Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්……….
අද සඳුදා. දවස හරියටම 2013 ජූනි 03 වෙනිදා. ඒ වාගෙම අද Revolution ටෙලි කතා මාලාවෙ පළමු season එක නිමාවෙනවා. ඔයාට මතක ඇති මීට හරියටම වසරකට ආසන්න කාලයකදී, අපි හැමෝම හිටියෙ කිසියම් කුතුහලයකින්. ඒකට පුංචි හේතුවක් තිබුණා. 2012 දෙසැම්බර් 21 කුමක් වෙයිද? ලෝක විනාසය වෙයිද? නැද්ද?
ඇත්තටම ගිය අවුරුද්දෙ මේ කාලයෙ ඔය ගැටලුව බොහෝ දෙනෙකුට තිබුණා. ඒ අලලා ඉන් පෙර නිශ්පාදනය වූ චිත්‍රපට, ටෙලි කතා යළි යළිත් මාර්කට් වෙන්න පටන් ගත්තා. හැම රටකම වාගේ, ඒ දේ එහෙමම සිද්ධ වුණා. ඉතින් ඔය කාලෙ මායා වරුන්ගෙ දින දර්ශනය, එතකොට නොස්ට්රඩෑම්ස්ගෙ අනාවැකි ආශ්‍රෙයන් සෑහෙන, ආර්ථික සංස්කෘථික වාසි ලබා ගන්න හුඟක් රටවල් පෙළඹුනා. සමහර රටවල් දේශපාලන වාසිත් ලබා ගත්තා. ඉතින් ජනමාධ්‍යත් ඒ වාගෙමයි.
හැබැයි 2012 දෙසැම්බර් 21 කිසිම හාවක් හූවක් නැතිව ගෙවලා ගියා. මෙතෙක් ඒ වෙනුවෙන් කරපු හැම දෙයක්ම නිකම්ම පුස්සක් වුණා කියලා බොහෝ අය කීවා. ලෝක විනාසය වෙයි කියලාම හිතා හිටි අයත්, නෑ කියලාම කියා හිටි අයත්, දෙපැත්තට මත දෙකක හිටපු අයත්, තම තමන්ගෙ මතයන්, තමන් කැමති පරිදී වෙනස් කර ගත්තා.. තවමත් විනාශය වුණේ නැති බව හිත හිත එය ළඟදීම වන බවට පවසමින් නම්‍යශීලී වෙන්න අකමැති අය අනාගතය දෙස තවම බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා.
සරළවම කියනවා නම් පවතින කාලය තුළ නම් ලෝක විනාසෙන් තව දුරටත් වාසි ගන්න ටිකක් අමාරුයි.
හැබැයි මේ වාසිය නියම කාලෙදි තම අතට ගත්ත වාගේම තව දුරටත් මේ වාසිය රඳවා තබාගෙන බොහොම අවස්ථානූකූල ව ප්‍රයෝජන ගත්ත කෙනෙක් ඉන්නවා. ඔහු තමයි Eric Kripke . ඔහුගේ ආකල්පයකට අනුව ඔහු හා එකතු වූ Anne Cofell Saunders සහ Paul Grellong තමයි අද අපි කතා කරන්න නියමිත ක්‍රියා දාමයේ මුල් සැකසුම් කරුවන්.
ඔබ හිතනවා හරි, අපි කතා කරන්න සූදානම් වෙන්නෙ, 2012 සැප්තැම්බර් 17 වෙනිදා සිට සෑම සඳුදාවකම NBC Network හි විකාශය ආරම්භ කළ Revolution ටෙලි කතා මාලාව ගැන. මෙම කතා මාලාව, භයානක, අපරාධ, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍ය, අද්භූද , ක්‍රියාදාම කියන සියලුම වර්ගීකරණයන්ට ඇතුළත් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ වෙනකොට Revolution කතා මාලාව ගැන ලෝකය පුරා සිටින, චිත්‍රපට රසවතුන් බොහෝ දෙනෙක් දන්නවා. ඒ වාගෙම බලනවා. ඒ නිසාම එහි කතාව කියන්න කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ. හෙට වෙනකොට අපිට දැන ගන්න පුළුවන් Revolution අවසානය කොහොම එකක් වෙයිද කියලා. විදුලිය එයිද? කවුරුන් මිය යයිද? season 2 පැමිණෙයිද? ආදී වශයෙන්.
මේ වෙනකොටත්, අපේ සොයුරන් බොහෝ දෙනෙක්, මෙම නාට්‍ය යේ හෙට දවස පිළිබඳ සාර්ථක විය හැකි අනාවැකි පළ කරලා තියෙනවා. ඒවාගෙ ඇත්ත නැත්ත ඉතින් හරියටම හෙට වෙනකොට අපිට දැනගන්න පුලුවන්. රොයිලි අයියා සිංහල සබ් එක දුන්නාම . කලබල අයට අද රෑට මුලු ලෝක වාසින් සමඟම එහි අවසානය දැක ගන්න පුලුවන්.NBC හරහා.
අපි හැමෝටම පේන්න තියෙන කතාවට එහා ගිය කතාවක් මේ කතන්දරය ඇතුළෙ තියෙනවා. මෙච්චර දිග කතන්දරයක් කීවේ, ඔයාව එතෙන්ට ගෙනියන්න, මානසික පූර්වාරම්භයක් ගන්න. මං දැන් සූදානම් වෙනවා. මුලින් අනවශ්‍යයි කී කතාව යළිත් කියන්න. හැබැයි නාට්‍යයේ පිළිවෙළට නම් නෙවෙයි. කාලයේ පිළිවෙළට.
දැන් කෙනෙක්ට එක් වරම තේරුම් නොයන්න පුළුවන්. ඉන්නකො පැහැදිළි කරන්න.
මෙහෙමයි.. පසුගිය කතාංග 19 පුරාම, කතාව විවිධ කාල වලට ගමන් කළා, ඔවුනොවුන්ගේ සිත් හරහා . ඒ තමයි Black out එකට කළින්, පස්සෙ සහ දැන් ආදී විදිහට.
අපි දකින Revolution කතාංගය පටන් ගන්නෙ මැදින්. හරියටම current එක යන දවසෙදි.රේචල් තම මව සමඟ කතා කරනවා. බෙන් කලබලයෙන් නිවසට එනවා. බෙන් විදුලිය විසන්ධි වන බව රේචල්ට දැනුම් දෙනවා. මයිල්ස්ව දැනුවත් කරන්න යනවා. ඒ මොහොතෙ, විදුලිය විසන්ධි වෙනවා. ඉන්පස්සෙ අපි දකින්නෙ වසර පහළවකට පසු, සිද්ධි දාමයක්. අපි මඟහැරුණු වසර 15 දකින්නෙ, ඔවුන්ගේ සිතට නැගෙන දේවල් විදිහට. ඒ වාගේම විදුලිය විසන්ධි වීමට පෙර අතීතයත් අපි දකින්නෙත් ඔවුන්ගේ සිතිවිලි ලෙස. පැහැදිළියි නේද?
අපි මේ කතාව පුරාම අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකය විනාශයට පත්විය හැකි ක්‍රමයක් ලෙස විදුලිය විසන්ධි වීම දක්වන්න පුලුවන් යන්න. එයට හේතුව විදුලිය නැති කාලයේ ජීවත් වූ කිසිවෙක්, අද වෙන විට ජීවත්ව නොසිටීමයි. ආසියානු රට වලට වඩා යූරෝපීය රටවල් විදුලිය නැති වීම ප්‍රබල දෙයක් සේ සලකනවා. මෙහිදි විදුලිය යන්නට, සියලුම විද්යුත ක්‍රියාදාම එනම්, වියලි කෝෂ පවා අයත්. ඉතින්, එයින් මානව විනාශය ආරම්භ වෙනවා. මහා නගර වල් වදිනවා, ආණ්ඩු බිඳවැටෙනවා. කැරලි කාරයො මතුවෙනවා. හමුදා ආණ්ඩු කරන්න ගන්නවා. අරාජික තත්වයකදී, ඔය වාගේ දේවල් ඇතිවීම නම් ඇත්තටම සාමන්‍ය දේ. මෙහි පෙනෙන්න තිබෙන කතාව අපි හැමටම පෙනෙන්න ඔය ආකාරෙන් ගළපා තියෙනවා.. ඒත් මේ සිදුවීමට මුල් වූ මානසිකත්වයන් අපිට පෙනෙන්න තියෙනවාද? තිබෙනවා. හැබැයි සැඟවෙලා. අද අපි හොයා යන්නෙ ඒවා.
විදුලිය නැති වෙන්නෙ ඇයි?
විදුලිය නැති කිරීම පිළිබඳ සිද්ධාන්ථ නිර්මාණයට රැන්ඩිල් තමයි මැතිසන්ට රජයේ අනුමැතිය ලබාදීලා, දිරිගැන්වීම් කරලා සම්පත් සපයන්නෙ.රැන්ඩිල් ආරක්ෂක ලේකම්. ඔහු ඒ දේ කරන්නෙ, අනාගතයේ බලය සියතට ගැනීමේ යටි අරමුණක් විදිහට. ඒ වෙනුවෙන් ඔහු භාවිතා කරන්නෙත් මැතිසන් පවුලෙ දුර්වල කම්. හැබැයි, සිතුවාට වඩා ඉක්මනින්, රැන්ඩිල් විදුලිය ලෝකයෙන් තුරන් කරවනවා. එයට ප්‍රධානම හේතුව තම පුතාගේ මරණය යුද්ධය නිසා සිදුවීම. ඔහු පුතාගේ මරණයට වග කිව යුතු රජයෙන් පලි ගන්නෙ ඒ ආකාරයට. එමගින් යුද්ධය නැති වුණත්, ඊට වඩා දරුණු ව්‍යසනයක් වෙනවා.
මොන්රෝ ගේ ක්‍රියා කලාපයට හේතුව
බැස් මොන්රෝ යනු කුඩා කල සිටම, ඉච්ඡා භන්ගත්වයට පත් වූ කෙනෙක්. ඔහුගෙ දෙමා පියන් මැරිලා. සොයුරියන් මැරිලා. ඔහුට හිටියෙ මයිල්ස් පමණයි. නමුත්, මයිල්ස් සතු වත්කම් වලට බැස් තරුණ වියේ සිටම ඉරිසියා කළා. ඒවා ලබා ගන්න උත්සාහ කළා. මොන්රෝ සැම විටම අනිකා අවිශ්වාස කරනවා. එයට හේතුව, ඔහු සැමවිටම අනෙකාගේ විශ්වාසය බිඳ දැමූ කෙනෙක්.ඔහුගේ පුතෙක් ගැන අපට මේ වන විට ආරංචි තියෙනවා. අපි සැක කරනවා ඒ පුතා බොහෝ විට ජේසන් විය හැකි බව. එයට හේතු කිහිපයක් තියෙනවා. ප්‍රබල වෛරකරුවන්ගේ පුතෙක් සහ දුවක් ලෙස අපිට දැන් ජේසන් සහ චාලි දකින්නට හැකි වීම. මයිල්ස්ට යම් දිනෙක ජේසන් වෙත විරුද්ධ විය නොහැකි කරුණ ලෙස, ඇයගේම පෙර පෙමිවතියට දැක්වූ ආලය ඉස්මතු වීම.
නෙවිල් ගේ මනස
නෙවිල් යනු සැම විටම සැම තැනින්ම පීඩනයට පත් වූ අයෙක්. ඔහු අහිංසක මිනිසෙක් නෙවෙයි. නමුත් දුක් විඳි මිනිසෙක්. මේ සියල්ලම සමඟ ඔහු පවුල තුළ බිරිඳට නොසෑහෙන්න ආදරය කළ කෙනෙක්. ඔහු සියල්ල කරන්නෙ බිරිඳ වෙනුවෙන්. බොහෝවිට බිරිඳ මෙසේ ආරක්ෂා කරන්නේ නෙවිල්ගේ හෝ තමන්ගේ දරුවෙක් නොවන බව අපිට පෙනෙන්න තියෙනවා. ජේසන් නෙවිල් ට වඩා මානසික ක්‍රියාකාරකම් අතින් 100% ක් බැස් වෙත සමාන කම් දක්වනවා.
හරියට කතා මාලාව නැරඹුවෙකුට එය දැක ගන්න පුලුවන්. තමා ආදරය කරන දේවල් වෙනුවෙන් ඕනෑම ආකාරයක ජීවිතාවදානමක් ගැනීමේ හැකියාව ඇති එකම දෙදෙනා.. බැස් මොන්රෝ සහ ජේසන් පමණයි..
මයිල්ස් ගේ ලෝකය
මයිලස් මුල සිටම යම් තාක් දුරට සල්ලාලයෙක් බව අපිට කිව හැකිය. කෙසේ වෙතත් දැනට කරුණු යෙදී ඇති පරිදී, චාලි මයිල්ස් ගේ දියණියක් බවට සැකයක් නැත. නමුත් මයිල්ස් තම වැරදි වෙනුවෙන් පසු තැවෙන අතර, ඒවා නිවැරදි කිරීමට ක්‍රියා කරන්නට ඉදිරිපත් වන්නෙකි. බැස් සහ මයිලස් ගේ ප්‍රධාන වෙනස එයයි. බැස් මොන්රෝද වැරදි ගැන පසු තැවෙයි. නමුත්, තම අරමුණ මිස වරද නිවැරදි කිරීමට උත්සාහ නොකරයි.
මේ කතාවේ සමස්ත මනෝ භාවයන් විග්රහ කළහොත්, රාගය සහ ද්වේෂය පදනම්ව මිනිසුන් විසින් කලබලයෙන් ගන්නා තීරණ මත ලෝකය රඳාපවතින බව තමයි කියවෙන්නෙ. ඒවායෙන් කවදාවත් හොඳක් සිදු නොවන බවයි මෙවන් කතා මගින් ලොවට කියාපාන්නෙ.
සත්‍යය සහ යුක්තිය අවසානයේදී හෝ ජය ගන්නා බවද, සත්‍ය හා යුක්තිය වෙනුවෙන්, අවසානයේදී හෝ එකතු වන්නන්, අනිවාර්යයෙන්ම ජයග්‍රහණයේ හිමිකරුවන් වන මවද මෙවන් කතා මාලා මගින් ලෝකයට පෙන්වීමට ඇමරිකාව උත්සාහ කරනවා. ඔවුන් කෙතරම් යුද්ධ සමඟ බැඳුන රටක් වුවද, එම රටේ කලා කරුවන්ගේ සිහිනය යුද්ධ නැති රටක්. එය පහදා දීම සාමයෙන් කරන්නට අපහසු තැන යුද්ධයම ඔවුන් ඒ සඳහා යොදා ගනී.
මේ හැම චරිතයක් තුළම තියෙන සම සාධකය නම්, ඔවුන් සැමදෙනාටම විවේකය අවශ්‍යයි. ඔවුන්ට නැත්තේද එයයි. විවේකය ලැබෙන්නේ මරණයෙන්ම පමණයි. දැනට ප්‍රධාන චරිත 3 ක් විවේක ගන්වා තිබෙනවා. බෙන් මැතිසන්, ඩැනී මැතිසන්, සහ මැගී. ඉතින් තව කෙනෙක් නාටකය අවසානයේ විවේක ගනීද? බලා සිටිමු අපි. විදුලිය ලැබෙයිද?ලෝකය ට හානියක් වෙයිද? එහෙමත් නැති නම් දෙකම වෙයිද කියලා. කොහොම නමුත්, ගිය සතියෙ මගේ අනාවැකියෙ විදිහට ඇරොන් තමයි විදුලිය ගෙන එන්නෙ. ඒ ගැනත් සතුටුයි.
මම නම් හිතන්නෙ අපිට සීසන් දෙකට ලැහැස්ති වෙන්න වෙයි. ඉස්සරහට! ඔවුන්ගෙ මානසික ඝට්ටන ගැන ගැටලුවක් තියෙන අය ඉන්නවා නම් වැඩි දුරටත් බයිස්කෝප් මංසලෙන් ඒ ගැන විග්රහ කරමු. මීට වඩා හොඳ ටෙලි කතා මාලා අනන්තවත් ඇති. ඒත් මේකත් හොඳයි. 😀
තව දෙයක්… සුද්දො කවදාත් ටේලර් හදන්න හරි දක්ෂයි. ඒත් නාටකය බලනකොට ටේලර් එකේ වුණ දේ කණපිට වෙනවා…ටේලරේ ඇනකොන්ඩා නාටකය හැකරැල්ලා වුණා කියලා තමයි අපිට සමහර වෙලාට හිතෙන්නෙ. කොහොම වුණත් සාර්ථක ටෙලි කතාවක්. අපි බලමු ත්‍රාස ජනක අවසානයක් ද? අවසානයක ආරම්භයක්ද? හෙට අපිට දකින්න ලැබෙන්නෙ කියලා.
ගිහින් එන්නම්. රොයිලි අයියා අඟහරුවාදා රෑ වෙන්න ඉස්සර සබ් ටයිටල් එක ලබාදෙයි කියලා, අපි බලාගෙන ඉමු.
මම බයිස්කෝප් මංසල වෙනුවෙන් නෙරංජි
elaaaaa nice job bro, don’t u have any thing about season 3
Akka kiyapu ekakwath S 2 une na S 1 hodata aphu balana
ඔව් ඔව්
හි හි.. 😀
ස්තූතියි මුදිත
අනවැකි වරදින්නත් පුළුවන් හරි යන්නත් පුළුවන්
මොන පිස්සුද ඔය කියපුවගෙන් ගොඩක් ඒවා වරදින්න ඉඩ තියනවා
http://youtu.be/LpHDvJN2Zlg
Season 2 is coming 😀
superi molayak oyata tyenne.
පිස්සු හැදෙනවා. කොහොමද මෙහෙම අනාවැකි කියන්නේ. කොහොම උනත් එළම තමයි විචාරය ගැනනම් කියන්න වචන නෑ මමත් මාරම ආසාවෙන් බලපු series එකක්. ඔයාගෙ විචාරය නිසා ආපහු බලන්න හිතුනා. නියමයි අක්කේ. දිගටම ලියන්න. ජය වේවා!
නියම ලිපියක් නෙරංජි.
විමා ගුටි කන්න තමා ඔය .. 😛
එහෙම තමා කේෂාන්… අපි මේ දවස් වල සජීවීව අධ්‍යක්ෂකව සම්බන්ධ කරගෙන තොරුතුරු ගන්නෙ.. හික් හික්.. 😀
ස්තූතියි විශ්ව
ස්තූතියි.. ඔයාලාට
හෙහ් හේහේ..
හොර වැඩ 😛
supiri lipiyak man balapu pattama tv series 1 a wagema man kiyawapu supirima lipiya thanx nera
බුදු අම්මෝ අක්කේ ..මේ කතාව හරියටම කිව්වනේ අම්මෝ ..පේන කියනවා වගේ .. සුපිරි ඒකෙ හොදම ඒක මරු මරු ඊලග ඒක එනකම් දැන් ඉතින් ඉදින්කෝ .කරන්ට් ඒක නම් අවා ..දැන් ඔයා කිව්වත් වගේ දෙවැනි සීසන් එකේදී නම් ලෝක යුද්දයක් තමයි පටං ගන්නේ ,,, හැබැයි ඉතින් කරන්ට් ඒක නොතිබ්බන්ම් එකක් කියලත් හිතනවා නිකන් පාලුයි පාලුයි වගේ hehehe 😉
පට්ටම TV series 1ක්. ගොඩක් ස්තූතියි ඔයාලට මේ වගේ ඒවා අපිට දෙනවට. ඔබ සැමට ජය වේවා . . .
Pingback:Revolution [S1E20 - The Dark Tower] | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්
ස්තූතියි
මේ ලිපියෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි!!!
ඔන්න එහෙනම් රොයිලි අයියා උපසිරැසිය හා චිත්‍රපටය දෙන්න ප්‍රථම අවසන් අනාවැකි පල කිරීම
1. නෝරා මිය යාමට ඉඩ තිබේ.
2. රැන්ඩල් තවම ජීවතුන් අතරය.
3. විදුලිය ලැබෙන්නේ නම් ඒ ඇරොන්ගේ සොෆ්ට් වෙයාර් දැනුම හරහාය. අවශ්‍ය දේවල් ඔහු වට පිටින් සොයා ගනීවි.
4. ග්‍රේසන් සහ රේචල් අතර අතීත කතා බහක් ඇති වේවි. බොහෝවිට. අපිට ඒ හරහා විස්තර දැන ගන්න පුලුවන්.
5. මම විචාරයේ කී විදිහට නෙවිල් කියන්නෙ එපා කරපු එකා. එයාට දැන් බලය තියෙනවා. හමුදාවෙ. එයා කැමති වෙන එකක් නෑ.. දැන් කරන්ට් එනවාට. මොනා හරි ජිල්මාට් දායි.
6. හැබැයි, ජේසන්ගෙ උදව්ව ගන්න නම් චාලිව බේරනවා කියන පොරොන්දුව අනිවා ජේසන් ගනිවි නෙවිල්ගෙන්
7. කරන්ට් ඒවි කියලාත් හිතෙනවා. මොකද සීසන් 2 කරන්ට් තියෙන ලෝකෙක යුද්ධයක් වෙයි.
8. මොන්රෝට මක් වෙයිද? දිවි නසා ගත්තොත් නම් ලෝක මෝඩ කමක්!!
9. එතකොට රැන්ඩිල් ට ආයෙ මොනා වෙයිද? ටොම් ට එකතු වෙයි කියලා රොයිලි අයියා නම් කීවේ.. මට තව දෙයක් හිතෙනවා. දැන් කරන්ට් ආවා නම්, කරන්ට් තියෙන කාලෙ වැඩ්ඩො වුණ අය ආයෙ නැගිටියි නේ. උන් මක් කරාවිද?
10. කරන්ට් නාවොත් නෙවිල්ට එක්වෙයි. ලෝක විනාසයක් වෙන එකක් නෑ. සීසන් 2 එන්නෙපැයි. 😀
ස්තූතියි රවී
රැන්ඩිල් ජීවතුන් අතරද? එහෙම වුණොත් නම් මල කෙලියක් වෙන බව මමත් දන්නවා. මම හිතුවෙ අතන වෙඩි හුවමාරුවෙන් රැන්ඩිල් සමාදානේ සැතපුනා කියලා. හැබැයි. තාක්ෂණය පිළිබඳ අයිතිය මිස රැන්ඩිල්ට දැනුමක් නෑ. ඒක ලොකු දෙයක්. ඒ වාගේම දැන් පවතින තත්වයෙ මහ ලොකු පිරිස් බලයකුත් නෑ. මොන්රෝ එක්ක දාපු වචන හරඹ නෙවිල් එක්ක දාලා වැඩකුත් නෑ. ඒ වාගේම රොබෝ වෛරස් පරිපථ සියල්ලම පාහෙ එයාට ඇක්සස් තහනම් කරලා තියෙන්නෙ.
නෝරා මිය යයි කියලා මටත් සමහර වෙලාවට හිතෙනවා. ඒත්, සීසන් දෙක එනවා නම්, නෝරා මිය යාම පුංචි අපරාදයක්. ඒත් ඉතින් රේචල් නෝරා වගේම බෝම්බ හදන්න සහ ඊටත් වඩා වැඩි තාක්ෂණ ක්‍රියාවලියකට දක්ෂ කෙනෙක්. ඒ නිසා සමහර විට, නෝරාව විවේක ගන්වන්න අවශ්‍ය නම් ඒකට අවස්ථාව තියෙනවා.
අර කරන්ට් වගේ මොකක්ද උපකරණයකින් මිනිස්සු පුච්චන කාන්තාව මතකද? රේචල්ට මූලික සැලැස්මෙ පොත දුන්නෙ. අන්න එයත්, සමහර විට යම් පාර්ශවයකට එකතු වෙන්න පුලුවන්. එයාත් වැදගත් චරිතයක්. එක පාරින් අමතක කළාට කියලා. නිකම් හිතෙනවා.
ජේසන් සහ බැස් ඥාතීත්වය දකින්නයි මම මේ බලාගෙන ඉන්නෙ. එක තැනකදි ස්වරූපයෙන් ඒක පෙන්වලා. ටග්ගාලා නැති කළා. ජේසන්ගෙ සහ බැස්ගෙ කොණ්ඩ එකම විදිහට හැදුවෙ. මතකද? 😀 බලං ඉමු.. තව ටික වෙලාවනෙ..
elaaaazzz patta lipiya…
බලන් ගියාම නෙරංජි මේ කතාව එක්ක ජිවත් වෙලානේ. ඇත්තටම කියනවනම් මම ඔය විචාර කරන්න දක්ෂ නෑ. නොබලපු කෙනෙක්ට දෙපාරක් නොහිතා බාගන්න හිතෙන විදියට ලියලා තියෙනවා.
කොපිය එන්න කලින් ඔන්න මම හිතෙන දේ ලියනවා.
මම නම් හිතන්නේ නෝරාව කතාවෙන් අයින් කරවනවා. ඒ වගේම නෙවිල් එකතු වෙනවා රැන්ඩ්ල් එක්ක(මොන්රෝට වඩා නරක හවුලක් වෙයි මගෙ හිතේ 😛 ). විදුලිය ආපහු දුන්නට ඒකෙන් බලාපොරොත්තු නොවෙච්ච තව ව්‍යසනයක් ඇතිවෙන්න නම් හැකියාවක් තියෙනවා කියලත් මට හිතෙනවා.
තව පැය කීපයකින් බලන්න හැකි වෙයිනේ. බලමුකෝ එතකොටම නේද?
ඒ වගේ භයානක ප්‍රකාශ කරන්නෙපා සුදු අයියෙ. ඔයා නිසා තමයි ලේසියෙන් මම මෙහෙම විචාර කරන්නෙ. 😀
මට හිතෙනවා මල්ලි, හරි කියලා
කොහොම හරි මේ ඔක්කොටම මුල ආරොන් අයියා තමා !! එයා university එකේදී හොයා ගත්ත programing language එකෙන් තමා අර bio virus එක ක්‍රියාත්මක වෙන්නේ !! ( මන් වැරදි වෙන්නත් පුළුවන් ) අද අපිට අවසානය බලාගන්න පුළුවන් !!
බලන්න මාධව අයියෙ.. බයිබල් එකත් බලන්න.. ඒකත් මට නම් මාරයි
ඔයාගෙ මේ ලිපියත් මට ට්‍රේලර් එකක් වගේ. 🙂
මමත් මේ අලුතින් බාගෙන බලන්න ටීවී සීරීස් එකක් හොයන ගමන්. මෙකෙ පොඩි පොඩි කෑලි ටිකක් නම් බැලුව. සමහරවිට මේක බලන්න ඉඩ තියෙනව. 🙂
හොඳයි ලිපිය. 🙂 බලමුකො.
සිරාවටම මම නෙවෙයි මේකට සිංහල උපසිරැසි දාන්න තිබ්බේ.
මම මේ විකියා අයියා කමෙන්ට් කරනකං හිටියෙ.. අපිට ලියන්න කියලා මෙන්න එන්නෙ අන්තිමටම!!
බලමු අවසානය කොහොම වෙයිද කියලා.. නියමයි
ගොඩක් ස්තූතියි
මේ නලීන් මල්ලිද? මම අදනෙ දන්නෙ.. ස්තූතියි මල්ලි
හයියෝ… ස්තූතියි ස්තූතියි… මම තමා මෙයාලාගෙ රසාස්වාදන රෝග වාහිකාව 😀
නියම ලිපියක් අක්කේ
මම තාම මේ කතා මාලාව බැලුවෙ නෑ…. මොකද අපේ නෙරංජි බෝකරන සමහර පිස්සු අන්තිමට අපිටම නවත්තගන්න බැරිවෙන නිසා… ඒ නමුත්..මම විස්තරේ කියෙව්වාම ලොකු කුතුහලයක් ආවා බලන්න… ලිපියනං සෑහෙන වෙලා අරං මහන්සි වෙලා ලියල තියෙනවා…
දැන් අපි කතාව බලමු….
රොයිලි අයියාව නම් කේන්ති ගස්සන්නෙපා මලයෝ.. සබ් එක නොදී හිටියොත් අපි සුං 😀
ස්තූතියි දේව්!!
සමීර මල්ලි තව පෝස්ට් එකක් ලියලා.. තැන්කූ තැන්කූ
නියම ලිපියක් අක්කේ
කියවනකොට ඇඩෙනව
පට්ට පහරක්
ඔයා රෙවොලූෂන් දෑසින් නෙමේ බොක්කෙන්ම බලල තියෙන පාටයි 😉
අපේ රොයිලි ගොයියටවත් මෙහෙම හිතිල නැතිව ඇති
man hitanne katawata hoda talluwak me lipiya.
bohoma sathutui lipiya gena.hoda usas ganaye pehedili kirimak… .
බොහොම දිග විචාරයක්, ඒ වගේම රොයිලි අයියා අවසාන වෙඩි මුරය පත්තු කරන්න ඔන්න මෙන්න තියෙන මේ මොහොතේ කල අනගි වැඩක්. එයට් හේතු කීපයක් තියනව,
1. මේ දක්වා කතා මාලාව ගලාගිය ආකාරය පිලිබද හොද මතක් කිරීමක් ලෙස.
2. කතාව මේ දක්වා ආ ගමන් මග වෙනස් ඇසකින් විග්රහ කොට ඇති නිසා අපේ සිත් තුල ඇති අදහස් එය සමග ගට්ටනය වෙන්නට පටන් ගෙන තිබෙනව.
3. මේ සියල්ලට වඩා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් තමා වෙලා තියෙන්නෙ….!
කොහොමෙන් කොහොම හරි මේකත් කියන්නම ඕනෙ මේ කතා මාලව මම මුල සිටම බැලුව. මුල් කතා 2ක 3න හොදයි, නමුත් සමස්ථයක් ලෙස ගත්තම මුල් කතා 10 ඒ තරම්ම හොදයි කියන්න බැහැ. අපේ අපේක්ෂා ඒ තරම්ම සඵල කරන්න තරම් එය ප්‍රබල වුනෙ නැහැ. නමුත් නව ආරම්භයක් සමග පැමිණි කතා 9 අති විශිෂ්ටයි, 11 වෙන කතාවම මුල් සිතුවුලි දාම් උඩු යටිකුරු කරන්න සමත්කම් පෑව.
මගේ අනුමානය නම් අනිවාර්යයෙන්ම දෙවන කතා සමයක් පැමිණෙනව. Glenn Morshower ආගමනයත් ඉතාම වටිනව, 24 කතා මාලවන් බලපු උදවිය දන්නව ඔහු ජනපති ප්‍රධාන ආරක්ෂක ලෙස අතිශය පක්ෂපාතීව කර රගපෑම. මෙවන් පක්ෂපාතීත්වය පිළිබද චරිතයකට ඔහු වටිනා පුද්ගලයෙක්. ඉතින් දෙවන කතා සමයක් 2013 වසර අවසානයේ පටන් ගැණීමට ලොකු ඉඩක් තියනව. බලා ඉමු අපි නොඉව ඉස්ල්ලෙන් 20 වන කතාව කුමක් වේවිද කියා…..
😀
ස්තූතියි දැනුවත් කිරීමට
done done london 😀
අපි බලමු මොකද වෙන්නෙ කියලා නේද?
ඔව් මේ කතා මාලාවේ සීසන් 2 එනවා. දැනට තියෙන ආරoචි හැටියට ඒකෙ කොටස් 22 තියෙනව. බොහෝ විට මේ අව්රුද්දෙම සැප්තැම්බර් මාසෙ පටන් ගනී සීසන් 2 එක. ඒක නිසා අනිවා හෙට කතාවෙදිත් විදුලියනන් එන්නෙ නෑ !!!
ස්තූතියි ආසිරි සහෝ.
නියමයි නෙරංජි සහෝදරිය…
මේ ලිපියෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා…
ඔයා කිව් මේ දේවල් වලින් සමහරක් දේවල් කල්පනාවට නාවට ගොඩාක් දේවල් මේ විදියයි කියලා මටත් හිතිලා තියෙනවා…දැන් සියල්ල සම්පූර්ණයි කියල හිතෙනවා…
බොහොම ස්තුතියි ඔයාට අපිව මේ විදියට දැනුවත් කලාට…
ජය වේවා!!!!!!!
ඔව්!! මේ කතාව අපිට සීසන් 2 බලන්න පුලුවන්. දැනටමත් මයිල්ස් මැතිසන් ටුවිටරේ අප්ඩේට් කරලා
ස්තූතියි දනුක
supiri kathawaka
patta patta 😀