍රයිම් සේවාව හරහා විකාශනය වීම ඇරඹුනු මේ කතාමාලාව ඔබ කාලෙකින් අත් නොවිඳිය ආකාරයේ සිනමාත්මක වෑයමක් වනවා ද නොඅනුමානයි.

එදා මෙදාතුර ඉන්දියානු වෙබ් කතාමාලාවක් වෙනුවෙන් වියදම් කළ වැඩිම පිරිවැය තුළින් නිර්මාණය වූ මේ අද්විතීය වෙබ් කතාමාලාව අද පටන් දින පහක් පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වදිනවා! නිම නොවන අරගලයක සාක්ෂිකරුවෙකු වීමට රැඳෙන්න, The Forgotten Army සමඟින්.

ඉන්දියානු කෝටි 150ක් වැනි අතිශය ඉහළ පිරිවැයකින් නිමැවුණු
බොලිවුඩයෙක් දෙයියෙක් වන්, කබීර් ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු
කතාංග පහ පුරාවටම King Khan, ශාරුක් naratte කරන
ඉන්දියාවම හොල්ලපු ප්‍රීත්ම් මියුසික් කරපු
ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ප්‍රථම සහ එකම ඉන්දියානු වෙබ්කතාමාලාව බවට පත් වූ
මෙවන් අත්දැකීමක් වෙනුවෙන් රැඳෙන්න, බයිස්කෝප් සිංහලෙන් සමඟින්….

සියලුම විස්තර ගැන හොයලා බලන්න පළවෙනි එපිසෝඩයේ උපසිරැසි ලිපිය කියවන්න.
දැනගන්න ඕනෙ සේරම එතන ඇති!

සිංහල උපසිරැසි ගැන්වූ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් පිවිස නරඹන්න.

Kavinu Weerakkody (17 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!